ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය තවත් ඉහළ දැමීමට අද (ජූලි 05) තීරණය කළේය.
ඒ අනුව නව පොළී අනුපාතිකය 1.35% ක් වේ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය 1.35% ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කර තිබේ.
- මෙය 0.5% ක ඉහළ යාමකි.
- ගෝලීය උද්ධමනය මෙලෙස පොළී අනුපාතිකය ඉහළ දැමීමට ප්‍රධාන හේතුව බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති පැවසීය.
ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය තවත් ඉහළට
ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය 0.5% කින් ඉහළ දැමීමට අද (ජූලි 05) පැවැත්වුණු ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මාණ්ඩලික රැස්වීමේදී තීරණය කෙරිණි.
ඒ අනුව පෙර පැවති 0.85% පොළී අනුපාතය 1.35% ක් දක්වා ඉහළ දැමේ.
පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් පොළී අනුපාතික ඉහළ දැමූ තුන්වන අවස්ථාව මෙය වේ.
2022 මැයි මාසයේදී 0.1% ක්ව තිබූ පොළී අනුපාතිකය 0.35% දක්වාත් පසුගිය ජුනි මාසයේ එය 0.85% ක් දක්වාත් ඉහළ දැමීය.

ප්‍රධාන හේතුව ගෝලීය උද්ධමනය
මෙලෙස පොළී අනුපාතිකය ඉහළ දැමීමට ප්‍රධාන හේතුව ලෙස ගෝලීය උද්ධමනය දැක්විය හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe පැවසුවේය.
නමුත් ජාත්‍යන්තර සහ දේශීය ආර්ථික පීඩනය හමුවේ ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ඔරොත්තු දෙන මට්ටමක පවතින බව ද ඔහු පැවසීය.
“ගෝලීය උද්ධමනය ඉහළයි. භාණ්ඩ සැපයුම් දාමයන් වෙත කොවිඩ් බලපෑම, යුක්රේනයේ යුද්ධය සහ නිෂ්පාදන ධාරිතාව මත පීඩනයක් ඇති කරන දැඩි ඉල්ලුම හේතුවෙන් එය ඉහළ නංවනු ලබනවා." යනුවෙන් ආචාර්ය Lowe ප්‍රකාශ කළේය.
ප්‍රබල ඉල්ලුමක්, දැඩි ශ්‍රම වෙලඳපොලක් සහ ඇතැම් අංශවල ධාරිතා සීමාවන් මිල ඉහළ යාමේ පීඩනයට දායක වන බවත් ගංවතුර ද ඇතැම් මිල ගණන් වලට බලපාන බවත් ඔහු පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය දැනට 5.1% ක් බවත් මේ වසර අවසානයේ දී උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe පැවසුවේය.
කෙසේනමුත්, එය 2023 වන විට 2%, 3% මට්ටමට මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
භාණ්ඩාගාරික ඇමතිගේ අදහස
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මෙම තීරණයෙන් බලපෑමට ලක් වූ මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ට මෙය එතරම් හොඳ තීරණයක් නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
පෙට්‍රල්, සිල්ලර බඩු, විදුලිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලෙන් දැනටමත් දැඩි පීඩනයකට ලක්ව ඇති ගෘහස්ථ අයවැයෙන් මෙම තීරණය නිසා කැපී පෙනෙන මුදලක් නිවාස ණය ගෙවීම වෙනුවෙන් වෙන් කිරීමට සිදුවන බව ඔහු Sky පුවත් වෙත සඳහන් කළේය.
එනිසාම අද දිනය (ජූලි 05) බොහෝ නිවාස ණය ලබා ඇති පුද්ගලයින්ට දුෂ්කර දිනයක් වනු ඇති බවද ඔහු පැවසීය.

