BREAKING NEWS: අලුතින් මරණ 13 ක් සහ ආසාදිතයින් 723 ක් සමග ඔස්ට්‍රේලියාවේ දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වික්ටෝරියානු ප්‍රාන්තය වාර්තා කරයි (SBS සිංහල/ වාර්තා)

MELBOURNE, AUSTRALIA

A resident is taken from the Epping Hardens Aged Care Home on July 29, 2020 in Melbourne, Australia. Source: Robert Cianflone/Getty Images

අද (30/07) උදෑසන වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 723 ක් සමග කොරෝන මරණ 13 ක් වාර්තා වන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කළේය.

ඒ අනුව කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් දෛනිකව වාර්තා කළ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙය ලෙස වාර්තා වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)  


මීට පෙර එලෙස වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ පසුගිය සඳුදා (27/07) වූ අතර එදින අලුතින් කොරෝනා ආසාදිතයින් 532 ක් වාර්තා විය.
Victorian Premier Daniel Andrews looks on during a press conference in Melbourne, Sunday, July 12, 2020. Victoria has recorded 273 new cases of coronavirus and another death. (AAP Image/Daniel Pockett) NO ARCHIVING
Victorian Premier Daniel Andrews Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයට ඔස්ට්‍රේලියානු යුද හමුදාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කැඳවයි

කොරෝනා මරණ ඉහළ නැගීම හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වයිරසයෙන් පීඩා විඳින aged care මධ්‍යස්ථාන වෙත රෝහල් කාර්ය මණ්ඩලය සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කැඳවා තිබේ.

ඒ අනුව Australian Medical Assistance Teams හෙවත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සහයක කණ්ඩායම් 5 ක් වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීමට නියමිතය.

ඉන් පළමු කණ්ඩායම අද (30/07) මෙල්බර්න් නුවරට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ඊයේ (29/07) උදෑසන වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 9 ක් වාර්තා වූ අතර ඉන් 7 ක්ම aged care මධ්‍යස්ථාන වල වාසය කළ වියපත් පුද්ගලයෝ වූහ.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 5000 ඉක්මවා ඇති බවද සඳහන්.

ඔවුන් අතරින් වැඩි කොටසක් aged care මධ්‍යස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින් හා එහි කාර්ය මණ්ඩලය මෙන්ම සෞඛ්‍ය සේවකයින් බවද වාර්තා වේ.
Military personnel have been brought in to help contain the coronavirus outbreak.
Military personnel have been brought in to help contain the coronavirus outbreak. Source: AAP

කොරෝනා ආසාදිතයින් ගේ සමාජ වගකීම

COVID-19 පරීක්ෂාවෙන් ධනාත්මක බවට ප්‍රතිඵල ලබන සෑම වික්ටෝරියානුවෙකු ගේම නිවසේ දොරට යුද හමුදාවෙන් තට්ටු කරනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අනතුරු අඟවා තිබේ.

සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ කොරෝනා වයිරසයට ධනාත්මක වූ පුද්ගලයින් ගේ නිවෙස්වලට මේ වන විටත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බළකායේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය සේවකයින් යාම ආරම්භ කර ඇත.

එවැනි අන්දමේ පුද්ගලයින් 500 කගේ නිවෙස් වෙත දැනටමත් ගොස් ඇති බවත් එහිදී අදාළ පුද්ගලයින් 29 දෙනෙකු නිවෙස් වල නොසිටි බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

එම පුද්ගලයින් පිළිබඳ වික්ටෝරියානු පොලීසියට පැමිණිලි කර තිබේ.

වයිරසය ආසාදනය වූ සෑම පුද්ගලයෙකු වෙතම විශාල සමාජ වගකීමක් පැවරී ඇති බැවින් ඔවුන් මුළු මහත් සමාජය ගැනම සිතා තමන්ගේ හැසිරීම් හා තීරණ සිදු කළ යුතු බවට ප්‍රාන්ත අගමැති Daniel Andrews අවධාරණය කළේය.
Secretary of the Department of Health Brendan Murphy speak to the media during a press conference at Parliament House in Canberra, Wednesday, July 29, 2020. (AAP Image/Lukas Coch) NO ARCHIVING
Secretary of the Department of Health Brendan Murphy Source: AAP

තවත් කොරෝනා මරණ සිදුවිය හැකියි

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ aged care මධ්‍යස්ථාන ආශ්‍රිතව සක්‍රිය කොරෝනා ආසාදිතයින් 952 ක් වාර්තා වන බවත් aged care මධ්‍යස්ථාන 87 ක් ආශ්‍රිතව කොරෝනා වයිරසය පැතිරී ඇතිවී බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ දත්ත පෙන්වා දෙයි.

පවතින තත්ත්වය හමුවේ තවත් බොහෝ වියපත් පුද්ගලයින් මෙම වයිරසය නිසා මිය යනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ හිටපු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී හා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වත්මන් ලේකම් මහාචාර්ය Brendan Murphy පැවසීය.

වියපත් පුද්ගලයින් කොරෝනා වයිරසය නිසා දෛනිකව මිය යාම ඇත්තෙන්ම ඛේදජනක සිදුවීමක් බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service