SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 03 ක් සිය නිවාස ණය පොළී අනුපාතික ඉහළ දමයි (SBS සිංහල/ වාර්තා)

Commonwealth, NAB සහ ANZ යන බැංකු සිය variable home loan rates හෙවත් විචල්‍ය නිවාස ණය පොළී අනුපාත ඉහළ නංවා තිබේ.

Home Loans
Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම බැංකු හතරෙන් තුනක් ඔවුන්ගේ variable home loan rates හෙවත් විචල්‍ය නිවාස ණය පොළී අනුපාත ඉහළ නංවා තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ඊයේ (ජූලි 05) දිනයේදී පොළී අනුපාතිකය 1.35% දක්වා ඉහළ දැමීමෙන් පසුව එම බැංකු මෙම පියවර ගෙන ඇත.


Highlights

  • Commonwealth, NAB සහ ANZ යන බැංකු සිය variable home loan rates හෙවත් විචල්‍ය නිවාස ණය පොළී අනුපාත 0.5% කින් ඉහළ නංවා තිබේ.
  • Westpac බැංකුවේ නිවාස ණය පොළී අනුපාත තවමත් ඉහළ දමා නැති නමුත් ඔවුන්ද ඉක්මණින්ම එම තීරණය ගනු ඇති බව අපේක්ෂා කෙරේ.
  • මෙම පොලී අනුපාත වැඩිවීම ජූලි 15 සිට බලාත්මක කෙරේ.

ප්‍රධානතම බැංකු තුනක් නිවාස ණය පොළී අනුපාත ඉහළ නංවයි

Commonwealth, NAB සහ ANZ යන බැංකු සිය variable home loan rates හෙවත් විචල්‍ය නිවාස ණය පොළී අනුපාත ඉහළ නංවා තිබේ.

0.5% කින් ඔවුන් එම විචල්‍ය නිවාස ණය පොළී අනුපාත ඉහළ දමා ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ඊයේ පොළී අනුපාතය 0.85% සිට 1.35% දක්වා 0.5% කින් ඉහළ දැමීම නිසා Commonwealth, NAB සහ ANZ යන බැංකු මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව බැංකුවල මෙම පොලී අනුපාත වැඩිවීම ජූලි 15 සිට බලාත්මක කෙරේ.

Westpac බැංකුවේ නිවාස ණය පොළී අනුපාත තවමත් ඉහළ දමා නැති නමුත් ඔවුන්ද Commonwealth, NAB සහ ANZ බැංකු ගත් මග ඉක්මණින්ම යනු ඇති බව අපේක්ෂා කෙරේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

Commonwealth බැංකු ගනුදෙනුකරුවන් සඳහා, owner-occupied නිවාස ණය සඳහා වන standard variable rate හෙවත් සම්මත විචල්‍ය ණය අනුපාතය 5.9% දක්වා වැඩි කරනු ඇත.

පොලී අනුපාතිකය 0.5% කින් වැඩි වීම නිසා මූලික මුදල හා පොළිය ගෙවන නිවාස හිමිකරුවෙකුට ඩොලර් 450,000 ක සාමාන්‍ය නිවාස ණයක් සඳහා මාසික ආපසු ගෙවීම ඩොලර් 119 කින් වැඩි වනු ඇති බව ANZ බැංකුව ප්‍රකාශ කළේය.

ඊට අමතරව ANZ බැංකුවේ ඇතැම් ඉතුරුම් ගිණුම්වල bonus පොලී අනුපාතය 0.5% කින් වැඩි කරන බව ද නිවේදනය කළේය.

Home loans
Source: Getty images

තවදුරටත් පොලී අනුපාත ඉහල යාමක් අපේක්ෂා කෙරේ

මෙම පොලී අනුපාත ඉහල යාම ඩොලර් 500,000ක නිවාස ණයක් සඳහා මසකට ඩොලර් 137ක් හෝ ඩොලර් 750,000ක නිවාස ණයක් සඳහා මසකට ඩොලර් 499ක් එකතු කරන බව නිවාස ණය සංසන්දන සේවාවක් වන RateCity පැවසුවේය.

ලබන වසරේ මුදල් අනුපාතිකය 3.5% දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරන අතර, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ද පොලි අනුපාතික තවදුරටත් ඉහල යාම පිළිබඳ සංඥා සපයා ඇත.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සිය ඉලක්කගත පරාසය වන 2% ත් 3% ත් අතරට ආපසු ගෙන යාම සඳහා මධ්‍යම බැංකුව පොලි අනුපාත ඉහළ නැංවීම භාවිතා කරයි.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය මේ වන විට 5.1% ක පවතින අතර මේ වසර තුළදී එය 7% ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉතා දුෂ්කර ආර්ථික කාල පරිච්ඡේදයක් ඉදිරියේදී පැමිණෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers ද පැවසුවේය.



Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now