මෙවර ග්‍රීෂ්ම සෘතුවේ වික්ටෝරියානු ප්‍රාන්තය මුහුණ දෙන දරුණුතම ලැව් ගිනි තත්ත්වය ට අද (25/01) මුහුණ දෙනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ හේතුවෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වල total fire ban තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
වික්ටෝරියාව සෙල්සියස් 40 ට
අද (25/01) දිනයේදී වයඹ දිග වික්ටෝරියා කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යන බව කාලගුණ අනාවැකි සඳහන් කරයි.
මේ අතර සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයේ ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ත් 40 ත් අතර පරාසයකට ඉහළ යන බවද වාර්තා වේ.
මෙල්බර්න් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ නගින බවද සඳහන්.
Highlights
- අද (25/01) දිනයේදී සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයේ ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ත් 40 ත් අතර පරාසයකට ඉහළ යනු ඇත.
- වික්ටෝරියානු ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වල total fire ban තත්ත්වයක්.
- ගිනි නිවන ගුවන් යානා 64 ක් සූදානම්.
ලැව් ගිනි අවදානම බරපතල ලෙස ඇති කලාප
කල් පවතින තාප තරංගය පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් හමන සුළඟ සමග එකතුවීමෙන් සහ දහවල් සුළං වෙනස් වීමෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ කලාප 6 කට ලැව් ගිනි අවදානම දැඩි ලෙස ඉහළ නංවා ඇත.
එම කලාප 6 පහත පරිදි වේ.
- Mallee
- Wimmera
- Northern Country
- North East
- North Central
- East Gippsland
ඉහත කලාප හයේම ඊයේ (24/01) මධ්‍යම රාත්‍රියේ සිට එළිමහනේ ගිනි අවිලීම් තහනම් කරමින් total fire ban තත්ත්වයකට යටත් කර ඇත.
"මේ ගෙවී යන පැය 24 ක කාලය තුළ මෙම ග්‍රීෂ්ම සෘතුවේ මේ දක්වා වික්ටෝරියානු ප්‍රාන්තය අත්දකින බරපතලම ලැව් ගිනි අවදානම අත්දැකිය හැකියි." යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවන සේවාවේ ප්‍රධාන නිලධාරී Jason Heffernan පැවසුවේය.

ප්‍රාදේශීය කලාප වෙත ගිය සංචාරකයින්ට අවවාදයක්
වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විටත් බොහෝ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල සංචාරය කරමින් පසුවන බව Forest Fire Management Victoria හි Chris Hardman පැවසීය.
එම පිරිසෙන් බොහෝ දෙනෙකුට කැලෑබද පරිසරය පිළිබඳ අල්ප අත්දැකීම් ඇති බවත්, නොදැනුවත්වම ගින්නක් ඇති නොවීමට ඔවුන් වගබලා ගත යුතු බවත් ඔහු පැවසීය.
"ඔබ මෙම ප්‍රදේශවලට ආගන්තුකයෙකු නම් නුසුදුසු ලෙස හැසිරීමෙන් අදාළ ප්‍රදේශවාසීන්ව අවදානමට ලක් නොකිරීම ඇත්තෙන්ම වැදගත්." යනුවෙන්ද Fire Management Victoria හි Chris Hardman පැවසීය.

"අපගේ සියලු ලැව් ගිනි වලින් 10% ක්ම හටගන්නේ ගිනි අවුලා නොනිවා අතහැර දමා ගිය campfires වලිනි. කඳවුරු බිමත් සමග බලන කල එය ඉතා කුඩා ගිනි මැලයක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන්, එනිසා එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ යයි ඔබට සිතෙන්නට පුළුවන්, නමුත් එය එසේ නොවෙයි" යනුවෙන් ඔහු මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළේය.
ගිනි නිවන ගුවන් යානා 64 ක් මේ වන විට සූදානම් කර ඇති බව ද වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි කළමනාකරණ කොමසාරිස් Andrew Crisp පැවසීය.

