SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Yeppoon හි දරුණු ලැව්ගින්න ඇතිකොට ඇත්තේ බාලවයස්කාර තරුණයෙකු විසින් බව පොලීසිය අනාවරණය කරයි

Bushfire in Yappoon- Queensland
Bushfire in Yappoon- Queensland

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මධ්‍යම ක්වීන්ස්ලන්ත යේ යෙප්‍පුන් Yeppoon ප්‍රදේශයේ දැනට ඇතිව තිබෙන දරුණු ලැව්ගින්න ඇතිකොට ඇත්තේ වයස අවරුදු 16 ක තරුණයෙකු විසින් හිතාමතාම සිදුකල ගිනි ඇවිලවිමකින් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහුට එරෙහිව ඕස්ට්‍රේලියානු Youth Justice පනත යටතේ චෝදනා ගොනුකෙරෙනු ලබන බව පොලිසිය පවසයි. පසුගිය සෙනසුරාදා පස්වරු 1.30 ට පමණ ඔහු මෙම ගිනි තැබීම සිදුකොට ඇතිබව සඳහන්. ඉන් අනතුරුව Bungundarra, Adelaide Park, Maryville සහ Lake Mary, යන ප්‍රදේශවලට ගින්න පැතිර ඇති බව වාර්තාවේ. මේ හේතුවෙන් නිවාස 14 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

ගින්නක් දැල්වීමේ ප්‍රතිවිපාක ගැන සහ විශේෂයෙන් ම ලැව්ගින්නක් ඇතිවීමේ අවදානම පිළිබඳව දරුවන් සමඟ කතා කරන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් සහ රැකබලා ගන්නන්ගෙන් ඉල්ලා තිබේ. මේ වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පුරා ලැව්ගිනි 70ක් පමණ ඇවිලෙමින් පවතී.

අද දහවල් වන විට දැවෙන ගිනිදැල් අතරට නුසා ප්‍රදේශයේ උතරු වෙරලාසන්නව ඇති කුඩා වෙරළබඩ නගරයක් වන Woodgate ද ඇතුලත්වුනු බව වාර්තාවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now