Greater Sydney කලාපයේ ඇතැම් ප්‍රදේශ සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කෙරේ.
ඒ අනුව Blue Mountains, Wollongong සහ Sydney හි ඇතැම් ප්‍රදේශ සඳහා වසා දමා තිබුණු වික්ටෝරියානු ප්‍රාන්ත සීමා යළි විවෘත වනු ඇත.
සිඩ්නි හි නගර සභා කලාප 35 න් 25 ක් රතු පැහැති ඛාණ්ඩයෙන් තැඹිලි පැහැති ඛාණ්ඩයට මාරු කළ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (18/01) තහවුරු කළේය.
මීට අමතරව Blue Mountains සහ Wollongong කලාප ද රතු පැහැති ඛාණ්ඩයෙන් තැඹිලි පැහැති ඛාණ්ඩයට මාරු කළ බව වාර්තා වේ.
එමෙන්ම නිව් සවුත් වේල්ස් - වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ ඇති උප නගර 16 ක් දැන් කොළ පැහැති ඛාණ්ඩයට දමා තිබේ.
කොරෝනා අවදානම අනුව ඔස්ට්‍රේලියාවේ නගර රතු, තැඹිලි සහ කොළ ලෙස ඛාණ්ඩ කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගිය සතියේ සිට පියවර ගත්තේය.
ඉහළ කොරෝනා අවදානමක් ඇති නගර රතු ලෙසත් කොරෝනා අවදානම මද වශයෙන් ඇති නගර තැඹිලි ලෙසත් කොරෝනා අවදානම නොමැති නගර කොළ ලෙසත් ඛාණ්ඩ කර තිබේ.
තැඹිලි පැහැති කලාප වලින් වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර පත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු අතර වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණ පැය 72 ක් ඇතුළත කොරෝනා පරීක්ෂාවක් සිදුකරගත යුතුය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවමත් රතු කලාප
සිඩ්නි කලාපයේ නගර සභා වන Blacktown, Burwood, Canada Bay, Canterbury-Bankstown, Cumberland, Fairfield, Inner West, Liverpool, Parramatta සහ Strathfield තවමත් රතු කලාප හෙවත් කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුන්වන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
"අපි හිතුවට වඩා වැඩි කාලයක් එම සිඩ්නි නගර සභා ප්‍රදේශ රතු ඛාණ්ඩය යටතේ තැබීමට සිදුවී තිබෙනවා. ඇතැම් නගර ටික දිනකින් තැඹිලි පැහැති ඛාණ්ඩයට පත්වනු ඇති. ඒ පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා දීමට නොහැකි වීම කලකිරීමට හා අභියෝගයට ලක්වන බව ද මා දන්නවා." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මේ අතර නොකඩවා 12 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයකු හමු නොවූ බව වාර්තා වේ.
ගතවූ පැය 24 තුළ කොරෝනා පරීක්ෂාවන් 14,000 ක් පමණ සිදුකළ බව ද වාර්තා වේ.

Australian Open ටෙනිස් තරගාවලියට පැමිණි ක්‍රීඩකයෙකුටත් කොරෝනා
එළඹෙන පෙබරවාරි 08 වන දින ආරම්භ වීමට නියමිත Australian Open ටෙනිස් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණි ටෙනිස් ක්‍රීඩකයෙකුට සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට හෝටල් නිරෝධානයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 33 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Australian Open ටෙනිස් තරගාවලියට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙනා මේ වන විට තම හෝටල් කාමර වල ස්වයං නිරෝධානය වෙමින් සිටී.
Abu Dhabi, Doha සහ Los Angeles ගුවන් තොටුපොළ වල සිට විශේෂ ගුවන් යානා තුනකින් මොවුන් මෙල්බර්න් නුවරට රැගෙන විත් තිබේ.
කෙසේවෙතත්, ලොව අංක එකේ ටෙනිස් තරුවක් වන Novak Djokovic විසින් ස්වයං නිරෝධානය වන දින 14 ක කාලය අඩු කරන ලෙස ඉල්ලා තිබේ.
නමුත් එසේ කිරීමට නොහැකි බවත් කිසිදු ටෙනිස් ක්‍රීඩකයෙකු හට විශේෂ සැලකිලි නොදක්වන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

