වෙන වෙනම වයිරස් උප ප්‍රභේද දෙකක් ඒකාබද්ධ වී සම-ආසාදිත ප්‍රභේද දෙකෙහිම ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු නව තනි ප්‍රභේදයක් සාදන විට ප්‍රතිසංයෝජන ආසාදනයක් ඇති වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
ප්‍රභේද කිහිපයක් සංසරණය වන විට ප්‍රතිසංයෝජන ඇතිවීම අසාමාන්‍ය සිදුවීමක් නොවේ.
What happens when #COVID19 variants combine? Dr @mvankerkhove explains ⬇ pic.twitter.com/Q8tnhyxvxg
— World Health Organization (WHO) Western Pacific (@WHOWPRO) April 5, 2022
Deltacron සහ XE ප්‍රභේද Delta සහ Omicron වලට වඩා වෙනස් වන අයුරු
Deltacron සහ XE යනු ප්‍රතිසංයෝජන වේ.
Deltacron වල Delta සහ Omicron වයිරසවල ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වන අතර XE යනු BA.1 (මුල් Omicron ප්‍රභේදය) සහ BA.2 ඔමික්‍රොන් උප ප්‍රභේද දෙකෙහි දෙමුහුන් වර්ගයකි.
BA.2, BA.1 ට වඩා සම්ප්‍රේෂණය වීම වැඩි වන අතර දැනට ඔස්ට්‍රේලියාවේ සහ ඇතැම් රටවල වැඩි ආසාදන සඳහා එය වගකිව යුතුය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඇතැම් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවල දැනට පවතින BA.2 රැල්ල අප්‍රේල් මැද භාගයේදී ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් Omicron හි BA.1.1 සහ BA.3 වර්ග වලට අමතරව BA.4 සහ BA.5 නිරීක්ෂණය කිරීමට ද පටන් ගෙන ඇත.

ඔබ කලබල විය යුතුද?
Deltacron ගැන දන්නා නමුත් ඒවා හසුවීමේ මට්ටම ඉතා අඩු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය Maria Van Kerkhove පැවසුවාය.
"මෙම ප්‍රතිසංයෝජනය සමඟ වසංගත අධ්‍යනයේ කිසිදු වෙනසක් අපි දැක නැත. බරපතලකමේ කිසිදු වෙනසක් අපි දැක නැත. නමුත් බොහෝ අධ්‍යයනයන් සිදු වෙමින් පවතී" යනුවෙන් වෛද්‍ය Van Kerkhove පසුගිය සතියේ පැවසීය.
Deltacron වැනි ප්‍රතිසංයෝජන වෛරසයක් තනි ඩෙල්ටා හෝ ඔමික්‍රොන් වෛරස් වලට වඩා ඇත්තෙන්ම බරපතල නොවන බව වෛද්‍ය වෛරස් විද්‍යාඥයෙක් සහ Public Health Pathology හා New South Wales Health Pathology අධ්‍යක්ෂ මහාචාර්ය Dominic Dwyer පැවසීය.
"Deltacron හි බලපෑම පිළිබඳ කිසිදු සායනික දත්ත නොමැති විට, යමෙක් කරදර නොවනු ඇත. නමුත් එවැනි ප්‍රභේද සඳහා සමීක්ෂණය දිගටම කරගෙන යයි. ඔවුන් අද දක්වා දුර්ලභව වාර්තා වී ඇත. කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව වැනි බොහෝ රටවල Delta ප්‍රභේදය වියැකී යමින් පවතී." යනුවෙන්ද මහාචාර්ය Dominic Dwyer, SBS පුවත් වෙත පැවසීය.
පෙබරවාරි මාසයේදී, Deltacron ප්‍රභේදය ප්‍රථම වරට ප්‍රංශයේ උතුරු ප්‍රදේශයෙන් අනාවරණය වූ අතර එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ව්‍යාප්ත විය. අප්‍රේල් 8 දා සිකුරාදා, NSW ප්‍රාන්තයෙන් Deltacron ආසාදිතයෙකු වාර්තා කළ අතර ක්වීන්ස්ලන්තය Deltacron ආසාදන 12 ක් වාර්තා කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන පරිදි ජනවාරි 19 වන දින එක්සත් රාජධානියේ ප්‍රථම වරට අනාවරණය වූ XE, BA.2 ට වඩා 10% කින් සම්ප්‍රේෂණය විය හැකිය. නමුත් ඒ පිළිබඳ තවත් පර්යේෂණ අවශ්‍ය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Omicron යටතේ XE ප්‍රතිසංයෝජනය වර්ගීකරණය කර ඇත.
NSW සෞඛ්‍ය බලධාරීන් විසින් පසුගිය සතියේ BA.1 සහ BA.2 ප්‍රතිසංයෝජක ආසාදනයක් වාර්තා කළ නමුත් ඔවුන් තවමත් එය XE ලෙස හඳුන්වන්නේ නැත.
XE සහ XG ඇතුළුව විවිධ BA.1 සහ BA.2 දෙමුහුන් පවතින බව මහාචාර්ය Dwyer පැවසුවේය.
ඔස්ට්‍රේලියාවේ හඳුනාගත් ඒවා XE නොවන බවත් ඒවා දුර්ලභ ඒවා ලෙසට පෙනී යන බවත් මහාචාර්ය Dwyer වැඩි දුරටත් සඳහන් කළේය.

Deltacron වලට එරෙහිව දැනට පවතින කොවිඩ් එන්නත් ඵලදායීද?
කොවිඩ් එන්නත් මූලික වශයෙන් වයිරසයේ ස්පයික් ප්‍රෝටීනයට එරෙහිව ක්‍රියා කරන බව මහාචාර්ය Dwyer පැවසීය.
එබැවින්, Deltacron හි ඇති ස්පයික් කලාපය (Delta හෝ Omicron) බොහෝ විට එන්නත් වල සඵලතාවය තීරණය කරනු ඇත.
Delta හෝ Omicron වයිරස් හා සසඳන විට Deltacron, කොවිඩ් එන්නත්වල සඵලතාවය වෙනස් කරන බවට අද දක්වා සාක්ෂි නොමැති බවද මහාචාර්ය Dwyer ප්‍රකාශ කළේය.
කොවිඩ් එන්නත් වල සඵලතාවය දැන ගැනීමට ප්‍රමාණවත් තරම් Deltacron වයිරස් නොමැති බවද ඔහු පැවසුවේය.
XE වලට එරෙහිව වත්මන් කොවිඩ් එන්නත් ඵලදායීද?
XE හි ඇති ස්පයික් ප්‍රෝටීනය Omicron වෙතින් ලබා දී ඇති බැවින් කොවිඩ් එන්නත් ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බව මහාචාර්ය Dominic Dwyer සඳහන් කළේය.
නමුත් ඒ පිළිබඳ දැනගැනීමට තරම් ප්‍රමාණවත් නිශ්චිත දත්ත නොමැති බවත් මෙම ප්‍රතිසංයෝජකයින් මෙතෙක් දුර්ලභ ලෙස හමුවී ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

