Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මාර්තු මාසයේ ඉහල යන "ළමා ආරක්ෂණ සහනාධාරය" ගන්න ඔබ සැපිරිය යුතු සුදුසුකම් මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔබේ වයස අවුරුදු 5 හෝ ඊට අඩු වයසේ ළමුන් එක් අයකුට වඩා ළමා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කොට තිබේ නම් ඔබත් මාර්තු මස සිට ඉහල අනුපාතයක් ගන්නා Child Care Subsidy (CCS) නොහොත් ළමා ආරක්ෂණ සහනාධාරය සඳහා සුදුසුකම් ලබයි.

The qualifications you need to meet to get the "Child Care Subsidy (CCS)"rising in March
Source: Pexels / Agung Pandit Wiguna

Highlights

  • සුදුසුකම් ලබන්නේ කෙසේද?
  • මේ පිළිබඳව දැනගන්නේ කෙසේද?
  • ඒකාබද්ධ පවුල් සඳහා බලපාන අයුරු 

සුදුසුකම් ලබන්නේ කෙසේද?

2022 මාර්තු 7 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඇතැම් සුදුසුකම් ලබන පවුල් සඳහා "ඉහල" ළමා ආරක්ෂණ සහනාධාර ලැබීම සිදු වන බව Service Australia වෙබ්අඩවිය සඳහන් කොට සිටී.

එම වෙබ්අඩවිය පෙන්වා දෙන්නේ පහත සඳහන් කරුණු සපුරයි නම් ඔබ මෙම ඉහල ළමා ආරක්ෂණ සහනාධාර සඳහා සුදුසුකම් ලබන බවයි:

  • ඔබ ළමා ආරක්ෂණ සහනාධාරය සඳහා සුදුසුකම් ලබයි නම් 
  • ඔබේ පවුලේ ඒකාබද්ධ ආදායම ඩොලර් 354,305ට වඩා අඩු නම් 
  • ඔබේ වයස අවුරුදු 5 හෝ ඊට අඩු දරුවන් එක් අයකුට වඩා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සිටී නම්

2022 මාර්තු 7 වැනිදා සිට, මේ සඳහා සුදුසුකම් ලබන දරුවන් සඳහා 95%උපරිමයකට යටත්ව 30%ක ඉහළ සහනාධාර ලබාගත හැක.

The qualifications you need to meet to get the "Child Care Subsidy (CCS)"rising in March
Source: Pexels / Andrea Piacquadio

මේ පිළිබඳව දැනගන්නේ කෙසේද?

ඔබේ myGov ගිණුමට ලැබෙන විද්‍යුත් තැපැල් හරහා සහ Express Plus Centerlink ජංගම app හරහා මේ සඳහා ඔබ සුදුසුකම් ලබන්නේද යන්න පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ඉදිරියේදී හැකියාව හිමි වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔබේ ළමා ආරක්ෂණ සහනාධාර ප්‍රතිශතය දැනගැනීමට Centrelink online account එක හරහා හෝ myGov ගිණුම හරහා හැකියාව පවතී.

  • පියවර 01 - MENU යන කොටස තෝරන්න 
  • පියවර 02 - My family යන කොටස තෝරන්න
  • පියවර 03 - Child Care යන කොටස තෝරන්න
  • පියවර 04 - Child Care Subsidy summary යන කොටස තෝරන්න

ඔබේ දරුවා අවම වශයෙන් පසුගිය සති 26 තුළ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ලියාපදිංචිව නොසිටියේ නම්, මාර්තු මස ආරම්භ වන මෙම ඉහල ළමා ආරක්ෂණ සහනාධාර සඳහා සුදුසුකම් නොලබයි.

නමුත් ඔබේ දරුවා නැවත ළමා සුරැකුම් මධ්‍යස්ථානයක යාම පටන් ගන්නේ නම්, ඔබට ළමා ආරක්ෂණ සහනාධාර සඳහා නව හිමිකම් පෑමක් සිදු කළ හැක.

ඒකාබද්ධ පවුල් සඳහා බලපාන අයුරු

තම පවුලේ විවිධ දරුවන් සඳහා ළමා ආරක්ෂණ සහනාධාරය ලබාගන්නා දෙමව්පියන් හෝ රැකබලා ගන්නන් සිටින ඒකාබද්ධ පවුල් සඳහා මෙම ඉහල ළමා ආරක්ෂණ සහනාධාරය 2022 ජූලි මාසයේ සිට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.

Australian Federal Government extends childcare support services
Childcare subsidy change. Source: AAP

නමුත් ඔබට මෙම ඉහල ළමා ආරක්ෂණ සහනාධාරය ඉක්මනින් ලබාගැනීමට අවශ්‍ය නම්, ඔබේ පවුලේ සියලුම දරුවන් සඳහා වන ළමා ආරක්ෂණ සහනාධාරය සඳහා එක් දෙමාපියෙකු හෝ රැකබලා ගන්නෙකු තෝරාගත හැක.

එමෙන්ම ඒකාබද්ධ පවුල් කුඩා සංඛ්‍යාවකට, 2022 මාර්තු මාසයේදී මෙම ඉහල ළමා ආරක්ෂණ සහනාධාරය ලැබිය හැක. උදාහරණයක් වශයෙන් ඔබ සුදුසුකම් ලත් දරුවන් 2 දෙනෙකු සඳහා ළමා ආරක්ෂණ සහනාධාරයට හිමිකම් ලබා තිබේ නම් සහ සෙසු මාපියන් හෝ භාරකරු පවුලේ අනෙකුත් දරුවන් සඳහා හිමිකම් පා ඇති නම් 2022 ජූලි මාසයේ සිට Service Australia ඔබේ ඒකාබද්ධ පවුල සමස්තයක් ලෙස තක්සේරු කිරීම සිදු කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න


3 min read

Published

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now