සිඩ්නි St Vincent රෝහලෙන් තවත් 900 කට අධික පිරිසකට දෝෂ සහිත PCR ප්‍රතිඵල යවා ඇති බව අද (27/12) පස්වරුවේ වාර්තා විය.
ඔවුන්ගේ ප්‍රතිඵල තවමත් නිශ්චය කර නොමැති බව සඳහන්.
Highlights
- දෙසැම්බර් 23 සහ 24 යන දිනවල කොවිඩ් පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින්ට මෙම කෙටි පණිවිඩ යවා ඇත.
- අදාළ පුද්ගලයින් සියල්ලම මේ වන විට සමබ්න්ධකරගෙන මෙම වැරැද්ද පිළිබඳ දැනුම් දී ඇති බව සඳහන්.
- මීට පෙර අවස්ථාවේ දෙසැම්බර් 22 සහ 23 යන දිනවල කොවිඩ් පරීක්ෂාවට ලක් වූ 400 කට අධික පිරිසකට දෝෂ සහිත කෙටි පණිවිඩයක් අදාළ සායනය විසින් යවා තිබුණි.
සිඩ්නි St Vincent රෝහලෙන් තවත් වැරදි PCR ප්‍රතිඵල යවයි
සිඩ්නි වැසියන් 995 දෙනෙකු හට ඔවුන් සිදුකළ PCR ප්‍රතිඵල ඍණාත්මක බවට St Vincent රෝහලේ SydPath Pathology සායනය දන්වා තිබේ.
දෙසැම්බර් 23 සහ 24 යන දිනවල කොවිඩ් පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින්ට මෙම කෙටි පණිවිඩ යවා ඇත.
නමුත් ඔවුන්ගේ PCR ප්‍රතිඵල තවමත් නිශ්චය කර නොමැති අතර ඒවා බොහෝ දුරට අද රාත්‍රියේ ලැබීමට නියමිත බව වාර්තා වේ.
අදාළ පුද්ගලයින් සියල්ලම මේ වන විට සමබ්න්ධකරගෙන මෙම වැරැද්ද පිළිබඳ දැනුම් දී ඇති බව සඳහන්.

Members of the public queue for Covid19 PCR tests at a clinic at Bondi Beach in Sydney, Monday, December 27, 2021. Source: AAP
වැරදි PCR ප්‍රතිඵල යැවූ පළමු අවස්ථාව
SydPath Pathology මෙවැනි අන්දමේ වැරද්දක් සිදුකළ දෙවැනි අවස්ථාව මෙය වේ.
මීට පෙර අවස්ථාවේ දෙසැම්බර් 22 සහ 23 යන දිනවල කොවිඩ් පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින්ට දෝෂ සහිත කෙටි පණිවිඩයක් අදාළ සායනය විසින් යවා තිබුණි.
එහිදී 400 කට අධික පිරිසක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබියදී ඔවුන්ගේ PCR ප්‍රතිඵල ඍණාත්මක බව දන්වමින් ඔවුහු එම පුද්ගලයින්ට කෙටි පණිවිඩ යවා තිබුණි.
අදාළ පුද්ගලයින්ට ඒ බව දැන්වූ බවත් පුද්ගල වැරද්දක් මත සිදුවුවා යයි විශ්වාස කෙරෙන මෙම අත්වැරැද්දට හේතුව හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් විසින් මේ වන විට සොයා බලමින් සිටින බවත් ඔවුහු ඊයේ ප්‍රකාශ කළහ.
එසේ පවසා පැය 24 ක් ගතවීමට මත්තෙන් ඔවුන් දෙවැනි වරටත් දෝෂ සහිත කෙටි පණිවිඩ පුද්ගලයින් 995 දෙනෙකු හට යවා තිබීම අවධානය යොමු කළ යුතු සිදුවීමකි.
PCR පරීක්ෂණ සායනවල ඉල්ලුමේ විශාල වැඩිවීමක් සිදුව ඇති බැවින් කාලයට අනුරූපව PCR ප්‍රතිඵල ආපසු යැවීමේ හැකියාවට පීඩනයක් එක් කර ඇති බව අදාළ සායනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
රෝහල්ගත කරන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්
තමන්ට කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ නිවසේ කාට හෝ කොවිඩ් ආසදිතවී ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙකු නිරාවරණය වූ ස්ථානයකට ගොස් කොවිඩ් අවදානමක් ඇතිවී ඇත්නම් හෝ පමණක් කොවිඩ් පරීක්‍ෂාවක් කරගන්නා ලෙස NSW Health නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියි.
කොවිඩ් ආසාදනය වී රෝහල්ගත කර ඇති පිරිස 520 දක්වා ඉහළ නැගීමත් සමග එම ඉල්ලීම සිදු කෙරිණි.
පසුගිය සතියේදී වාර්තා වුයේ එම අගයෙන් අඩක් පමණි.
අදාළ රෝගීන්ගෙන් 55 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අතර 17 දෙනෙකු ශ්වසන අධාරක මත සිටින බව වාර්තා වේ.
මේ අතර ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 6,324 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
ඉන් එක් මරණයක් Omicron ප්‍රභේදය නිසා මියගිය බව තහවුරු වූ පළමු කොවිඩ් මරණය ලෙස NSW ප්‍රාන්තයෙන් වාර්තා වන බවත් සඳහන්.
අදාළ පුද්ගලයා 80 වන වියෙහි පසුවූ බව වාර්තා වේ.
අදාළ පුද්ගලයාට North Parramatta හි Uniting Lilian Wells aged care මධ්‍යස්ථානයේදී Omicron ප්‍රභේදය ආසාදනය වූ බව සඳහන්.
ඔහු පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයෙකු වූ නමුත් වෙනත් රෝගී තත්ත්වවලින් පෙළෙමින් සිටි අයෙකු වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
කොවිඩ් නීති හා සීමා කිරීම් යළි පනවයි
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාදන කැපී පෙනෙන ලෙස යළි ඉහළ යාම නිසා මීට සති දෙකකට පෙර ඉවත් කළ කොවිඩ් නීති හා සීමාවන් යළි ස්ථාපනය කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ QR කේත භාවිත කර check-in වීම අද සිට යළිත් අනිවාර්ය කර තිබේ.
ඊට අමතරව pubs, අවන්හල් සහ සමාජ ශාලාවල සේවා සැපයිය හැකි පාරිභෝගිකයින්ගේ ප්‍රමාණ සඳහා ද සීමා පනවා ඇත.
මේ අතර කොවිඩ් වයිරසයට නිරාවරණය වන සෞඛ්‍ය සේවකයින්ගේ හුදකලාවීමේ අවශ්‍යතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ගැඹුරු සංවාදයක සිටින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසීය.
කොවිඩ් ආසාදිතයින් ක්‍රමිකව ඉහළ යාම නිසා ඔවුන්ට සත්කාර කිරීමේදී සෞඛ්‍ය සේවකයින්ගේ ඇතිවන හිඟය පියවීමට එය ඉවහල් වනු ඇති විශ්වාස කෙරේ.
අදාළ සෞඛ්‍ය සේවකයින් ඔවුන් P95 මුව ආවරණ සහ සම්පූර්ණ පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳ සිටීමද තවත් එයට හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසීය.