ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානාවල කාර්ය මණ්ඩලය සඳහා කොරෝනා පරීක්ෂාවන් පැවැත්වීමට සහ ඔවුන්ව නිරෝධායනය කිරීමට තමන් අනුගමනය කරන ක්‍රියා මාර්ග අනුගමනය කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්තවලින් ඉල්ලා සිටියි.
විදෙස් ගතව සිට පැමිණෙන ගුවන් මගීන් ට වඩා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානාවල කාර්ය මණ්ඩල සඳහා සිදුකරනු ලබන කොරෝනා පරීක්ෂණ වල ධනාත්මක වීම වැඩි වීමත් සමග ඔවුන් මේ බව පවසා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මීට සති දෙකකට පෙර වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් නිදහස් කිරීම් අවසන් කළ දින සිට ජාත්‍යන්තර ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකු හෝටල් නිරෝධායනයේදී කොරෝනා වයිරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීම් වලදී තහවුරු වූ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොලිස් කටයුතු හා හදිසි සේවා ඇමතිනී Lisa Neville පැවසුවාය.
කෙසේනමුත්, දෙසැම්බර් මස මැද භාගය තෙක් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානා කාර්ය මණ්ඩලය නිරෝධායනයෙන් සහ කොරෝනා පරීක්ෂා වලින් නිදහස් කර තිබුණි.
එය මහත්වූ අවදානම් සහිත දුර්වලතාවක් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොලිස් කටයුතු හා හදිසි සේවා ඇමතිනී Lisa Neville පැවසුවාය.
ඒ අනුව පසුගිය සති දෙක තුළ මෙල්බර්න් නුවරට පැමිණි දහස් ගණනක් ගුවන් කාර්ය මණ්ඩලය අතරින් 8 දෙනෙකු කොරෝනා පරීක්ෂා වලට ධනාත්මක වී ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.
මෙය විදෙස් ගත වී ආපසු ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයින් අතර අප දකින සාමාන්‍යයට වඩා ඉහළය.
එනිසා ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත ද වික්ටෝරියා ප්‍රාන්තය මෙන් පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන් කාර්ය මණ්ඩල සඳහා අදාළ පියවර ගත යුතු බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොලිස් කටයුතු හා හදිසි සේවා ඇමතිනී Lisa Neville පැවසුවාය.
අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි වල ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් සමග එක්ව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුවේදී මෙම ගැටලුව මතු කරන බව වික්ටෝරියානු බලධාරීන් පවසයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්ත වලට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් කාර්ය මණ්ඩලයට ගන්නා පියවර
වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔවුන්ටම වෙන්වූ හෝටලයක නිරෝධායනය විය යුතු අතර අදාළ හෝටලයට පැමිණිමේදී කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතුවේ.
ගුවන් තොටුපොළේ සිට අදාළ හෝටලයට මීට පෙර ගුවන් යානා කාර්ය මණ්ඩලය යොදාගනු ලැබුවේ පුද්ගලික ප්‍රවාහන ක්‍රම වන අතර මේ වන විට ඔවුන් සමග වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු ද ගමන් කරයි.
ගුවන් තොටුපොළෙන් නික්ම යාමට පෙර තම පුද්ගලික විස්තර හා ලිඛිත අවසරය ලබා දෙන ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් හෝටල් නිරෝධයනයෙන් ඉවත් කරන ලදී.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ක්වීන්ස්ලන්තයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රාන්ත රජය විසින් සපයනු ලබන හෝටලයක නිරෝධායනය විය යුතු අතර පැමිණ පැය 48 ක් ඇතුළත කොරෝනා පරීක්ෂාවක් සිදුකරගත යුතුය. නැතිනම් පසුගිය සතියේදී ඔස්ට්‍රෙල්යාවේ සිදුකළ කොරෝනා පරීක්ෂණයේ negative ප්‍රතිඵල ඔවුන්ට අදාළ බලධාරීන්ට පෙන්නුම් කළ හැකිවේ.
ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් නොවේ නම් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙන් කරන ලද හෝටල් වල නිරෝධායනය කළ යුතු බව Australian Health Protection Principal කමිටුව සෑම ප්‍රාන්තයකටම සහ ටෙරිටරියකටම නිර්දේශ කර තිබේ.
ඒවා නිර්දේශ වන බවත් ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි තමන්ට අනුගතවූ නීති පිළිපදින බවත් ABC පුවත් වෙබ් අඩවිය පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ Black Rock කොරෝනා පොකුර තවත් වර්ධනය වෙයි
විටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට ප්‍රජාව අතරින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 කි.
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමග මෙම වර්ධනය සිදුවිය.
එමෙන්ම විදෙස්ගතව සිට පැමිණි එක් ජාත්‍යන්තර ගුවන් මගියෙකු හටද කොරෝනා වයිරසය වැළදී ඇති බවට සඳහන්.
අලුතින් හමුවූ ආසාදිතයින් තිදෙනා සමග Black Rock අවන්හල ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර 27 දක්වා වර්ධනය වී තිබේ.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන පිළිබඳ සම්පූර්ණ යාවත්කාලීන කළ තොරතුරු මේ වන විට මෙතනින් ලනගත හැකිය.
Springvale හි IKEA සුපිරි වෙළෙඳ සංකීර්ණය Keysborough හි Sikh දේවස්ථානය ද අදාළ ලැයිස්තුවට එක් කොට තිබේ.

