වික්ටෝරියාවේ බලශක්ති පාරිභෝගිකයින් වෙනුවෙන් දෙසැ 31 සිට බලාත්මක වන නවතම නීතිය මෙන්න (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙයින් ගෙට ගොස් සිදු කෙරෙන බලශක්ති අලෙවිය සහ දුරකතන ඇමතුම් ලබාදී සිදුකෙරෙන අලෙවිය වැනි විවිධ අලෙවි උපක්‍රම තහනම් කිරීමට පියවර ගෙන ඇත.

Energy Savings

Source: AAP

වික්ටෝරියානු රජය විදුලිය සහ ගෑස් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට නව පියවරක් ගෙන තිබේ.

විදුලිය සහ ගෑස් පාරිභෝගිකයින් වෙත එල්ලවන අධික පීඩනයක් සහිත වෙළෙඳ උපක්‍රමවලට තහනමක් ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර ඇත.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙයින් ගෙට ගොස් සිදු කෙරෙන බලශක්ති අලෙවිය සහ දුරකතන ඇමතුම් ලබාදී සිදුකෙරෙන අලෙවිය වැනි විවිධ අලෙවි උපක්‍රම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
  • මෙම තහනම 2021 දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක කෙරේ.
  • එමෙන්ම පාරිභෝගිකයන්ගේ බලශක්ති සම්බන්ධතා දැනුවත්ව හෝ නොසැලකිලිමත් ලෙස හෝ වැරදි ලෙස හෝ පාරිභෝගිකයින්ට අනතුරක් වන ආකාරයේ විසන්ධි කිරීමක් කරන සිල්ලර බලශක්ති වෙළෙන්දන් සඳහා ඩොලර් මිලියනයක නව සාපරාධී දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

විදුලිය සහ ගෑස් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට නව තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලිය සහ ගෑස් පාරිභෝගිකයින්ට එල්ල වන අධික පීඩනයක් සහිත වෙළෙඳ උපක්‍රම තහනම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.

මෙම තහනම 2021 දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක කෙරේ.


මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ගෙයින් ගෙට ගොස් සිදු කෙරෙන අලෙවිය සහ දුරකතන ඇමතුම් ලබාදී සිදුකෙරෙන අලෙවිය වැනි විවිධ අලෙවි උපක්‍රම මේ අනුව තහනම් වනු ඇත.

මෙම තහනම් කිරීම් 2021 බලශක්ති නීති සංශෝධන පනත යටතේ නීතිගත කර ඇති අතර පසුගිය සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ Solar Homes වැඩසටහන යටතේ සූර්ය කෝෂ ව්‍යාපාර සිදුකරන ගෙයින් ගෙට ගොස් අලෙවිය තහනම් කිරීම මත මෙම තහනම් කිරීම් සිදුකර ඇත.
මේ හරහා බලශක්ති සිල්ලර වෙළෙන්දන් විසින් අනවසරයෙන් ගෙයින් ගෙට ගොස් සිදුකරන අලෙවි කිරීම් සහ දුරකතන ඇමතුම් ඔස්සේ සිදු කෙරෙන අලෙවි ක්‍රියාවලින් අධික පීඩනයකට ලක්විය හැකි පාරිභෝගිකයින් ආරක්ෂා කරනු ඇත.

මෙම නීතිය මගින් ‘win back’ සහ ‘save’ offers' දීමනා ද තහනම් කර තිබේ.

එමඟින් බලශක්ති සිල්ලර වෙළෙන්දන් ඔවුන්ගේ හොඳම දීමනාව කල්තියා ලබා දීමට පෙළඹෙන අතර සියලු වික්ටෝරියානුවන් සඳහා බලශක්ති පිරිවැය අඩු කිරීමටද දිරිමත් කරනු ඇත.
An Energex transmission station in Brisbane.
Source: AAP

බලශක්ති වෙළෙන්දන් හට නව දඩ

පාරිභෝගිකයන්ගේ විදුලිය හෝ ගෑස් සම්බන්ධතා දැනුවත්ව හෝ නොසැලකිලිමත් ලෙස හෝ වැරදි ලෙස හෝ පාරිභෝගිකයින්ට අනතුරක් වන ආකාරයේ විසන්ධි කිරීමක් කරන සිල්ලර බලශක්ති වෙළෙන්දන් සඳහා ඩොලර් මිලියනයක නව සාපරාධී දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

2018 නොවැම්බර් මාසයේ වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයේ පොරොන්දුවක් ඉටු කිරීම පිණිස ප්‍රකාශයට පත් කරන ලද වත්මන් වික්ටෝරියානු කම්කරු රජයේ බලශක්ති සාධාරණ සැලැස්මට අනුව මෙම නව නීති ඉදිරිපත් කර තිබේ.
පාරිභෝගිකයින්ගේ බලශක්ති බිල්පත්වල විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ අත්‍යවශ්‍ය සේවා කොමිෂන් සභාවට නව කොමසාරිස්වරයෙකු පත් කර නඩු පැවරීම සහ බලාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අනෙකුත් ප්‍රතිසංස්කරණ ලෙස දැක්වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Energy Fairness සැලැස්ම මගින් බලශක්ති භාවිතා කරන්නන් සඳහා බලශක්ති වෙළෙඳපොළ වඩාත් පැහැදිලි සහ සාධාරණ එකක් බවට පත් කෙරේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service