Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය
- වික්ටෝරියා ප්‍රාන්තය
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
- නොදර්න් ටෙරිටරිය
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
- ටස්මෙනියා ප්‍රාන්තය
බටහිර ඕස්ට්‍රේලියාවේ මුහුණු ආවරණ පැළඳීමේ නීති තවදුරටත් දීර්ඝ කොට ඇති නමුත් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්ත සහ ටෙරිටරි වල බොහෝ ගෘහස්ථ ස්ථානයන්හි මුහුණු අවරණ පැලඳීමේ නීති අද සිට ඉවත් කොට ඇති බව ABC පුවත් සේවය පවසයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
අද සිට ක්‍රියාත්මක වන පරිදි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ගෘහස්ථ ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවේ, නමුත් පොදු ප්‍රවාහනයේදී / රෝහල්වල සහ වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන වල තවමත් මේවා පැළඳීම අවශ්‍ය වේ.
එමෙන්ම සිල්ලර වෙළඳසල් ඇතුලු සමාජ දුරස්ථ බව ආරක්ෂා කරගත නොහැකි ගෘහස්ථ ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීමට දිරිමත් කරයි.
ලබන සඳුදා (28) සිට උසස් පෙළ පාසල් සිසුන් හෝ පාසැල් කාර්ය මණ්ඩලය මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය නොවේ.නමුත් ප්‍රාථමික පාසල්වල සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයට පන්ති කාමරය තුලදී මුහුණු ආවරණ පැළඳීම ඉවත් කිරීමට මාර්තු මස් 7 වනදායින් පසුව සිදුවේ.
එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සිටින පාසල් වල කාර්යමණ්ඩලය සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය වේ.

People wearing face masks wait outside a bank at Campsie in Sydney, August 19, 2021. Source: AAP/Joel Carrett
ළදරු පාසලේ සිට 6 වසර දක්වා ළමුන් ,මේ වනවිටත් මුහුණු ආවරණ පැළඳීමට දිරිමත් කොට තිබේ. නමුත් ඒවා අත්‍යවශ්‍ය නොවේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙම මුහුණු ආවරණ පැළඳීමේ නීති පසුගිය දෙසැම්බර් 24 සිට ක්‍රියාත්මක වේ.
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය
අද සිට ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ බොහෝ ගෘහස්ථ ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවේ, නමුත් පොදු ප්‍රවාහනයේදී / රෝහල්වල සහ වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන වල තවමත් මේවා පැළඳීම අවශ්‍ය වේ.
පාසල් වල ගුරුවරුන් සහ මුල් ළමාවිය පිලිබඳ මධ්‍යස්ථාන වල කාර්යමණ්ඩලය ගෘහස්ථව සිටින විට මුහුණු ආවරණ පැළඳිය යුතු වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සිසුන් සඳහා මුහුණු ආවරණ පැළඳීම නීති ඉවත් කොට ඇති අතර, 7 වසර සිට 12 වසර දක්වා ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි සිසුන් තවමත් පාසලේ ගෘහස්ථ ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳිය යුතුය.
3 වසරේ සිට 6 වසර දක්වා ළමුන් ,මේ වනවිටත් මුහුණු ආවරණ පැළඳීමට දිරිමත් කොට තිබේ. නමුත් ඒවා අත්‍යවශ්‍ය නොවේ.
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ මෙම මුහුණු ආවරණ පැළඳීමේ නීති පසුගිය දෙසැම්බර් 22 සිට ක්‍රියාත්මක වේ.
වික්ටෝරියා ප්‍රාන්තය
අද(25) රාත්‍රී 11:59 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ගෘහස්ථ ස්ථාන තුළ මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවේ.
එමෙන්ම ආගන්තුක සත්කාර හෝ සිල්ලර වෙළඳසල් වැනි ස්ථාන වලදී ගනුදෙනුකරුවන්ට මුහුණු ආවරණ අනිවාර්ය නොවන නමුත් මෙම ස්ථානවල කාර්ය මණ්ඩලය තවමත් මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය වේ.
ප්‍රාථමික පාසල් වල වයස 3 හෝ ඊට වැඩි සිසුන් / මුල් ළමාවිය පිලිබඳ මධ්‍යස්ථානවල සහ ප්‍රාථමික පාසල්වල කාර්යමණ්ඩලය මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා පවසයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන, කුලී රථ සහ Rideshare, ගුවන් යානා සහ ගුවන් තොටුපලේ ගෘහස්ථ ස්ථානවල, රෝහල් සහ සත්කාර පහසුකම් සහ 30,000 කට අධික පිරිසක් එළිමහනේ රැස්වන ඉහළ අවදානම් සහිත යැයි සැලකෙන සැකසුම් තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

Hand sanitiser is provided as students in Yrs 2-11 wear face masks as they return to school at Fairvale High School in Sydney Source: AAP/Bianca De Marchi
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම මුහුණු ආවරණ පැළඳීමේ නීති පසුගිය දෙසැම්බර් 23 සිට ක්‍රියාත්මක වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
මාර්තු මස 4 වන සිකුරාදා සවස 6 සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සේවා ස්ථාන, පාසල් සහ ආගන්තුක සත්කාර ඇතුලු ගෘහස්ථ ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය නොවේ.
නමුත් පොදු ප්‍රවාහනයේදී / රෝහල්වල සහ වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන වැනි ඉහළ අවදානම් සහිත ස්ථානවලදී මේවා පැළඳීම අවශ්‍ය වේ.
සමාජ දුරස්ථභාවය ආරක්ෂා කල නොහැකි ස්ථාන වලදීද මුහුණු ආවරණ පැළඳීමට නිර්දේශ කෙරේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මෙම මුහුණු ආවරණ පැළඳීමේ නීති පසුගිය ජනවාරි 2 සිට ක්‍රියාත්මක වේ.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගන්තුක සත්කාර හෝ සිල්ලර වෙළඳසල් ඇතුලු සියලුම පොදු ගෘහස්ථ ස්ථාන වලදී මුහුණු ආවරණ අනිවාර්ය වේ.
වයස අවුරුදු 12 සහ ඊට වැඩි සියලුම පිරිස සියලුම ගෘහස්ථ පොදු ස්ථාන වල මුහුණු ආවරණ පැළඳිය යුතු අතර, ගෘහස්ථ රැකියා ස්ථානවල මුහුණු ආවරණ භාවිතා කිරීමට ප්‍රාන්ත රජය දැඩි ලෙස නිර්දේශ කරයි.
වයස අවුරුදු 7 සිට 12 දක්වා සිසුන් සඳහා මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය වන අතර වයස 3 සිට 6 දක්වා සිසුන් සඳහා මුහුණු ආවරණ පැළඳීම දැඩි ලෙස නිර්දේශ කෙරේ.
සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් ළඟදීම සිදු කිරීමට නියමිත අතර,ඒ සඳහා සති දෙකක්, හතරක් හෝ හයක් ගතවිය හැකි බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall පවසයි.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ මෙම නීති පසුගිය ජනවාරි 2 සිට ක්‍රියාත්මක වේ.
නොදර්න් ටෙරිටරිය
නොදර්න් ටෙරිටරිය සඳහා මුහුණු ආවරණ පැළඳීමේ නීති තවමත් ක්‍රියාත්මක වන නමුත් ටෙරටරි ප්‍රධාන අමාත්‍ය Michael Gunner සඳහන් කොට සිටියේ මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී සාකච්ඡා පැවැත්වෙන බවයි. එමෙන්ම මෙම සීමා ඉක්මනින් ඉවත් කිරීමට ඉඩ ඇති බවත් ඔහු පවසයි.
මේ වනවිට වයස අවුරුදු 12ට වැඩි පුද්ගලයින් සඳහා ටෙරිටරියේ ආගන්තුක සත්කාරක, සිල්ලර වෙළඳසල් සහ පොදු ප්‍රවාහන ඇතුලුව සියලුම පොදු ගෘහස්ථ ස්ථාන තුළ මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය වේ.

Face mask mandates are changing. Check the rules that apply in your State or Territory. Source: Getty Images / Andresr E+
නොදර්න් ටෙරිටරියේ උසස් පෙළ පාසල් සිසුන් හට සමාජ දුරස්ථභාවය කළ නොහැකි වන ගෘහස්ථ ස්ථාන වල මුහුණු ආවරණයක් පැළඳිය යුතු වේ.එමෙන්ම 3 වසර සිට 6 වසර දක්වා සිසුන් මුහුණු ආවරණයක් පැළඳීමට නොදර්න් ටෙරිටරිය දැඩි ලෙස දිරිමත් කරනු ලැබේ.
නොදර්න් ටෙරිටරියේ මෙම මුහුණු ආවරණ පැළඳීමේ නීති පසුගිය දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වේ.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
බටහිර ඕස්ට්‍රේලියාවේ සියලුම ගෘහස්ථ පොදු ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
ප්‍රාථමික පාසල් වල සහ බාල දරුවන් වෙස්මුහුණක් පැළඳීමට අවශ්‍ය නොවේ. නමුත් පාසල් කාර්ය මණ්ඩලය සහ උසස් පාසල් සිසුන් මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
3 වසර සිට ඉහලට සිසුන් මුහුණු ආවරණයක් පැළඳීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා දැඩි නීති ගෙනෙන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan පවසයි.
නමුත් මෙම දැඩි නීති ගෙන එන දිනයක් සම්බන්ධයෙන් තවමත් පැහැදිලි බවක් නොපවතී.
බටහිර ඕස්ට්‍රේලියාවේ මෙම මුහුණු ආවරණ පැළඳීමේ නීති පසුගිය පෙබරවාරි 21 සිට ක්‍රියාත්මක වේ.
ටස්මෙනියා ප්‍රාන්තය
ටස්මෙනියාවේ මුහුණු අවරණ පැළඳීම තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.
වයස අවුරුදු 12ට වැඩි පුද්ගලයින්, ප්‍රාන්තයේ ආගන්තුක සත්කාරක, සිල්ලර වෙළඳසල් සහ පොදු ප්‍රවාහන ඇතුලුව සියලුම පොදු ගෘහස්ථ ස්ථාන තුළ මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය වේ.
ප්‍රාථමික පාසලේ සිසුන් පාසල් භූමියේ සිටින විට මුහුණු අවරණ පැළඳීමට අවශ්‍ය නොවේ, නමුත් පාසල් කාර්ය මණ්ඩලය සහ උසස් පාසල් සිසුන් මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය වේ.
ටස්මෙනියා ප්‍රාන්තයේ මෙම මුහුණු ආවරණ පැළඳීමේ නීති පසුගිය පෙබරවාරි 21 සිට ක්‍රියාත්මක වේ.
Source - ABC News