වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන ජනයාගෙන් පිටාර ගලයි, නිවාඩු ගිය කාර්ය මණ්ඩලයත් නැවත කැඳවයි (SBS සිංහල/ වාර්තා)

A long line of cars queues at a drive-through COVID-19 testing facility in Dandenong, Melbourne, on 31 December.

A long line of cars queues at a drive-through COVID-19 testing facility in Dandenong Source: AAP

මෙල්බර්න් කලාපයේ නැවතත් කොරෝනා වයිරසය ආසදානය වූ පුද්ගලයින් හමුවීමත් සමග කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් උද්ගත වී තිබේ.

මේ හේතුවෙන්ම මෙල්බර්න් වැසියන් කොරෝනා පරීක්ෂාවන් සිදුකරගැනීමට විශාල වශයෙන් කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත ඇදෙමින් සිටී.

කෙසේනමුත් ඇතැම් මෙල්බර්න් කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන වල ඉතා දිගු පෝලිම් තිබෙන බවත් එනිසාම විශාල කාලයක් බලා සිටීමට සිදුවන බවත් වාර්තා වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මෙල්බර්න් කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන කාර්ය බහුල වෙයි

මෙල්බර්න් කලාපයේ නැවතත් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් හමුවීමත් සමග මෙල්බර්න් කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන අධික ලෙස කාර්ය බහුල වී තිබේ.

පසුගිය සතියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගොස් පැමිණි වික්ටෝරියානුවන් 60,000 කට අධික පිරිසක් සිටින බව නිසාත් ඔවුන් සහ අනෙකුත් මෙල්බර්න් වැසියන් විශාල වශයෙන් කොරෝනා පරීක්ෂාවන් සිදුකරගැනීමට කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත ඇදෙමින් සිටින නිසාත් මෙලෙස අදාළ මධ්‍යස්ථාන අධික ලෙස කාර්යබහුල වී ඇත.

පසුගිය සිකුරාදා (01/01) 18,000 කට අධික සංඛ්‍යාවක් ද සෙනසුරාදා (02/01) 22,000 කට අධික සංඛ්‍යාවක් ද වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයට යළි පැමිණි සියලුම වික්ටෝරියානු වැසියන් පැමිණ පැය 24 ක් ඇතුළත කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගත යුතු බව දැනුම් දී තිබෙන නමුත් පරීක්ෂණ මධ්‍යස්ථාන වල ඇති අධික තදබදය නිසා පැය 24 ඉක්මවුවත් ඔවුන්ට දඩ මුදල් නොපනවන බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඊයේ (03/01) පස්වරු 1 ට පමණ Chadstone හි drive-through කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානයේ පරීක්ෂණයක් කරගැනීම සඳහා පැය 5 ක පමණ කාලයක් බලා සිටීමට සිදුවී ඇති බවත් Dandenong සහ Wyndham Vale මධ්‍යස්ථාන වල එය පැය 3 ක් පමණ ලෙසත් වාර්තා විය.

කෙසේනමුත්, Melbourne Showgrounds  හිදී ඊයේ පස්වරුවේ කිසිදු බලා සිටීමකින් තොරව කොරෝනා පරීක්ෂණ සිදුකරගැනීමට හැකිවී ඇති බවද වාර්තා විය.

Washington DC Area Sees Highest Rate Of COVID-19 Infections In U.S.
Source: Getty Images

මෙල්බර්න් කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන

මෙල්බර්න් කලාපයේ drive-through මාදිලියේ කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන  13 ක් මේ වන විට සෑම දිනකම පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක වේ.

Melbourne Showgrounds හි ඇති මධ්‍යස්ථානය සෑම දිනකම පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා ක්‍රියාත්මක කෙරේ.

මෙල්බර්න් කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන වල ක්‍රියාකාරීත්වය නිරන්තරව වෙනස්වන අතර ඒ සියලු යාවත්කාලීන තොරතුරු මෙතනින් ලබාගත හැකිය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


නිවාඩු ගිය කාර්ය මණ්ඩලය නැවත කැඳවයි

මෙල්බර්න් ඇතැම් කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන වල දෛනික පරීක්ෂණ ප්‍රමාණය ඉක්මවා යන විට පරීක්ෂණය සිදුකරගැනීමට පැමිණ සිටින පිරිස හරවා යැවීමට සිදුවූ අවස්ථා ද තිබුණු බව වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේ ප්‍රධානී Jeroen Weimar පැවසීය.

මෙම අධික මිනිස් තදබදයට මුහුණ දීම සඳහා මේ කාලයේ නිවාඩු රැගෙන ගිය කාර්යමණ්ඩලයේ නිවාඩු අවලංගු කර යළි කැඳවීමට සිදුවී ඇති බවද ඔහු පැවසුවේය.

2020 වසරේ නොකඩවා මාස 4 ක් පමණ අතිශය වෙහෙස වී සේවය කළ කාර්යය මණ්ඩලය මෙලෙස නිවාඩු ගෙන ඇති නමුත් ඔවුන්ව නැවත කැඳවීමට සිදුවූයේ මෙම තත්ත්වය හැකි ඉක්මණින් පාලනය කරගැනීමට බව ඔහු පැහැදිලි කළේය.

මේ මොහොතේ "ඉවසිලිවත් වෙන්න, මේ සඳහා යම් කාලයක් ගතවෙනවා" කොරෝනා පරීක්ෂණ සිදුකරගැනීමට පැමිණෙන පිරිස් වෙත Jeroen Weimar පැවසීය.


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now