ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමේදී සිතිය යුතු වැදගත්ම කරුණු (SBS සිංහල/ විමර්ශන)

ඔස්ට්‍රේලියානු දේශසීමා විවෘත කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් හට සලකා බැලිය යුතු උපදෙස් කිහිපයක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Applications for Australia Awards Scholarships will open from next week

Applications for Australia Awards Scholarships will open from next week Source: Getty Images/urbazon

කොව්ඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු ඔස්ට්‍රේලියානු දේශ සීමා දෙසැම්බර් 01 වනදා සිට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ සමග පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට ද ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට අවස්ථව උදා වේ.

ඔස්ට්‍රේලියානු දේශසීමා විවෘත කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් හට සලකා බැලිය යුතු උපදෙස් කිහිපයක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • තමන්ට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් අවශ්‍ය ද නැතිනම් TAFE විද්‍යාලයකින් සහතික පත්‍රයක් හෝ ඩිප්ලෝමාවක් අවශ්‍ය ද කියා පළමුව තීරණය කළ යුතුය.
  • එහිදී තමන්ගේ ආර්ථික මට්ටම අනුව ද එම තීරණය ගත යුතුවේ.
  • මුල සිටම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල අධ්‍යාපනය ලැබීම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට වැඩි ඉඩක් සලසයි.

පාඨමාලාව තෝරාගැනීම

ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සහ මෙහි අධ්‍යාපනය ලැබීමට පෙර ජාත්‍යන්තර සිසුන් කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

තමන්ට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් අවශ්‍ය ද නැතිනම් TAFE විද්‍යාලයකින් සහතික පත්‍රයක් හෝ ඩිප්ලෝමාවක් අවශ්‍ය ද කියා අදාළ ජාත්‍යන්තර ශිෂ්‍යයා පළමුව තීරණය කළ යුතු බව සිඩ්නි නුවර සංක්‍රමණ නීති සම්බන්ධ නීතීඥ රුවන් සමරසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


එහිදී තමන්ගේ ආර්ථික මට්ටම අනුව ද එම තීරණය ගත යුතුවේ.

සාමාන්‍ය ආර්ථිකයක් ඇති බොහෝ පවුල්වල සිසුන් පළමුව TAFE විද්‍යාලයකට වැනි විද්‍යාලයකට ඇතුළු කර ඉන් අනතුරුව විශ්ව විද්‍යාල මාර්ගයට පිවිසෙයි.

එය තීරණය කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පහසුවෙන් ලබාගෙන හොඳ රැකියා අවස්ථා ලබා ගැනීමට කළ යුතු පාඨ මාලාවක් තෝරාගත යුතුය.

එහිදී අදාළ පාඨ මාලාව කිරීමට තමන්ට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ද පළමුව සිතා බැලිය යුතුය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සහ වැඩිපුර රැකියා අවස්ථා ඇත්තේ කුමන ක්ෂේත්‍රවලද යන්න පිළිබඳ ද අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ.

Students at Sydney's UNSW.
Source: AP/Mark Baker

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල අධ්‍යාපනය ලැබීම

අද වන විට ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික වැඩසටහන ඉලක්ක ගත වී තිබෙන්නේ ප්‍රාදේශීය සංක්‍රමණික වැඩසටහන වෙත බව නීතීඥ රුවන් සමරසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේය.

ඒ අනුව වසර ගණනාවක් සිඩ්නි සහ මෙල්බර්න් නුවර ආශ්‍රිතව අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම අද වන විට ඉතා අසීරු වී ඇති බවද ඔහු පැවසුවේය.

එනිසා ජාත්‍යන්තර සිසුන්ගේ පවුලේ උදවිය හෝ නෑදැයින් හෝ එම කලාපවල සිටින විට එම කලාපවලට අධ්‍යාපනය ලැබීමට යාමෙන් ඉහත ප්‍රශ්නයට මුහුණ දීමට අදාළ සිසුන්ට සිදුවනු ඇත.

එනිසා මුල සිටම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල අධ්‍යාපනය ලැබීම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට වැඩි ඉඩක් සපයන බවද නීතීඥ රුවන් සමරසිංහ මහතා සඳහන් කළේය.

එහිදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වුවද සිඩ්නි නුවර හැර ප්‍රාදේශීය කලාප, වික්ටෝරියා ප්‍රාන්තයේ වුවද මෙල්බර්න් නුවර හැර ප්‍රාදේශීය කලාප තෝරාගැනීම ගැටළුවක් නැත.

ඔස්ට්‍රේලියාවට මේ දක්වා පැමිණි ජාත්‍යන්තර සිසුන් ඇතුළු තාවකාලික සංක්‍රමණිකයින් සියල්ලක්ම පාහේ අවසානයේ නැවතුණේ මෙල්බර්න් හෝ සිඩ්නි නුවර නිසාවෙන් එය නතර කර  ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවලට සංක්‍රමණිකයින්ව ව්‍යාප්ත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අවශ්‍ය වීම මේ සියල්ලටම හේතුව බව නීතීඥ රුවන් සමරසිංහ මහතා අවසන් වරට පැවසුවේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now