ජාත්‍යන්තර සංචාරකයින් සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සිය සංචාරක සීමාවන් යාවත්කාලීන කර තිබේ.
නවතම Omicron කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
Highlights
- ඔබ විදේශ රටක සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණෙන්නේ නම් ඔබට නිවසේ නිරෝධායනය සඳහා අනුමැතිය ඇතත් ප්‍රාන්තය වෙත පැමිණීමෙන් පසු ඔබව හෝටල් නිරෝධායනයට ගෙන යනු ඇත.
- ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියේ අනුමැතිය ලැබූ හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබාගත් විදෙස් සංචාරකයින්ට දකුණු ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට අවසර ඇත.
- ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියේ අනුමැතිය ලැබූ හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ඔබ ලබා නොතිබුණහොත් ඔබව කොවිඩ් එන්නත නොලැබූ සංචාරකයකු ලෙස සැලකේ.
ඒ අනුව විදේශයන්හි සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමට අදහස් කරන සියලුම පුද්ගලයින් EntryCheck SA අයදුම්පතක් සම්පූර්ණ කළ යුතුය.
ඔබේ අනුමැතිය ලැබූ EntryCheck SA අයදුම්පත ඔබ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමේදී ඊට අනුකූල විය යුතු ඇතුළත් වීමේ කොන්දේසි ගෙනහැර දක්වයි.
ඔබ විදේශ රටක සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණෙන්නේ නම් ඔබට නිවසේ නිරෝධායනය සඳහා අනුමැතිය ඇතත් ප්‍රාන්තය වෙත පැමිණීමෙන් පසු ඔබව හෝටල් නිරෝධායනයට ගෙන යනු ඇත.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඔබගේ උපන් රට සහ නිවසේ යෝග්‍යතාවය තක්සේරු කිරීමට මෙන්ම ඔබගේ සෘණාත්මක ප්‍රතිඵලය තහවුරු කිරීම සඳහා කොවිඩ් පරීක්ෂාවක් සිදුකිරීමට එය ඉඩ සලසයි.
ඔස්ට්‍රේලියාවට සහ ඉන් පිටතට ගමන් කරන සියලුම පුද්ගලයින් ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවශ්‍යතා පිළිබඳව දැනුවත් විය යුතු බවද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පවසයි.

පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්
ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියේ අනුමැතිය ලැබූ හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබාගත් විදෙස් සංචාරකයින්ට දකුණු ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට අවසර ඇත.
විදෙස් රටවල සිට දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔබ පහත සඳහන් අවශ්‍යතා සපුරාලිය යුතුවේ.
- තම රටින් පිටවීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවට සනාථ කළ යුතුය.
- පැමිණ දින 14 ක් නිවසේ සිට හෝ අනුමත කරන ලද හෝටලයක සිට හෝ නිරෝධායනය විය යුතුය.
- දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණ පැය 24 ක් තුළ PCR පරීක්ෂණයක් සිදුකළ යුතුය.
- දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණ 6 වන සහ 13 වන දිනවලදී ද PCR පරීක්ෂණ සිදුකළ යුතුය.
- දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු HealthCheck SA භාවිතයෙන් දෛනික රෝග ලක්ෂණ පරීක්ෂාකර වාර්තා කළ යුතුය.
ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියේ අනුමැතිය ලැබූ හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ඔබ ලබා නොතිබුණහොත් ඔබව කොවිඩ් එන්නත නොලැබූ සංචාරකයකු ලෙස සැලකේ.

කොවිඩ් එන්නත නොලද සංචාරකයින්
ඔබ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා නොමැති නම් සහ එන්නත ලබා නොගැනීම උදෙසා අනුමත වෛද්‍ය නිදහස් කිරීමක් ඔබට නොමැති නම් ඔබට දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර නැත. විදෙස් රටක සිට නැවත පැමිණෙන දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවැසියන්ට ද මෙය අදාළ වේ.
තෝරාගත් හේතු සඳහා පමණක් එම කොන්දේසියට නිදහස් කිරීම් සලකා බලනු ලැබේ.
නිදහස් කිරීමක් සඳහා වන අයදුම්පත් ඔබගේ EntryCheck SA අයදුම්පතේ දිගුවක් ලෙස යොමු කෙරේ.
ඔබට ඔබේ EntryCheck SA ප්‍රතිඵල සහිත ඊමේල් පණිවිඩයේ ඇති link එක හරහා සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
ඔබේ සංචාරක නිදහස් කිරීම අනුමත කර ඇත්නම් ඔබේ නිරෝධායන සහ කොවිඩ් පරීක්ෂණවල අවශ්‍යතා පිළිබඳව ඔබට උපදෙස් දෙනු ලැබේ.
ඔබ වයස අවුරුදු 12 ත් මාස 2 ත් අවුරුදු 18 ත් අතර වයසැති එන්නත් නොකළ දරුවෙකු සමඟ විදේශයක සිට සංචාරය කරන්නේ නම්, ඔබ සහ ඔබේ සංචාරක කණ්ඩායමේ සිටින සියලු දෙනා දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණ දින 14 ක් නිරෝධායනය විය යුතුය.
දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණ 6 වන සහ 13 වන දිනවලදී ද PCR පරීක්ෂණ සිදුකළ යුතුය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

