යමෙකු ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය සදහා අයදුම් කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ අයදුම්පත් සදහා අනුමැතිය ලැබීමෙන් පසු පුරවැසි භාවය හිමිවීමේ අවසන් අදියර ඒ සදහා පැවැත්වෙන උත්සවයයි. පුරවැසි භාවය නිත්‍යානුකුල වශයෙන් හිමිවීමට මෙම උත්සවය සදහා සහභාගී වීම අනිවාර්ය කාරණයක්.

ඔබ දැන ගත යුතු කරුණු
පුරවැසිභාවය පිරිනැමීමේ නිළ උත්සවය ඔබ වාසය කරන ප්‍රදේශයේ කවුන්සිලයේදී පැවැත්වෙන අතර, සාමාන්‍යයෙන් ඔබගේ පුරවැසි භාවය පිළිබද අයදුම්පත අනුමත වී මාස 6ක් තුල ඔබට මෙම උත්සවයට සහභාගී වීමට අවස්ථාව හිමි වනවා. මේ සදහා අදාල වන කැදවීමේ ලිපිය (letter of invitation) ඔබගේ කවුන්සිලයෙන් හෝ ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවෙන් (Department of Home Affairs) ඔබට ලැබෙන අතර, යම් හෙයකින් මෙම ලිපිය ලැබී මාස 12ක් තුල අදාල උත්සවයට ඔබ සහභාගී නොවුවහොත් ඔබගේ පුරවැසිභාවය පිළිබද අයදුම් පත නැවත විමසා බැලීමට හෝ අවලංගු වීමට ඉඩ තිබේ.
පුරවැසිභාවය පිරිනැමීමේ නිළ උත්සවයට ඔබේ සුදානම
මෙම උස්තවසයට ඔබගේ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සමග ඔබට සහභාගී විය හැකි අතර, ඒ සදහා ඔබ සමග පැමිණිය හැකි සංඛ්‍යාව අදාල කැදවීමේ ලිපියේ සදහන් වනු ඇති. ඔබගේ දරුවන් ඔබ සමග එම උත්සවයට සහභාගී වන්නේ නම් ඔවුන්ට ඔබ සමග අසුන් ගැනීමේ අවස්ථාව සමහර විට හිමි නොවන අතර, ඔවුන් රැකබලා ගැනීම සදහා කෙනෙකු සුදානම් කරගැනීම ඔබට පහසුවක් වනු ඇති.
ඔබ සමග පැමිණෙන අමුත්තන් හට මෙම උත්සවයේ ජයාරූප ගැනීමට ලැබෙන අතර, ඔබ අබාධිත නම් හෝ වෙනත් විශේෂ අවශ්‍යතාවයක් ඇත්නම් අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ පුරවැසි භාවය පිළිබද තොරතුරු ලබාගත හැකි 131 880 දුරකථන අංකයට ඒ පිළිබද දැනුම් දිය හැකිය.
ඔබගේ කැදවීමේ ලිපිය (letter of invitation) සහ රියදුරු බලපත්‍රය වැනි, ජයරුපය සහිත හැදුනුම්පතක් මෙම උත්සවයට සහභාවිමේදී රැගෙන ඒමට අමතක කරන්න එපා.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, 93.1fm VIC / 97.7fm NSW
************************************************************************************************
පුරවැසිභාවය පිරිනැමීමේ නිළ උත්සවයට සහභාගී වීමේදී සම්මත ඇදුමක් ප්‍රකාශයට පත් කර නොතිබුනත්, එම උත්සවයට ගැලපෙන වැදගත් ඇදුමකින් (smart casual) ඒ සදහා සහභාගී වීම යෝග්‍ය බව අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එමෙන්ම අදාල උත්සවය පැවැත්වෙන ස්ථානයට විනාඩි 30කට කලින් වත් පැමිණීමෙන් ලියාපදිංචි වීමේ කටයුතු පහසු වනු ඇති බව සදහන්.
පුරවැසිභාවය පිරිනැමීමේ නිළ උත්සවය
ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය පිරිනැමීමේ නිල උත්සවය සාමාන්‍යයෙන් පැයක් - පැය දෙකක කාලයක් අතර පැවැත්වෙන අතර, උත්සවය පිළිබද හැදින්වීමේ දේශනය ඇතුළුව තවත් තවත් කතා කීපයක් ඊට ඇතුලත් වනු ඇති.
මෙහිදී මුලසුන දරන නිලධාරියා (presiding officer) කියවීමෙන් පසුව අදාල ප්‍රතිඥාව කියවීම වැදගත්ම අංගය වන අතර, දෙවියන් පිළිබද සදහන් ප්‍රතිඥාව සහ දෙවියන් පිලිබදව සදහනක් නැති ප්‍රතිඥාව වශයෙන් ප්‍රතිඥා දෙකක් ඇති අතර ඔබ කැමති පිටපතක් තෝරාගැනීමේ නිදහස එහිදී ඔබට හිමි වනවා.
මෙම ප්‍රතිඥාව කියවීම ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමිවීමේ ක්‍රියාවලියේ අවසන් පියවර වන අතර, ඕස්ට්‍රේලියාවට තම විශ්වාශවන්ත භාවය ප්‍රකාශයට පත් කිරීම, තම වගකීම් සහ අයිතිවාසිකම් පිළිගැනීම මෙහි මුලික අරමුනයි.
ඕස්ට්‍රේලියානු ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව පුරවැසිභාවය පිරිනැමීමේ නිළ උත්සවය නිමාවට පත්වන අතර, ඔබට මෙහිදී පිරිනැමෙන පුරවැසි සහතිකයේ සදහන් කරුණු නිවැරදි දැයි පරික්ෂා කර බැලීම වැදගත්.

පුරවැසිභාවය පිරිනැමීමේ නිළ උත්සවයෙන් පසු....
මෙම උත්සවයෙන් අනතුරුව ඔබට ජයාරූප ගැනීමට අවස්ථාව හිමි වන අතර, ඉන් අනතුරුව පැවැත්වෙන සුහද හමුවකටද ඔබට සහභාගී වීමට ඔබට අවසථාව උදා වනු ඇති. තවද ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි වීමත් සමග ඕස්ට්‍රේලියානු ජන්ද හිමි නාම ලේඛනය තුල ලියාපදිංචි වීමටත්, ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය සදහා අයදුම් කිරීමටත් ඔබට අවස්ථාව උදා වනු ඇති.

ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේදී සහ ලබාගැනීමෙන් පසු ඔබට වැදගත් තොරතුරු පහත Links මගින් ලබාගත හැකියි
පුරවැසිභාවය පිරිනැමීමේ නිළ උත්සවය පිළිබද තොරතුරු
ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේදී වැදගත් තොරතුරු
ඕස්ට්‍රේලියානු ජන්ද හිමි නාම ලේඛනය තුල ලියාපදිංචි වීමේදී වැදගත් වන තොරතුරු

