ජනවාරි 06 මැදියම් රැයේ සිට පැනවෙන වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් නීති මෙන්න (SBS සිංහල/ වාර්තා)

ජනවාරි 06 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන වික්ටෝරියා ප්‍රාන්තයේ නව වසංගත නියෝග යටතේ, Rapid Antigen පරීක්ෂණයකින් (RAT) ධනාත්මක බව සනාථ වන පුද්ගලයින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් විය හැකි බවට සලකනු ලැබේ.

Melbourne image

Flinders Street Railway Station at Melbourn. Source: SBS Sinhala/ Madhura Seneviratne

ඔස්ට්‍රේලියාවේ PCR පරීක්ෂණ සඳහා මේ වන විට ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් Rapid Antigen පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් සමග ඊයේ (05/01) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟ විය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ Rapid Antigen පරීක්ෂණ සම්බන්ධව නව නීති කිහිපයක් බලාත්මක කෙරේ.


Highlights

  • Rapid Antigen පරීක්ෂණයකින් ධනාත්මක බව සනාථ වන පුද්ගලයින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් විය හැකි බවට සලකනු ලැබේ.
  • ඔවුන් දින හතක් වහාම හුදකලා විය යුතු අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින්ට ද ඒ බව දැනුම් දිය යුතුය.
  • Rapid Antigen පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණු විට එම ප්‍රතිඵලය වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම අනිවාර්ය වේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට යළි හඳුන්වාදෙන කොවිඩ් නීති

Arcades සහ විනෝද උද්‍යාන, කැසිනෝ ස්ථාන ඇතුළු විනෝදාස්වාද ස්ථාන සමඟ අවන්හල්, කැෆේ, pubs සහ රාත්‍රී සමාජශාලා ඇතුළු ආගන්තුක සත්කාර ස්ථානවල වර්ග මීටර දෙකකට එක් පුද්ගලයකු සිටිය යුතු යන නීතිය ක්‍රියාත්මක වේ.

හැකි නම් Aged care මධ්‍යස්ථානයකට හෝ රෝහල් වෙත යාමට පෙර හෝ Rapid antigen පරීක්ෂණයක් සිදුකර ගැනීම තරයේ නිර්දේශ කෙරේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඔබට හැකි නම් ඔස්ට්‍රේලියානු දිනය දක්වා නිවසේ සිට රැකියා කිරීමට සහ නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට (වැඩිහිටි පුද්ගලයින් සඳහා) නිර්දේශ කෙරේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රාදේශීය නගරවල රජයේ සහ පෞද්ගලික රෝහල්වල හදිසි නොවන elective සැත්කම් තාවකාලිකව අඩු කෙරේ.

සියලුම හදිසි ශල්‍යකර්ම සහ හදිසි elective සැත්කම් නොකඩවා කරගෙන යනු ඇත.
Victoria coronavirus
Source: AAP

Rapid Antigen පරීක්ෂණ සම්බන්ධව වික්ටෝරියා ප්‍රාන්තයේ නව නීති

අද (06/01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන වික්ටෝරියා ප්‍රාන්තයේ නව වසංගත නියෝග යටතේ, Rapid Antigen පරීක්ෂණයකින් (RAT) ධනාත්මක බව සනාථ වන පුද්ගලයින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් විය හැකි බවට සලකනු ලැබේ.

ඒ අනුව ඔවුන් ද PCR පරීක්ෂණයකින් තහවුරු වූ කොවිඩ් ආසාදිතයින් හා සමානව අදාළ සෞඛ්‍ය හා නිරෝධායන නීතිවලට යටත් වේ.

Rapid Antigen පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිඵල ලැබුණු විගස ඔවුන් දින හතක් වහාම හුදකලා විය යුතු අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින්ට ද ඒ බව දැනුම් දිය යුතුය.
Rapid Antigen පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණු විට එම ප්‍රතිඵලය වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම අනිවාර්ය වේ.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ඇති online පෝරමයක් මගින් හෝ 1800 675 398 යන දුරකතන අංකයට ඇමතීමෙන් ඒ බව දැනුම් දිය හැකිය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Rapid antigen පරීක්ෂණයකින් ධනාත්මක වූ පසුව

Rapid antigen පරීක්ෂණයකින් (RAT) ධනාත්මක බවට සනාථ වී වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ දැනුම් දුන් පසු ඔවුන්ගේ රෝග ලක්ෂණ පිළිබඳව ප්‍රශ්න අසනු ලබන අතර ඔවුන්ගේ ඊළඟ පියවර, ඔවුන් කොපමණ කාලයක් හුදකලා විය යුතුද සහ ඔවුන්ට රැකවරණය සහ උපදෙස් ලබා ගත හැකි ආකාරය පිළිබඳ තීරණාත්මක තොරතුරු සෘජුවම ලබා දෙනු ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා කිරීමේදී Rapid antigen පරීක්ෂණයකින් ධනාත්මක වූ පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳව ද අනාවරණය කෙරෙනු ඇත.
RAT සැපයුම වැඩි වන තුරු, කොවිඩ් රෝග ලක්ෂණ ඇති වික්ටෝරියානුවන්ට හෝ RAT භාවිතා කිරීමට අවශ්‍ය රෝග ලක්ෂණ නොමැති අදාළ නිවසේ සිටින සමීප ආශ්‍රිතයින්ට RAT වෙත ප්‍රවේශ විය නොහැකි නම් PCR පරීක්ෂණයක් ලබා ගත හැක.
Drive Through Coronavirus Testing Clinic.
A drive-through COVID-19 PCR testing clinic Source: Getty Images AsiaPac

PCR පරීක්ෂණ කරගත හැක්කේ කා හටද?

කොවිඩ් වයිරසයට අවදානම් ස්ථානවල සහ තීරණාත්මක ශ්‍රම බලකාය උදෙසා සායනික රෝග විනිශ්චය තහවුරු කිරීම සඳහා PCR පරීක්ෂණය වැඩි වැඩියෙන් සිදුකළ හැකි බව ඉහත සංශෝධන මගින් අදහස් වේ.

Rapid antigen පරීක්ෂණ මත ධනාත්මක බව පරීක්‍ෂා කරන නමුත් රෝග ලක්ෂණ නොමැති සහ සමීප ආශ්‍රිතයින් නොමැති පුද්ගලයින් සඳහා PCR පරීක්ෂණයක් කරගැනීමට තවදුරටත් නිර්දේශ කෙරේ.

මේ අතර කොවිඩ් වයිරසයට ඉහළ අවදානම් කණ්ඩායම්වල Rapid antigen පරීක්ෂණවල නිරවද්‍යතාවය වැඩි වීම හේතුවෙන්, සමීප ආශ්‍රිතයින් හෝ කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සඳහා PCR පරීක්ෂණ කරගැනීම අධෛර්යමත් කරනු ඇත.



Share

Published

By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service