මගී කාඩ්පතක් යනු මගීන් හඳුනාගැනීම සහ යම් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවට ඇතුළු වූ බවට ඵලදායී වාර්තාවක් සපයන ලියවිල්ලකි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන් සියලු දෙනාම Incoming passenger කාඩ්පතක් සම්පූර්ණ කිරීමෙන් ඔවුන් පිළිබඳ අසා ඇති සියලු තොරතුරු ඔස්ට්‍රේලියාවේ ස්වෙදේශ කටයුතු අමාත්‍යංශයට ලබා දිය යුතු වේ.
මගීන් විසින් ඔස්ට්‍රේලියාවට රැගෙන ආ භාණ්ඩ පිළිබඳව ද එහිදී විමසන අතර ඒ පිළිබඳව සත්‍ය හා නිවැරදි තොරතුරු සැපයීමටද සියළුම ගුවන් මගීන් බැඳී සිටී .
මෙම මගී කාඩ්පතක් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු නීතිය 1958 සංක්‍රමණ පනතේ සහ 1994 සංක්‍රමණ රෙගුලාසි වල දක්වා ඇත.
ඔස්ට්‍රේලියානු නොවන පුරවැසියන් සඳහා සෞඛ්‍ය සහ චරිතය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලෙසත් විශේෂ කාණ්ඩයේ වීසා අයදුම්කරුවන් සහ නොර්ෆොක් දූපතේ ස්ථිර පදිංචිකරුවන් සඳහා වීසා අයදුම් පත්‍රයක් ලෙසත් මෙම මගී කාඩ්පත භාවිතා කරයි.
මගී කාඩ්පතක් සම්පූර්ණ කළ යුත්තේ කවුද?
බොහෝ මගීන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වන විට මගී කාඩ්පතක් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.කෙසේ වෙතත්, විශේෂිත පුද්ගලයින් මගී කාඩ්පතක් සම්පූර්ණ කිරීමෙන් නිදහස් කර තිබේ.
Incoming passenger කාඩ් පත සම්පූර්ණ කිරීම ප්‍රතික්ෂේප කිරීම ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට දඬුවම් ලැබිය හැකි වරදකි.
ඔස්ට්‍රේලියානු නොවන පුරවැසියන්ටද දඬුවම් කළ හැකි අතර ඒ නිසා මෙරටට ඇතුළු වීම ප්‍රතික්ෂේප විය හැකිය.

මගී කාඩ්පත සම්පුර්ණ කිරීමේදී වැදගත් වන කරුණු
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති Incoming Passenger කාඩ්පත් ඉංග්‍රීසියෙන්ම සම්පූර්ණ කළ යුතු වේ.
Incoming Passenger Card, English
මගී කාඩ්පතක් සම්පූර්ණ කිරීමට සහාය අවශ්‍ය ගුවන් මගීන්ට පරිවර්තන සහාය ඇතුළුව අවශ්‍ය සහය ලබා ගත හැක. එමෙන්ම Incoming passenger කාඩ් පත්හි මුද්‍රණය කළ හැකි පරිවර්තිත අනුවාද සාම්පල අන්තර්ජාලය ඔස්සේ බාගත කර ගැනීමට ද හැකියාව තිබේ.
Incoming Passenger Card, සිංහල (Sinhalese)
අන්තර්ජාලය ඔස්සේ බාගත කර ගන්නා Incoming Passenger කාඩ්පත් වල පිටපත් සාම්පල පමණක් වන අතර එහි සත්‍ය පිටපතක් බොහෝ විට ඔස්ට්‍රේලියාව බලා එන ගුවන් ගමන අතර වාරයේදී ගුවන් යානයේදී ඔබට ලැබේ.
ඔබේ භාෂාවෙන් ඇති සාම්පලය කියවා Incoming Passenger කාඩ්පතේ ඇති තොරතුරු තේරුම් ගත හැකි වන නමුත් එහි සත්‍ය පිටපත ඔබ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සම්පුර්ණ කල යුතු වේ.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන් Incoming passenger කාඩ්පතෙහි දෙපැත්තේම ඇති පහත තොරතුරු නිවැරදිව සැපයීම අවශ්‍ය වේ.
මගී කාඩ්පතේ ඉදිරිපස

- පවුලේ නම් / වාසගම, වෙනත් නම් සහ ගමන්පත්‍රයේ අංකය
- ගුවන් යානයේ අංකය හෝ ගුවන් සේවයේ නම
- ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට අපේක්ෂිත ලිපිනය
- ඔවුන් ඉදිරි මාස 12 සඳහා ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමට අදහස් කරන්නේද යන වග
- රේගු සහ නිරෝධායන සම්බන්ධ ප්‍රකාශ
මගී කාඩ්පතේ පිටුපස

- ඔවුන් ගුවන් යානයට ගොඩ වූ රට
- ඔවුන්ගේ උපන් දිනය සහ සුපුරුදු රැකියාව
- ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයේ ඇති පරිදි ජාතිකත්වය
- ඔස්ට්‍රේලියාවේ තමාට ඇති සම්බන්ධතා තොරතුරු සහ හදිසි සම්බන්ධතා තොරතුරු.
Incoming passenger කාඩ්පත පිරවීමේදී තමාගේ ගමන් බලපත්‍රයේ සහ වීසා බලපත්‍රයේ සඳහන් වන ආකාරයටම තොරතුරු ඇතුළත් කිරීම ඉතා වැදගත් වේ.
ගුවන් මගීන් විසින් incoming passenger කාඩ්පත අත්සන් කිරීම සහ දිනය යෙදීම අවශ්‍ය වන අතර, ඔවුන්ගේ සංක්‍රමණ තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය සහ පූර්ව අපරාධ චෝදනා සම්බන්ධයෙන් අමතර ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සැපයීම අවශ්‍ය වේ.
ඔස්ට්‍රේලියානුු නොවන පුරවැසියන් සඳහා, ව්‍යාජ තොරතුරු සැපයීම ඔවුන්ගේ වීසා තත්ත්වයට බලපෑ හැකිය.
වෙනත් සංචාරකයෙකු වෙනුවෙන් මගී කාඩ්පතක් සම්පූර්ණ කිරීමට ,යම් සංචාරකයෙක් භාරව සිටින පුද්ගලයෙකුට හැකියාව තිබේ. මෙයට බාල වයස්කරුවන්ගේ දෙමාපියන්/භාරකරුවන් සහ විශේෂ අවශ්‍යතා ඇති සංචාරකයින් රැකබලා ගන්නන් ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියානුු නොවන පුරවැසියෙකු ඔවුන් වෙනුවෙන් සම්පූර්ණ කරන ලද මගී කාඩ්පතක් අතැතිව සිටීි නම් එය ඔවුන් විසින් සම්පූර්ණ කර ඇති බවට සලකනු ලැබේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ පිටත්ව යන සියලුම මගීන්ගේ අවදානම් තක්සේරුව සහ නිෂ්කාශනය (immigration clearance )භාර ගැනීමේ වගකීම දරයි.
මෙසේ ලබා ගන්න ගුවන් මගීන්ගේ දත්ත හා තොරතුරු වල භාවිතය පිළිබද වගකීම ද එම දෙපාර්තුමේන්තුව යටතේ පවතී.
මෙම දේශසීමා ආරක්ෂණ කාර්යයන් ඉටු කිරීම පහසු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු නීතියෙන්, එනම් රේගු පනතේ 1901 (Cth) හි 64AF වගන්තිය, ඔස්ට්‍රේලියාවට සහ ඉන් පිටතට පියාසර කරන සියලුම ජාත්‍යන්තර මගී ගුවන් සේවා ක්‍රියාකරුවන්ගෙන් මගී තොරතුරු වෙත ප්‍රවේශය ඉල්ලා සිටීමට දෙපාර්තමේන්තුවට අවසර හිමිවේ.

