ප්‍රතිශක්තීකරණය යාවත් කාලීන නොවීම හේතුවෙන් එන්නත් නොකළ ඇතැම් ඔස්ට්‍රේලියානු දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන බව සමීක්ෂණයකින් හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් 95% ක්ම සම්පූර්ණ එන්නත්කිරීම් ලබා ඇති බව මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත. නමුත් තුනෙන් එකක් දෙමාපියන් ඒ පිළිබඳ තවමත් වද වෙන බවද හෙළිවී තිබේ.

Unvaccinated Australian children

Source: iStock

ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන එන්නත් නොකළ ඇතැම් දරුවන්ගේ ප්‍රතිශක්තීකරණය යාවත් කාලීන නොවීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර වලින් පහ කරන බව සමීක්ෂණයක් පෙන්වා දෙයි.

The Australian Child Health Poll හෙවත් ඔස්ට්‍රේලියානු ළමා සෞඛ්‍ය සමීක්ෂණය සඳහා දෙමාපියන් 2000 ක් පමණ සහභාගීකරවා ගත් අතර ඔවුන්ගේ ළමුන්ගෙන් 5%ක් පමණ නියමිත මට්ටමට එන්නත් ලබා නොගෙන තිබූ බවත් හයෙන් එකක් ඒවා ප්‍රතික්ෂේප කර තිබූ බවත් හෙළිවී තිබේ. විශේෂයෙන්ම වයස අවුරුදු 6 ට අඩු දරුවන් මේ පිරිසට හසුවී ඇති බව ද වාර්තා වේ.

මෙම සමීක්ෂණයෙන් සොයාගත් නිරීක්ෂණ, වද වීමට යුතු කාරණා බව මෙල්බන් නුවර Royal Children's රෝහලේ වෛද්‍ය Anthea Rhodes පැවසුවාය.

“මෙය ඇමෙරිකාවේ දීර්ග කාලීනව තිබෙන ගැටළුවක්. එන්නත් නොකළ දරුවන්ව රැක බලාගැනීම ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය ඉතා සංකීර්ණයි.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

“Royal Children's රෝහලේ අපගේ ස්ථාවරය අප පැහැදිලිව කියා තිබෙනවා. එන්නත් ලබාගැනීමේ තත්ත්වය නොසළකා සෑම දරුවෙකුටම සෞඛ්‍ය ආරක්ෂණය ලබා ගැනීමට සම අයිතියක් තිබෙනවා කියලා අප විශ්වාස කරනවා. මෙම පිළිවෙත සමස්ත ඔස්ට්‍රෙලියාවේම ක්‍රියාත්මක කළ යුතුයි. මේ සම්බන්ධව තව තවත් පර්යේෂණ, සමීක්ෂණ සිදු කළ යුතුයි.” වෛද්‍ය Anthea Rhodes තව දුරටත් පැවසුවාය.

ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් 95% ක්ම සම්පූර්ණ එන්නත්කිරීම් ලබා ඇති බව මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත.

නමුත් තුනෙන් එකක් දෙමාපියන් ඒ පිළිබඳ තවමත් වද වෙන බවද එය හෙළි කරයි. දහයෙන් එකක් දෙමාපියන් විශ්වාස කරන පරිදි එන්නත් කිරීම් autism හෙවත් ස්වේච්ඡතාවට බලපාන අතර තවත් 30% ක පිරිසකට ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති බව ද හෙළිවී ඇත.

“බලන්න, එන්නත්කිරීම් ඵලදායකයි. ඔවුන් ආරක්ෂිතයි. ඔවුන් ඔස්ට්‍රේලියාවේ ජීවිත බොහෝ ගණනක් බේරාගෙන තිබෙනවා. මෙම සමීක්ෂණයෙන් අපට පෙනී යනවා ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙමාපියන් තමුන්ගේ දරුවන්ට එන්නත් ලබාදී ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය යාවත් කාලීනව තබා ගන්න බව.” වෛද්‍ය Anthea Rhodes පැවසුවාය.

“නමුත් තවමත් ඉතා කුඩා ප්‍රමාණයක් මේ පිළිබඳ වද වෙමින් සිටිනවා. ඔවුන්, ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ සැපයුම්කරු හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි.” ඇය පෙන්වා දුන්නාය.

තමන්ගේ දරුවන් සම්පූර්ණ එන්නත් ලබා නොගෙන ඇති බව ඔවුන්ගේ පාසල් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වෙත දැන්විය යුතු බව 74% ක් දෙමාපියන් විශ්වාස කරන බවද සමීක්ෂණය පෙන්වා දෙයි.

අසනීප ගතියෙන් පෙළෙන දරුවන් හට එන්නත් ලබා දීම ප්‍රමාද කළ යුතු බවට දුර්මතයක් ඇති බවද වෛද්‍ය Anthea Rhodes පවසයි.

කිසිදු වෛද්‍යවරයෙකු ළමුන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බව තමන් කිසි දිනෙක අසා නොමැති බව Australian Medical Association හෙවත් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ සභාපතිනි Lorraine Baker පැවසුවාය.

ළමුන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙම සමීක්ෂණයේදී ඇතැම් දෙමාපියන් පැවසීම පිළිබඳ අවිශ්වාසයක් පවතින බවද ඇය පැවසුවාය.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now