ඔස්ට්‍රේලියාවේ PCR පරීක්ෂණයකට නොයා යුතු සහ ඒ වෙනුවට RAT එකක් තෝරාගත යුතු අවස්ථා පහක් (SBS සිංහල/ වාර්තා)

Rapid antigen පරීක්ෂණයක් නිවසේදීම කරගන්නා විට ඔබට PCR පරීක්ෂණ සායනයක් වැනි ඉහළ අවදානම් සහිත ස්ථානයකට යාමට අවශ්‍ය නැත.

Registered Nurse Niamh Costello performs a Covid-19 Rapid Antigen Test at a drive-through testing facility

A rapid antigen test can sometimes be a better option than a COVID-19 PCR test Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් පරීක්‍ෂණ නීතිවල මෑතකදී සිදුකළ වෙනස්කම් හේතුවෙන් සහ ශීග්‍ර ලෙස ඉහළ යන දෛනික ආසාදිතයින් හේතුවෙන් PCR පරීක්ෂණ සඳහා ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ.

මේ හේතුවෙන්ම අනවශ්‍ය ආකාරයට PCR පරීක්ෂණ සිදුකරගැනීමට නොපැමිණෙන ලෙස මධ්‍යම රජය ප්‍රාන්ත රජයන් ඔස්ට්‍රේලියානුවාසීන්ට දන්වා තිබේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඒ වෙනුවට නිවසේදී Rapid antigen පරීක්ෂණයක් කරගන්නා ලෙස උපදෙස් දී තිබේ.

නිවසේදී Rapid antigen පරීක්ෂණයක් සිදුකර ගත හැකි ප්‍රධාන අවස්ථා 5 ක් පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

01. අධික අවදානම් ස්ථානයකට යාමට හෝ දිගු පෝලිම්වල නොසිටීමට අවශ්‍යනම්

Rapid antigen පරීක්ෂණ PCR පරීක්ෂණ තරම් නිවැරදි නොවන නමුත් ඒවා PCR පරීක්ෂණවලට වඩා පැහැදිලි වාසි කිහිපයක් ලබා දෙයි.

Rapid antigen පරීක්ෂණයක් නිවසේදීම කරගන්නා විට ඔබට PCR පරීක්ෂණ සායනයක් වැනි ඉහළ අවදානම් සහිත ස්ථානයකට යාමට අවශ්‍ය නැත.

ඔබ දිගු පෝලිම්වලද සිටිය යුතු නැත.

මෙහි පරීක්ෂණ ප්‍රතිඵල දැන ගැනීමට ඔබට දින ගණන් බලා සිටිය යුතු නැත.

Rapid antigen පරීක්ෂණයක ප්‍රතිඵල සාමාන්‍යයෙන් මිනිත්තු 20 ක් ඇතුළත ලබාගත හැකිය.

Rapid antigen පරීක්ෂණ දරුවන් සඳහා ද ආරක්ෂිතය.

නමුත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට මෙම පරීක්ෂණය සිදු කිරීමට දෙමාපියන් හෝ භාරකරුවෙකු අවශ්‍ය වේ.

02. කොවිඩ් ආසාදනය වී ඇත්දැයි ඔබ කුතුහලයෙන් සිටින්නේ නම්

කොවිඩ් ආසාදනය වී ඇත්දැයි ඔබ කුතුහලයෙන් සිටින්නේ නම් ඔබට හැකි විගස නිවසේදීම Rapid antigen පරීක්ෂණයක් කරගත හැකිය.

ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය ඔස්ට්‍රේලියාවේ භාවිතය සඳහා Rapid antigen පරීක්ෂණ කට්ටල වර්ග 15ක් අනුමත කර ඇති අතර ඇතැම් ඒවා අනෙක් ඒවාට වඩා සායනිකව සංවේදී වේ.
එක් කට්ටලයක මිල සාමාන්‍යයෙන් $10 ත් $20 ත් අතර වේ.

Rapid antigen පරීක්ෂණ කට්ටල පිළිබඳ වැඩි විස්තර සඳහා, ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියේ Rapid antigen පරීක්ෂණ වෙබ් පිටුවට පිවිසෙන්න.
Endless queues at PCR testing clinics are a common sight in many parts of Australia.
Endless queues at PCR testing clinics are a common sight in many parts of Australia. Source: AAP

03. ඔබ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවලට සංචාරය කරන්නේ නම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතර සංචාරය කරන විට ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵල වෙනුවට ඍණාත්මක Rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල පිළිගැනීමට ඇතැම් ප්‍රාන්ත ආරම්භ කර තිබේ.

ක්වීන්ස්ලන්ත සහ ටස්මේනියා ප්‍රාන්ත ඒ අතරින් ප්‍රධාන වන අතර වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියාව සහ ACT පවසා ඇත්තේ දේශීය සංචාරකයින්ට PCR පරීක්ෂණයක් හෝ කිරීමට අවශ්‍ය නොවන බවය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


04. සේවා ස්ථානවල කොවිඩ් වළක්වා ගැනීමට අවශ්‍ය නම්

බොහෝ ස්ථානවල කොවිඩ් පැතිරීම වැළක්වීම සඳහා තම කාර්යාලවල සේවය කරන සේවකයින්ට නිතිපතා කොවිඩ් පරීක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටී.

ඒ සඳහා Rapid antigen පරීක්ෂණ පහසු සහ වේගවත් පිළියමක් ලබාදේ.
මෙහිදී ඉතා ඉක්මණින් ප්‍රතිඵල ලැබෙන නිසා කොවිඩ් ආසාදනය වී ඇති සේවකයෙකුගෙන් තව සේවකයෙකුට වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාව බොහෝ දුරට වැළකෙනු ඇත.
A PCR test
Changes to the usage of rapid antigen testing may be brought in when the national cabinet meets. Source: AAP

05. ඔබ කොවිඩ් ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු නම්

නිවසේදී කොවිඩ් ආසාදිතයෙකු හා ගැටුණු විට අදාළ ආසදිතයාට අවසන් වරට නිරාවරණය වීමෙන් පසු දින හතක් නිරෝධායනය විය යුතු බවත් හයවන දින ඍණාත්මක Rapid antigen පරීක්ෂණ ප්‍රතිඵලයකට යටත්ව රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ යුතු බවත් මධ්‍යම රජය දැනුම් දී තිබේ.

Rapid antigen පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක නම්, රෝග විනිශ්චය තහවුරු කිරීම සඳහා PCR පරීක්ෂණයක් කළ යුතුය.

Share

Published

Updated

By Akash Arora, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service