සිම්බාබ්වේ, කොදෙව්, ශ්‍රී ලංකා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිම්බාබ්වේ දේශයට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සිම්බාබ්වේ හි බුලවායෝහිදී පවතී මෙම තරගයේ පලමුව්න් පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 160ක් වාර්තා කල අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37 කුත් පන්දු 3ක් අවසානයේ කදුළු 4ක් පමණක් දැවී තරගයේ ජය සහතික කරගන්නට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසේල ගුණරතන කඩුලු තුන බැගින් දවාගන්නට සමත් විය. ලකුණු 161 ක පහසු ඉල්ලකයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුනම පළමු පන්දු 37දී බිද වැටුනත්, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නට ශ්‍රී ලංකා නායක උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් සමත් විය. සිව්වැනි කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග එක්ව ලකුණු 75ක සබදතාවයක් ගොඩ නැගු අතර, කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග ලකුණු 57 බැගින් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ගෙනයන්නට සමත් විය. උපුල් තරංග තම ලකුණු 57 නොදැවී වාර්තා කල අතර, මෙය ඔහුගේ 30 වැනි එක දින අර්ධ ශතකය ලෙසද වාර්තා අතරට එක විය.
අවසන් තරගයට පෙර සිම්බාබ්වේ දේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණඩායම අතර පැවති තරග තරගාවලියේ තීරණාත්මක තරගයක් වූ අතර, එම තරගයෙන් කොදෙව්වන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. මෙම තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග 4කට සහභාගී වී ඉන් තරග 2ක් ජයගත් අතර, එක් තරගයක් පරාජයට පත් වී එක තරගයක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.
තවද රටවල් දෙකකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ එක්‌දින තරගාවලියකදී ශ්‍රී ලංකාව ශූරතාවක් දිනා ගත්තේ වසර දෙකකට පසුව වීමද සුවිශේෂී සිද්ධියක්. තවද නවක ක්‍රීඩකයින් රැසක් සහ නව නයක්තවය්ක් සමගින් මෙම තරගාවලිය තුල ශ්‍රී ලංකාව සාර්ථක වීමද වැදගත් සිදුවීමක්. අබාධ හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් මෙම තරග සංචාරයට එක් නොවූ අතර එක් දින කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග හටත්, ටෙස්ට් නායකත්වය රංගන හේරත් හටත් ඒ නිසා හිමි විය.
ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේ දකුණු අප්‍රිකාව බල පිටත්ව යෑමට නියමිත අතර, එහිදී ටෙස්ට් තරග තුනකට, 20-20 තරග තුනකට සහ එක දින තරග 5කට සහභාගී වීමට නියමිතයි.