Highlights
- DAMA වැඩසටහන යනු
- DAMA රැකියා ලැයිස්තුව
DAMA වැඩසටහන යනු
DAMA වැඩසටහන හෙවත් Designated Area Migration Agreement යනු ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ දකුණු ඕස්ට්‍රේලියානු රජය අතර විධිමත් ගිවිසුමකි.
දකුණු ඕස්ට්‍රේලියානු රජය DAMA ගිවිසුම් දෙකකට ඇතුල් වී තිබේ
- Adelaide Technology and Innovation Advancement Agreement
- South Australian Regional Workforce Agreement
Adelaide Technology and Innovation Advancement Agreement මගින් ඇඩිලේඩ්හි ආරක්‍ෂක, අභ්‍යවකාශ, තාක්‍ෂණ සහ උසස් නිෂ්පාදන කර්මාන්ත ඇතුලු අධි තාක්‍ෂණික වර්ධන කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරයි.මෙය ඇඩිලේඩ් හි නාගරික ප්‍රදේශ ආවරණය කරයි.

South Australian Regional Workforce Agreement මගින් දකුණු ඕස්ට්‍රේලියාවේ කෘෂි ව්‍යාපාර, වන වගා, සෞඛ්‍ය සහ සමාජ සේවා, සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍ර, ඉදිකිරීම් සහ පතල් කැණීම් ඇතුළු කලාපීය ඉහළ වර්ධන කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරයි. මෙය ඔස්සේ සමස්ත දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයම අවරණය කෙරේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
දකුණු ඕස්ට්‍රේලියාවේ මෙම DAMA වැඩසටහන් මගින් දකුණු ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින්ට, දේශීය සේවකයින්ගෙන් පිරවිය නොහැකි රැකියා ස්ථාන සඳහා පුහුණු විදේශීය සේවකයින්ට අනුග්‍රහය දැක්වීමට හැකියාව ලැබේ. කුසලතා සහිත ශ්‍රමිකයින් සොයාගැනීමට අපහසු සේවා යෝජකයන් හට DAMA කම්කරු ගිවිසුමකට එළඹීම සඳහා අනුමැතිය ලබාගැනීමට ඉල්ලුම් කළ හැක. මේ ඔස්සේ ඔවුනට නිපුණතා වීසා වැඩසටහන් හරහා පැමිණෙන පිරිසට වඩා නම්‍යශීලීව පුහුණු සහ අර්ධ පුහුණු සංක්‍රමණිකයින් හට අනුග්‍රහය දැක්වීමට හැකියාව හිමිවේ.

DAMA රැකියා ලැයිස්තුව
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය Hospitality and Tourism, Motor trades, Agribusiness, Manufacturing and Forestry යන ක්ෂේස්ත්‍ර වල වෘත්තීන් කෙරෙහි අවධානය යොමු කරමින් DAMA වැඩසටහන සඳහා නව රැකියා මාලාවක් එක් කොට තිබේ.
යාවත්කාලීන කල සම්පූර්ණ DAMA රැකියා ලැයිස්තුව සඳහා මෙතනින් පිවිසෙන්න
මෙම වැඩසටහන මගින් හඳුනාගත් වීසා අවශ්‍යතා සහන ලබාදීම සිදු කරයි. මෙමගින් රැකියා පළපුරුද්ද අඩු වීම, ඉංග්‍රීසි භාෂාව සහ වයස වැනි හේතුන් සඳහා සහන ඇතුලත් වන අතර ඉහළ දක්ෂතා ඇති අයදුම්කරුවන්ට ස්ථිර පදිංචිය සඳහා මාර්ග ද සලසා දේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මේ වනවිට විකල්ප කුසලතා තක්සේරු කිරීමේ අධිකාරියක් නොමැති වෘත්තීන් සඳහා,දකුණු ඕස්ට්‍රේලියානු රජය කුසලතා තක්සේරු කිරීමේ අධිකාරියක් ලෙස ක්‍රියා කරයි. මෙය මින් පෙර සුදුසුකම් නොලැබූ නිපුණතා සංක්‍රමණික රැකියා ක්ෂේස්ත්‍ර වල සිටි පිරිසට වාසි සහගත වේ.








