Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ පිරී ඉතිරෙයි, පැය 2 කට කලින් එන්න කියා දේශීය සංචාරකයින්ට නිවේදනයක් (SBS සිංහල/ වාර්තා)

පසුගිය වසර දෙකෙහි කාර්ය බහුලම දිනය ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ සෑම එකක්ම අද (14/04) වාර්තා කළේය.

Airports around the country are expecting the busiest day in two years as hundreds of thousands of travellers prepare to fly out for the Easter long weekend.
Source: AAP / Bianca De Marchi

පාස්කු නිවාඩුව එළඹෙත්ම ඔස්ට්‍රේලියානුවාසීන් නිවාඩු ගමන් සඳහා සංචාරය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ අතිශය කාර්යබහුල තත්ත්වයක් උද්ගතවී තිබේ.


Highlights

  • අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා අවම වශයෙන් පැය දෙකකට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස ගුවන් මගීන්ගෙන් අදාළ බලධාරීහු ඉල්ලා සිටිති.
  • මගීන් 82,000 ක් පමණ අද දිනයේ මෙහෙයවීමට තමන්ට සිදුවනු ඇතැයි සිඩ්නි ගුවන් තොටුපළ පවසයි.
  • මෙල්බර්න් ගුවන් තොටුපළ ඉදිරි දින පහ තුළ පුද්ගලයන් 380,000 ක් පමණ තම ගුවන් තොටුපොළ හරහා ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ කාර්ය බහුලම දිනය

පසුගිය වසර දෙකෙහි කාර්ය බහුලම දිනය ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ සෑම එකක්ම අද (14/04) වාර්තා කළේය.

මෙම පාස්කු නිවාඩුවේ දහස් ගණන් ඔස්ට්‍රේලියානුවාසීන් දෙස් විදෙස් සංචාර සඳහා යාමට පටන් ගැනීම ඊට හේතුව වේ.

එනිසාම අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා අවම වශයෙන් පැය දෙකකට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස ගුවන් මගීන්ගෙන් අදාළ බලධාරීහු ඉල්ලා සිටිති.

මගීන් 82,000 ක් පමණ අද දිනයේ (14/04) මෙහෙයවීමට තමන්ට සිදුවනු ඇතැයි සිඩ්නි ගුවන් තොටුපළ පවසයි.

COVID-19 ආසාදන හේතුවෙන් කාර්ය මණ්ඩල හිඟය සහ ඇතැම් සේවකයින් සේවයට නොපැමිණීම හේතුවෙන් සිඩ්නි ගුවන් තොටුපළ සතිය පුරා දැඩි පීඩනයකට පත්ව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශාල check-in පෝලිම් ඇති විය.

මේ තත්ත්වය නිසා මගීන් අපහසුතාවට පත්වන බව තමන් දන්නා බවත් එයට සමාව අයදින බවත් සිඩ්නි ගුවන් තොටුපොළේ ප්‍රධාන විධායක නිලධාරී Geoff Culbert පැවසීය.

පාස්කු නිවාඩුව, පාසල් නිවාඩුව සහ Anzac දින නිවාඩුව යන නිවාඩු එක පෙළට තිබීම නිසා මෙම තදබදය අනෙකුත් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ සඳහාද එකසේ බලපා තිබේ.

ඔස්ට්‍රේලියාවේ විශාලතම දේශීය හා ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානය වන සිඩ්නි ගුවන් තොටුපළ හරහා මිලියනයකට ආසන්න සංචාරකයින් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙල්බර්න් ගුවන් තොටුපළ ඉදිරි දින පහ තුළ පුද්ගලයන් 380,000 ක් පමණ තම ගුවන් තොටුපොළ හරහා ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ඇඩිලේඩ් ගුවන් තොටුපළ බ්‍රහස්පතින්දා එහි මෑතකදී පුළුල් කරන ලද පර්යන්තයට ඇතුළු වන සංචාරකයින් 25,000 ක් වනු ඇතැයිද සිකුරාදා ද ඒ හා සමාන සංඛ්‍යාවක් ඇතුළු වනු ඇතැයි ද අපේක්ෂා කරයි.

බ්‍රිස්බේන් ගුවන්තොටුපළ මගීන් 50,000ක් පමණ අපේක්ෂා කරයි.

Huge queues are seen at the Virgin and Jetstar domestic departure terminal at Sydney Domestic Airport in Sydney, Friday, April 8, 2022. Domestic airline travels are queued outside the airport, forced to wait hours to get through check in and security. (AA
Huge queues are seen at the Virgin and Jetstar domestic departure terminal at Sydney Domestic Airport in Sydney. Source: AAP Image/Dean Lewins/NO ARCHIVING

ගුවන් තොටුපොළ සේවකයින්ට අධික පීඩනයක්

මෙම අධික කාර්යබහුල තත්ත්වය නිසා ගමන් මලු හසුරුවන්නන්, ground staff හෙවත් භූමි කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක සේවකයින් ඇදහිය නොහැකි පීඩනයකට ලක්ව සිටින බව ප්‍රවාහන සේවක සංගමයේ ජාතික ලේකම් Michael Kaine පැවසීය.

එම සේවකයින් විදේශ සමාගම් විසින් සේවයේ යොදවා ඇති නිසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා පාලක ගෙවීම් සඳහා සුදුසුකම් නොලබන බැවින් එම සේවකයින්ගෙන් බොහෝ දෙනෙකුට COVID-19 lockdowns ආරම්භයේදී ඔවුන්ගේ රැකියා අහිමි විය.

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල කාර්ය මණ්ඩල හිඟයට බලපෑ ප්‍රධානතම හේතුව එය බවද Michael Kaine සඳහන් කළේය.

ගුවන් තොටුපොළවල සේවකයින්ගෙන් ඇතැමෙකුට  COVID-19 වැළඳීම හේතුවෙන් සේවයට නොපැමිණීමද මෙම තත්ත්වයට සාධකයක් බව ඔහු පිළිගත්තේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ගුවන් ගමන් මලු හසුරුවන්නන් සහ ආරක්ෂක සේවකයින් වැනි භූමි කාර්ය මණ්ඩලයේ (ground staf) රැකියා ප්‍රථමයෙන් විදේශීය සමාගම්වලට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රවාහන සේවක සංගමයේ ජාතික ලේකම් Michael Kaine ගුවන් සමාගම්වලට දොස් පැවරීය.

"අදාළ ශ්‍රමිකයින් 2,000 කැමැත්තෙන් සහ නැවත රැකියාවට පැමිණීමට සුදානම්, නමුත් Qantas සමාගම ඔවුන්ව නැවත සේවයේ යොදවන්නේ නැහැ, එනිසා තමයි අද මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ " යනුවෙන්ද ඔහු පැවසීය.

ගුවන් සේවා කර්මාන්තයේ පවතින දිගුකාලීන ගැටලු විසඳීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ඉල්ලා සිටින බව ද ප්‍රවාහන සේවක සංගමය පවසයි.



3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now