SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්ත ලිබරල් සහ නැෂනල් පක්ෂ විසින් ජනතා බදුමුදල් අයුතු ලෙසට යොදාගන්නා අයුරු ප්‍රාන්ත උප අගමැති හෙළිකරයි.

Victorian Deputy Premier James Merlino
Victorian Deputy Premier James Merlino

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

වික්ටෝරියා ප්‍රාන්ත ලිබරල් සහ නැෂනල් පක්ෂ මන්ත්‍රීවරුන් යුතු ලෙස තම චන්ද කොට්ඨාස වල නිලධාරීන් ප්‍රචාරණ කටයුතුවලට යොදාගන්න බවට චෝදනා කරමින් වික්ටෝරියා ප්‍රාන්ත කම්කරු රජය ප්‍රාන්ත පොලිසියෙන් විමර්ශනයක් ඉල්ලයි. ප්‍රාන්ත උප අගමැති ජේම්ස් මර්ලිනෝ මේ සම්බන්ද ඉල්ලීම රැගත් ලිපියක් ප්‍රාන්ත ප්‍රධාන පොලිස් කොමසාරිස් ග්‍රැහැම් ඇෂ්ටන් වෙත යොමු කොට තිබේ. ඉන් පෙන්වා දී ඇත්තේ ප්‍රාන්ත ලිබරල් සහ නැෂනල් පක්ෂ මන්ත්‍රීවරුන් ජනතා බදු මුදල් පාවිච්චි කරමින් තම චන්ද කොට්ඨාස වල නිලධාරීන් සාමාන්‍ය රාජකාරී වේලාවන් වලදී නීතිවිරෝධී ලෙසින් තම දේශපාලන  ප්‍රවර්ධන  කටයුතුවලට යොදා ගන්නා බවයි.

 

මේ පිළිබඳව තොරතුරු හෙළිකිරීම ප්‍රතික්ෂේපකොට සිටි වික්ටෝරියා ප්‍රාන්ත උප අගමැති ජේම්ස් මර්ලිනෝ සඳහන් කොට සිටියේ එය පරීක්ෂණව පාරදෘශ්‍ය භාවයට බධාවක් වියහැකි බවයි. එහෙත් ලිබරල් සහ නැෂනල් පක්ෂ සාමාජිකයින් 18 දෙනෙකු පිළිබඳව අවධානය යොමුව ඇතිබවද ඔහු සඳහන් කොට සිටි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now