SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවෙන් තෙවැනි Monkeypox ආසදිතයාත් වාර්තා වෙයි (SBS සිංහල/ වාර්තා)

මෑතකදී ක්වීන්ස්ලන්තයේ සිට සිඩ්නි නුවරට පැමිණි 50 වන වියෙහි පසුවන පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ තෙවැනි monkeypox ආසදිතයා ලෙස වාර්තා වේ.

sixth case of Monkeypox confirmed in Australia
호주에서 6번째 원숭이두창 감염자가 확인됐다. Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවෙන් තවත් monkeypox ආසාදිතයෙකු වාර්තා වේ.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් monkeypox ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ පළමු monkeypox ආසාදිතයා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා විය.
  • දෙවැනි හා තෙවැනි ආසාදිතයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.
  • 1980 දී තුරන් කිරීමට පෙර සෑම වසරකම ලොව පුරා මිලියන ගණනක් මිය යාමට හේතු වූ වසූරිය වයිරස පවුලට monkeypox ද අයත් වේ.

ඔස්ට්‍රේලියාවෙන් තෙවැනි monkeypox ආසදිතයාත්

මෑතකදී ක්වීන්ස්ලන්තයේ සිට සිඩ්නි නුවරට පැමිණි 50 වන වියෙහි පසුවන පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ තෙවැනි monkeypox ආසදිතයා ලෙස වාර්තා වේ.

ඒ අනුව ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන දෙවැනි monkeypox ආසදිතයා වේ.

මෙම පුද්ගලයාට නිව් සවුත් වේල්ස් හි තම නිවසට පැමිණ දින කිහිපයකට පසු සුළු අසනීපයක් ඇති වූ අතර රෝහලට යාමට පෙර ඔහුගේ වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබේ.

එහිදී ඔහුට monkeypox වැළඳී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වූ බව NSW Health පැවසීය.

මොහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ දෙවැනි monkeypox ආසාදිතයා වන නමුත් පළමු ආසාදිතයා සමග කිසිදු සම්බන්ධයක් නැති බවද වාර්තා වේ.

40 වන වියෙහි පසුවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පළමු monkeypox ආසාදිතයා වාර්තා වූයේ මැයි 20 වන දිනය.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෙවැනි ආසාදිතයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.

ඔස්ට්‍රේලියාවේ පළමු monkeypox ආසාදිතයා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා විය.

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 30 ක පුද්ගලයකුට monkeypox වැළඳී ඇති බව තහවුරු වූයේ මැයි 16 වැනි දින ඔහුට මෘදු රෝග ලක්ෂණ මතු වීමෙන් පසුවය.

ඔවුන් දෙදෙනාම යුරෝපයේ සංචාරය කිරීමෙන් පසු මෑතකදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.

තෙවැනි ආසාදිතයා තනිව ජීවත් වන අතර හුදකලා කිරීමට අවශ්‍ය ඉහළ අවදානම් සම්බන්ධතා NSW Health විසින් කරන ලද පරීක්ෂණ මගින් හඳුනාගෙන නොතිබුණි.

එම පුද්ගලයා සමඟ අඩු මට්ටමේ සම්බන්ධතා පැවැත්වූ කිහිප දෙනෙකුට රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමට දන්වා ඇත.

NSW ප්‍රාන්තයෙන් monkeypox ගැන ඉහළ අවධානයක්

සාමාන්‍ය ජනතාව monkeypox වයිරසය ගැන සැලකිලිමත් විය යුතු නැති බවත්, එය දුර්ලභ වන අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් බෝ නොවන බවත් NSW ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි Kerry Chant පැවසුවාය.

නිව් සවුත් වේල්ස් හි ඇතිවිය හැකි monkeypox ආසාදන හඳුනා ගැනීමට සහ කළමනාකරණයට සහාය වීම සඳහා NSW Health විසින් අද ප්‍රාන්තය පුරා සිටින වෛද්‍යවරුන්ට වැඩිදුර තොරතුරු සපයනු ලබන බවද ඇය ප්‍රකාශ කළාය.

"රෝග විනිශ්චය සහ යොමු කිරීම් පිළිබඳ උපදෙස් සැපයීම සඳහා අපි ප්‍රාන්තය පුරා සිටින පවුලේ වෛද්‍යවරුන්, රෝහල් සහ ලිංගික සෞඛ්‍ය සේවා සමඟ දිගටම කටයුතු කරනවා." යනුවෙන්ද ඇය සඳහන් කළාය.

NSW Health, Queensland Health සමඟ එක්ව ඕනෑම සම්ප්‍රේෂණයක් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සඳහන්.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


යුරෝපයෙන් පැමිණි monkeypox

බ්‍රිතාන්‍යය විසින් ප්‍රථම වරට තහවුරු කරන ලද monkeypox ආසාදිතයෙකු පසුගිය මැයි 7 වන දින වාර්තා විය.

පසුව ටහිර සහ මධ්‍යම අප්‍රිකානු ජාතීන්ට ආවේණික නොවන රටවල් 30 කින් මෙම රෝගය පිළිබඳ තහවුරු වූ රෝගීන් 550 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

"යුරෝපයේ monkeypox ආසාදනය පැතිරී යාම සති, මාස හෝ ඇතැම් විට වසර කිහිපයක් දැයි අපි නොදනිමු," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ monkeypox සම්බන්ධ විශේෂඥ Rosamund Lewis පැවසුවාය.

1980 දී තුරන් කිරීමට පෙර සෑම වසරකම ලොව පුරා මිලියන ගණනක් මිය යාමට හේතු වූ වසූරිය වයිරස පවුලට monkeypox ද අයත් වේ.



Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now