වික්ටෝරියානු ප්‍රාන්තයේ නැවතත් කොරෝනා ආසාදිතයින්, මහල් නිවාස සංකීර්ණයක් lockdown, සියලු විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි පවුලක සාමාජිකයන් තිදෙනෙකු දැනට කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

Victoria announced the last day for Victorian ROI submission

Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු හමුවී තිබේ.

ඉන් දෙදෙනෙකු පිළිබඳ ඊයේ (12/07) පස්වරුවේ නිවේදනය කෙරුණු අතර තුන්වන පුද්ගලයා පිළිබඳ අද (13/07) උදෑසන අනාවරණය කෙරුණි.


Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි පවුලක සාමාජිකයන් තිදෙනෙකු දැනට කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
  • මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට කොරෝනා වයිරසය ආසාදනය වූ නිවෙස් වල භාණ්ඩ ප්‍රවාහනය කරන කණ්ඩායමක් පැමිණීම නිසා Maribyrnong, Thomas Holmes වීදියේ පිහිටි Ariele මහල් නිවාස සංකීර්ණය lockdown කර තිබේ.
  • පසුගිය බ්‍රහස්පතින්දා (08/07) පස්වරු 1 සිට රාත්‍රී 11.59 දක්වා අදාළ ගොඩනැගිල්ලේ සිටි සෑම පුද්ගලයෙකුම වහාම කොරෝනා පරීක්ෂණයක් සිදුකර දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතු බවට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් නැවතත් කොරෝනා ආසාදිතයින් මතුවෙයි

වික්ටෝරියානු ප්‍රාන්තයේ Hume කලාපයේ ජීවත්වන සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ red zone හෙවත් රතු කලාපයේ සිට (කොරෝනා මර්මස්ථානයක් ලෙස නම් කර ඇති ප්‍රදේශයක සිට) යළි වික්ටෝරියා ප්‍රාන්තයේ තම නිවසට පැමිණ තිබේ.

එම පවුලෙන් තිදෙනෙකු පසුගිය ජූලි 04 වන දින සිඩ්නි නුවර සිට මෙල්බර්න් නුවරට ගුවන් මගින් පැමිණ ඇති අතර සෙසු සාමාජිකයා පසුගිය ජූලි 08 වන දින මෝටර් රථයකින් සිඩ්නි සිට පැමිණ ඇත.

ඔවුන් පැමිණි විගස සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් සියලු ප්‍රතිඵල ඍණාත්මක වූ නමුත් සාමාජිකයින් දෙදෙනෙකු හට කොරෝනා රෝග ලක්ෂණ පහළ වන්නට විය.

එනිසා ඔවුන් යළිත් පසුගිය ඉරිදා (11/07) කොරෝනා පරීක්ෂණ සිදුකළ අතර ඒවා ධනාත්මක බවට සඳුදා (12/07) ප්‍රතිඵල ලැබුණි.

නිරෝධායනය වෙමින් සිටි අදාළ පවුලේ තවත් සාමාජිකයෙකු හට වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (12/07) සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා අද උදෑසන අනාවරණය විය.

සිඩ්නි සිට ඔවුන් පැමිණි ගුවන් යානයේ සියලු මගීන් මේ වන විට ස්වයං නිරෝධායනය කර ඇති බවද වාර්තා වේ.

වයඹ දිග මෙල්බර්න් මහල් නිවාස සංකීර්ණයක් lockdown කෙරේ

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට කොරෝනා වයිරසය ආසාදනය වූ removalists හෙවත් නිවෙස් වල භාණ්ඩ ප්‍රවාහනය කරන කණ්ඩායමක් පැමිණීම නිසා වයඹ දිග මෙල්බර්න් මහල් නිවාස සංකීර්ණයක් lockdown කර තිබේ.

ඒ අනුව ඊයේ (12/07) රාත්‍රියේ සිට Maribyrnong, Thomas Holmes වීදියේ පිහිටි Ariele මහල් නිවාස සංකීර්ණය "tier-one exposure site" එකක් ලෙසට නම් කර lockdown කර ඇත.

එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා (08/07) පස්වරු 1 සිට රාත්‍රී 11.59 දක්වා අදාළ ගොඩනැගිල්ලේ සිටි සෑම පුද්ගලයෙකුම වහාම කොරෝනා පරීක්ෂණයක් සිදුකර දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතු බවට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.

අදාළ කාලයේදී අදාළ ගොඩනැගිල්ලේ රථ ගාල ඇතුළු ඕනෑම කොටසක ගැවසුණු පුද්ගලයෙකු හට මෙම නියෝගය වලංගු බව ඔවුහු පවසති.

එමෙන්ම එම ගොඩනැගිල්ලට පසුගිය සිකුරාදා (09/07) සිට ඊයේ (12/07) දක්වා ගිය පුද්ගලයින්ද වහාම කොරෝනා පරීක්ෂාවන් සිදුකර එහි ප්‍රථිපල ඍණාත්මක ලෙස ලැබෙන තෙක් නිවසේ සිටිය යුතු බවට දන්වා ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

වික්ටෝරියානු ප්‍රාන්තයේ COVID-19 exposure sites

අද (13/07) පෙරවරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ COVID-19 exposure sites හෙවත් COVID-19 ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව පහත පරිදි අනාවරණය කර තිබුණි.

Victoria COVID-19 exposure sites
Source: www.coronavirus.vic.gov.au
Victoria COVID-19 exposure sites
Source: www.coronavirus.vic.gov.au
Victoria COVID-19 exposure sites
Source: www.coronavirus.vic.gov.au
Victoria COVID-19 exposure sites
Source: www.coronavirus.vic.gov.au

Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now