සෑම දිනකම, ඔස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයින් 1,000කින් එක් අයෙකු COVID-19 සඳහා ධනාත්මක බව තහවුරු වන අතර එම සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට කොවිඩ් වයිරසය ආසාදනය වූ විට කුමක් කළ යුතුද?
ඒ සම්බන්ධ ඇති ප්‍රධාන ගැටලු සඳහා පිළිතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Highlights
- PCR පරීක්ෂණ සඳහා අධික ඉල්ලුමක් ඇති හෙයින් Rapid antigen පරීක්ෂණයක් කරගන්නා ලෙසත් එහි ප්‍රතිඵල පිළිගන්නා බවත් ප්‍රාන්ත හා ටෙරිටරි නායකයෝ පසුගිය බදාදා පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟ වූහ.
- Rapid antigen පරීක්ෂණවලින් ධනාත්මක ප්‍රතිඵල ලද පුද්ගලයින් එය තහවුරු කිරීම සඳහා PCR පරීක්ෂණයක් සිදුකළ යුතුව තිබූ නිර්දේශය දැන් ඉවත් කර තිබේ.
- කොවිඩ් එන්නත ලබා ඇති බොහෝ වැඩිහිටියන්ට කැස්ස, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම වැනි වැනි මෘදු රෝග ලක්ෂණ අත්විඳිය හැකිය.
මට Flu රෝගය වැනි රෝග ලක්ෂණ තිබේ, මා කළ යුත්තේ කුමක්ද?
ඔබට නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස හෝ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇත්නම්, ඔබ එය COVID-19 යැයි උපකල්පනය කර හුදකලා විය යුතුය. ඔබට ප්‍රමාණවත් සුවයක් දැනේ නම්, ඔබට ඔබේ ප්‍රාදේශීය සායනයේදී PCR පරීක්ෂණයක් කර ගැනීමට උත්සාහ කළ හැකිය.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
පසුගිය සති කිහිපයේ සිට ඔස්ට්‍රේලියාවේ PCR පරීක්ෂණ කිරීම සඳහා දිගු පෝලිම්වල සිටීමට සිදුව ඇති බැවින් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට PCR පරීක්ෂණ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි.
PCR පරීක්ෂණ සඳහා අධික ඉල්ලුමක් ඇති හෙයින් Rapid antigen පරීක්ෂණයක් කරගන්නා ලෙසත් එහි ප්‍රතිඵල පිළිගන්නා බවත් ප්‍රාන්ත හා ටෙරිටරි නායකයෝ පසුගිය බදාදා පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟ වූහ.
ඔසුසැල්වලින් මිලදී ගත හැකි මෙම Rapid antigen පරීක්ෂණ කට්ටලයක් හරහා ඔබට නිවසේ සිටම ඉතාමත් පහසුවෙන් කොවිඩ් පරීක්ෂණයක් සිදුකරගත හැකිය.
එම පරීක්ෂණය සිදුකරන ආකාරය පිළිබඳ උපදෙස් පැකේජය තුළ ඇත.

කොවිඩ් පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණු විට කුමක් කළ යුතුද?
Rapid antigen පරීක්ෂණවලින් ධනාත්මක ප්‍රතිඵල ලද පුද්ගලයින් එය තහවුරු කිරීම සඳහා PCR පරීක්ෂණයක් සිදුකළ යුතුව තිබූ නිර්දේශය දැන් ඉවත් කර තිබේ.
Rapid antigen පරීක්ෂණයකින් ඔබට ධනාත්මක ප්‍රතිඵලයක් ලද පසුව ඔබේ පවුලේ වෛද්‍යවරයාට එම ප්‍රතිඵල පිළිබඳ දැනුම් දිය හැකිය.
වික්ටෝරියා ප්‍රාන්තවැසියන්ට නම් එම ධනාත්මක ප්‍රතිඵලය වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුය.

ධනාත්මක වීමෙන් පසුව කොපමණ කලක් නිරෝධායනය විය යුතුද?
වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, ටස්මේනියා ප්‍රාන්තවල සහ ACT වල PCR පරීක්ෂණයකින් හෝ Rapid antigen පරීක්ෂණයකින් හෝ ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක වී ඇති බව තහවුරු වුවහොත් දින 7 ක් නිරෝධායනය විය යුතුය.
නමුත් දකුණු ඔස්ට්‍රේලියවෙනම් එම කාලය දින 10 ක් වන අතර Northern Territory හි දින 14 කි.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයට ධනාත්මක රෝගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් නිදහස් කරනතෙක් නිරෝධායනය විය යුතුය.
ඔබ කොවිඩ් පරීක්ෂණය සිදුකළ දිනය නිරෝධායනය වීමේ පළමු දිනය ලෙස හැඳින්වේ.
ධනාත්මක වූ බව කා හට කිව යුතුද?
කොවිඩ් වයිරසයට ඔබ ධනාත්මක වූ පසු ඔබේ නිවැසියන්ට, පැය 4 කට වඩා ඔබ සමීපව ගැටුණු පුද්ගලයින්ට දැනුම් දිය යුතුය.
ඒ අනුව ඔවුන්ද කොවිඩ් පරීක්ෂණයක් සිදුකර අවම වශයෙන් දින 7 ක් හුදකලා විය යුතුය.
එමෙන්ම ඔබට වයිරසය ආසාදනය වී ඇති බව ඔබේ රැකියා ස්ථානයට ද දැනුම් දිය යුතුය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
අපේක්ෂා කළ හැකි රෝග ලක්ෂණ මොනවාද?
කොවිඩ් එන්නත ලබා ඇති බොහෝ වැඩිහිටියන්ට කැස්ස, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම වැනි වැනි මෘදු රෝග ලක්ෂණ අත්විඳිය හැකිය.
පැරසිටමෝල් ගැනීමෙන් ඒවා පාලනය කළ හැකි බව පවුලේ වෛද්‍යවරුන්ගේ රාජකීය ඔස්ට්‍රේලියානු වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය Karen Price පවසයි.
මධ්‍යස්ථ රෝග ලක්ෂණ ලෙස වැඩි උණ ගතිය, සිරුරේ මද දුර්වලතාවක් දැනීම, විජලනය, කරකැවිල්ල ඇති වීම ගත හැකිය.
මෙහිදී අදාළ පුද්ගලයින් වැඩි අවධානයක් යොමු කළ යුතු අතර රෝග ලක්ෂණ දෙස නොකඩවා අධීක්ෂණය කළ යුතුය.
ඔබ දරුණු රෝග ලක්ෂණ අත්විඳින්නේ නම් පමණක් ගිලන් රථයක් ඇමතීම සුදුසුය.

වැඩි විස්තර ලබාගත හැකි ස්ථාන
පවුලේ වෛද්‍යවරුන්ගේ රාජකීය ඔස්ට්‍රේලියානු වෛද්‍යය විද්‍යාලය විසින් නිවසේදී COVID-19 වැළඳුනහොත් ප්‍රවේශම් විය යුතු අන්දම පිළිබඳ පොත් පිංචක් සකස් කර ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Health Direct වෙබ් අඩවියේ එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරිවල විවිධ සම්පත් හා තොරතුරු වෙත ඔබව සමීප කරවයි.

