SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානවල ජංගම දුරකථන තහනම් කිරීමේ තත්ත්වය තවත් උග්‍ර අතට. (SBS සිංහල/වාර්තා)

“රැඳවුම් භාර වට පිටාවක ජංගම දුරකථන හා මුදල් තහනම් භාණ්ඩ නොවන නමුත් මධ්‍යස්ථාන ඇතුළට තහනම් භාණ්ඩ ගෙන ඒමට සහ පැන යාමට තැත් කිරීමට ඒවා ඉවහල් වෙනවා.” Roman Quaedvlieg සෙනට් සභාවට දැනුම් දුන්නේය.

Border Force defends mobile phone bans in detention centres
Source: khybernews.tv

2 min read

Published

Updated

By Madhura Seneviratne, Ben Winsor (Original)

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින රැඳවියන් හට ජංගම දුරකතන භාවිතා කිරීමේ තහනම පිළිබද තම ස්ථාවරය වෙනස් නොකරන බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක කොමසාරිස් Roman Quaedvlieg  සෙනට් සභාවට පවසයි.

ඇතැම් රැඳවියන් පැන යාමට හා මත්ද්‍රව්‍ය ගනු දෙනු කිරීමට ජංගම දුරකතන භාවිතා කරන බව ඔහු පෙන්වා දෙයි.

“රැඳවුම් භාර වට පිටාවක ජංගම දුරකථන හා මුදල් තහනම් භාණ්ඩ නොවන නමුත් මධ්‍යස්ථාන ඇතුළට තහනම් භාණ්ඩ ගෙන ඒමට සහ පැන යාමට තැත් කිරීමට ඒවා ඉවහල් වෙනවා.” Roman Quaedvlieg  සෙනට් සභාවට දැනුම් දුන්නේය.

තම ජංගම දුරකථන, මධ්‍යස්ථානය භාරයට ගැනීම හේතුවෙන් රැඳවියන් කිහිප දෙනෙකු මධ්‍යස්ථානයට විරුද්ධව නඩු මගට පිවිස ඇති අතර ඒ සඳහා තාවකාලික තහනම් නියෝගයක් ද ලැබී තිබේ.

මෙම තහනම් නියෝගය හේතුවෙන් රැඳවියන් සතු ජංගම දුරකතන තවදුරටත් මධ්‍යස්ථානය භාරයට ගැනීම වළක්වා ඇත.

අදාළ රැඳවියන් ජංගම දුරකථන ළඟ තබාගැනීමේ තහනම පැනවීමට පෙර ස්වේච්ඡාවෙන් තම ජංගම දුරකථන භාර දුන්නේ නම් ඒවා නැවත ලබා දීම පිළිබඳ සැලකිල්ලක් දැක්විය හැකි බව දෙපාර්තමේන්තුවේ නීතිඥයකු පැවසීය.

මේ වන විට ජංගම දුරකථන 179 ක් දෙපාර්තමේන්තුව සතුව පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙසේ ජංගම දුරකථන තහනම ක්‍රියාත්මක කරනු ලැබුවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සහයද ඇතිව බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක කොමසාරිස් Roman Quaedvlieg  ප්‍රකාශ කළේය. නමුත් මෙලෙස ජංගම දුරකථන තහනම් කිරීමේ නීතියක් නොමැති බවද වාර්තා වේ.

මහජනතාව අතරතුර පවතින මෙවැනි මධ්‍යස්ථාන වල සිටින රැඳවියන් ජංගම දුරකථන භාවිත කිරීම හේතුවෙන් ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ තමාට සහතික විය නොහැකි බව ද ඔහු පැවසීය.

මේ අතර, මෙම දුරකථන තහනම සරණාගත නීති උපදේශකයින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

මෙවැනි ක්‍රියා මගින් රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින රැඳවියන් බාහිර ලෝකයෙන් ඈත් කිරීමක් සිදු වන බවට ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ Tim O'Connor පැවසීය.

මෙවැනි මධ්‍යස්ථාන වල බොහෝ අහිංසක මිනිසුන් සිර කර තිබෙන බවත් ඔස්ට්‍රේලියානු සමාජයත් සමග සන්නිවේදනය කිරීම ඔවුන් හට අලුත් ජීවිතයක් ලබා දීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර මධ්‍යස්ථාන වල සිටින රැඳවියන් සඳහා ස්ථාවර දුරකථන පහසුකම් සහ අන්තර් ජාල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා දීමට දෙපාර්තමේන්තුව උත්සාහ ගන්නා බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක කොමසාරිස් Roman Quaedvlieg  ප්‍රකාශ කළේය.

“රැඳවියන් හට තම පුදගලික භාවය ආරක්ෂා කරගනිමින් තම කාමර වල සිටම තමන්ගේ නීති උපදේශකයින් සහ පවුලේ හිතවතුන් සමග දුරකතනයෙන් කරනවාට මමත් කැමතියි. නමුත් මට මෙතනදී මූලික අවධානය යොමු කිරීමට සිදුවී ඇත්තේ ආරක්ෂාව පිළිබඳව.” යනුවෙන් Roman Quaedvlieg  වැඩි දුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now