අනවශ්‍ය ලෙස PCR කරගැනීමට නොපැමිණෙන ලෙස ඔස්ට්‍රේලියානුවාසීන්ට පණිවිඩයක් (SBS සිංහල/ වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ පද්ධතියට එල්ල වන පීඩනය වැඩිවීම මධ්‍යයේ කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී වැරදි සිදුවී ඇති බවද වාර්තාවේ.

Coronavirus

Cars queue as people wait to receive a COVID test at a drive through testing facility at Bondi beach Source: AAP

ඔස්ට්‍රේලියාව පුරා කොවිඩ් පරීක්ෂණ සිදු කරගැනීමට පැමිණෙන පිරිස කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් රෝහල් සහ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බවත් එනිසාම අවශ්‍යනම් පමණක් කොවිඩ් පරීක්ෂණ සිදු කරගැනීමට අදාළ රෝහල් සහ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස දැනුම් දීමට ප්‍රාන්ත රජයන්ට සිදුවී ඇති බවත් වාර්තා වේ.


Highlights

  • ඉහළ යන කොවිඩ් ආසාදන හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සැලකිය යුතු පීඩනයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
  • එනිසාම PCR පරීක්ෂණවලට මුහුණ දීම, ගිලන්රථ ඉල්ලුම් කිරීම සහ හදිසි ප්‍රතිකාර ඒකකවලට යාම වැනි අවශ්‍යතා පිළිබඳ  නැවත සලකා බලන ලෙස ප්‍රාන්ත රජයන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතර සංචාරය කරන විට PCR පරීක්ෂණ වෙනුවට Rapid antigen පරීක්ෂාව වඩාත් යෝග්‍ය බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවලට දැඩි පීඩනයක්

පසුගිය දින කිහිපයේ පටන් ඔස්ට්‍රේලියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ශීග්‍රව ඉහළ යමින් පවතියි.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 6,324 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.

ඊට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් 521 දෙනෙකු රෝහල් ගතකර තිබෙන බවද සඳහන්.


මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මීට අමතරව ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,999 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සක්‍රීය කොවිඩ් රෝගීන් 368 ක් රෝහල් ගතකර සිටින අතර, ඔවුන්ගෙන් 80 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් 38 දෙනෙකු ශ්වසන ආධාරක මත සිටින බවත් වාර්තා වේ.

මෙලෙස ඉහළ යන කොවිඩ් ආසාදන හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සැලකිය යුතු පීඩනයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

එනිසාම PCR පරීක්ෂණවලට මුහුණ දීම, ගිලන්රථ ඉල්ලුම් කිරීම සහ හදිසි ප්‍රතිකාර ඒකකවලට යාම වැනි අවශ්‍යතා පිළිබඳ  නැවත සලකා බලන ලෙස ප්‍රාන්ත රජයන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
covid
A sign shows a Covid-19 testing site as people queue outside Alfred Hospital on 22 December 2021 in Melbourne, Australia. Source: Getty Images

PCR පරීක්ෂණ සඳහා දිගු පෝලිම්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ PCR පරීක්ෂණ සඳහා අදාළ රෝහල්වල මෙන්ම කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල පැය ගණනක් දිගු පෝලිම්වල සිටීමට ජනතාවට සිදුවී ඇති බව වාර්තා වේ.

ඇතැම් විට ඇතැම් පුද්ගලයින්ට පැය 4 ක් හෝ 5 ක් පමණ ඒ සඳහා පෝලිම්වල රැදී සිටීමට සිදුවී ඇති බවට පැමිණිලි ලැබී ඇත.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල දැනගැනීමට බල සිටිය යුතු කාලය දින 3 ක් දක්වා දීර්ග වී තිබේ.
NSW සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard ට අනුව කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට අදාළ පොරොත්තු කාලය සාමාන්‍යයෙන් පැය 48 ත් 72 ත් අතර වේ.

නමුත් ඇතැම් පුද්ගලයින් ඊටත් වඩා දිගු කාලයක් බලා සිටින බව සඳහන්.

පසුගිය නත්තල් දිනයේ පමණක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ 40,000 ක් පමණ සිදුකළ බව වාර්තා වේ.

මෙලෙස විශාල පිරිසක් කොවිඩ් පරීක්ෂණ සිදුකරගැනීමට පැමිණීම නිසා ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතියට බරපතල පීඩනයක් එල්ලවී තිබේ.

එනිසාම ප්‍රාන්ත අතර සංචාරය කරන පුද්ගලයින්, අසනීප යැයි හැඟෙන පුද්ගලයින් හෝ NSW health විසින් කොවිඩ් පරීක්ෂා කිරීමට යොමු කළ පුද්ගලයින් පමණක් කොවිඩ් පරීක්ෂණ සිදුකරගැනීමට පැමිණෙන ලෙස NSW ප්‍රාන්ත අගමැති Dominic Perrotet ඉල්ලා සිටියේය.
NSW Premier Dominic Perrottet addresses media during a press conference in Sydney, Thursday, December 23, 2021.
NSW Premier Dominic Perrottet addresses media during a press conference in Sydney, Thursday, 23 December 2021. Source: AAP

Rapid antigen පරීක්ෂණ සඳහා යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතර සංචාරය කරන විට ඇතැම් ප්‍රාන්ත ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵල පෙන්විය යුතු බවට කොන්දේසි දමා තිබේ.

ඒ අනුව එවැනි සංචාරකයින් බොහෝ ප්‍රමාණයක් PCR පරීක්ෂණ සිදුකරගැනීම සඳහා රෝහල්වලට හෝ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වෙතට යාමක් දක්නට ලැබේ.
නත්තල් නිවාඩුව සඳහා ප්‍රාන්ත වැසියන්ට වෙනත් ප්‍රාන්තවලට සංචාරය කිරීමට පෙර ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵල අවශ්‍ය වීම මෙලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ කොවිඩ් පරීක්ෂණ පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වූ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසීය.

මේ තත්ත්වය යටතේ Rapid antigen පරීක්ෂාව වඩාත් යෝග්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

එනිසාම මේ පිළිබඳ ඉතා ඉක්මණින් යළි සිතාබලන ලෙස ඔහු අනෙක් ප්‍රාන්තවලට ද දැනුම් දුන්නේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


400 කට අධික පිරිසකට වැරදි PCR ප්‍රතිඵල යවයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ පද්ධතියට එල්ල වන පීඩනය වැඩිවීම මධ්‍යයේ කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී වැරදි සිදුවී ඇති බවද වාර්තාවේ.

St Vincent රෝහලේ SydPath මගින් මෙහෙයවන සිඩ්නි නුවර කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවලදී කොවිඩ් පරීක්ෂාවට මුහුණ දී වයිරසයට ධනාත්මක වූ පුද්ගලයින් 400 කට අධික පිරිසකට ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක බවට දන්වා තිබේ.
අදාළ දෝෂය අනාවරණය වූ වහාම ඉක්මන් ප්‍රතිචාර දැක්වූ බව SydPath හි වෛද්‍ය අධ්‍යක්ෂ, මහාචාර්ය Anthony Dodds පැවසීය.

අදාළ පුද්ගලයින්ට ඒ බව දැන්වූ බවත් පුද්ගල වැරද්දක් මත සිදුවුවා යයි විශ්වාස කෙරෙන මෙම අත්වැරැද්දට හේතුව හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් විසින් මේ වන විට සොයා බලමින් සිටින බවද මහාචාර්ය Anthony Dodds ප්‍රකාශ කළේය.

මෙම දෝෂය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ St Vincent’s Pathology විසින් සිදු කරන ලද අතර දෙසැම්බර් 22 සහ 23 යන දිනවල කොවිඩ් පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින්ට මෙම වැරදි කෙටි පණිවිඩය යවා තිබේ.
Angus Horton receives a COVID-19 test at the St Vincents Hospital drive-through testing clinic at Bondi Beach in Sydney, Wednesday, December 15, 2021. NSW will open up to the unvaccinated just as COVID-19 cases start to spiral, and the highly transmissibl
Source: (AAP Image/Bianca De Marchi)

නිවසේදීම කළමනාකරණය කිරීමට ක්වීන්ස්ලන්තයේ අවධානය

කොවිඩ් ආසදිතයින්ගෙන් බහුතරයක් නිවසේදීම කළමනාකරණය කිරීමට ක්වීන්ස්ලන්තයේ අවධානය යොමුවී තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී John Gerrard මේ බව දැනුම් දුන්නේය.
හුස්ම ගැනීමේ අපහසුතාවක්, පපුවේ වේදනාවක් හෝ සැලකිය යුතු තරම් අසනීපයක් දැනෙනවා නම් මිස හදිසි ප්‍රතිකාර අංශයට නොපැමිණෙන ලෙස වෛද්‍ය John Gerrard ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

"ඔබට COVID-19 ඇති නිසාම එය හදිසි ප්‍රතිකාර අංශයට යාමට හේතුවක් නොවේ." යනුවෙන්ද ඔහු අවධාරණය කළේය.

රෝහල්වල සහ හදිසි ප්‍රතිකාර අංශවල දිගු පෝලිම්, මෙන්ම පීඩනය යටතේ පවතින රෝහල් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට වැඩි අවදානමක් එක්කරන බවද ඔහු සඳහන් කළේය.
Healthcare workers administer COVID-19 tests at the St Vincent’s Hospital drive-through clinic in Sydney
Healthcare workers administer COVID-19 tests at the St Vincent’s Hospital drive-through clinic in Sydney Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතියටත් දැඩි පීඩනයක්

ශීග්‍රයෙන් පැතිර යන Omicron ප්‍රභේදය හේතුවෙන් පීඩනයට ලක්වන්නේ NSW පමණක් නොවන බව Deakin විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ සභාපති මහාචාර්ය Catherine Bennett පැවසුවාය.

වික්ටෝරියා ප්‍රාන්තයේ ද කොවිඩ් පරීක්ෂණයක් සිදුකරගැනීමට ජනතාව පැය දෙක තුන පෝලිම්වල සිටින බව ඇය ප්‍රකාශ කළාය.

ආසාදනයෙන් පසු පළමු දින තුන බොහෝ විට අවදානම් සහිත පුද්ගලයින්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වඩාත්ම වැදගත් වන අතර කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීමෙන් එය තවත් අවදානමක් නිර්මාණය කරනු ඇති බවද ඇය සඳහන් කළාය.

වෙනස් ප්‍රවේශයක්

කොවිඩ් සම්බන්ධයෙන් රජයේ තීරණ ගැනීම නම්‍යශීලී විය යුතු අතර ශීග්‍රයෙන් වෙනස් වන තත්ත්වයේ වේගයට අනුරූප විය යුතු බව සිඩ්නි විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යා මහාචාර්ය Alexandra Martiniuk පවසයි.

සෞඛ්‍ය උපදෙස් වෙනස් කිරීම පිළිබඳ පැහැදිලි සන්නිවේදනයක් අත්‍යවශ්‍ය වන අතර rapid antigen පරීක්ෂණ සඳහා සහනාධාර දීම මෙහිදී වඩා යෝග්‍ය පළමු පියවරක් බව ඇය විශ්වාස කරයි.

ඇතැම් rapid antigen පරීක්ෂණ කට්ටල මිල අධික වීම නිසා රජයේ PCR පරීක්ෂණ සඳහා ජනතාව නිරායාසයෙන්ම යොමුවන බව ද මහාචාර්ය Martiniuk පෙන්වා දෙයි.



Share

Published

Updated

By Eden Gillespie, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service