ශ්‍රී ලාංකිකයින් පිහිනීම ඉගෙන ගැනීමට ප්‍රමුඛතාවක් ලබා නොදෙන්නේ ඇයි?

මුහුදේ ඇතිවන දිය වැල් (Currents) පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව රැළි අඩු ස්ථාන වලදී මුහුදේ නෑමට යාමෙන් දියේ ගිලීම් වලට මුහුණ දීමේ ඉහළ අවදානමක් තිබේ.

swimming

Source: Pixabay/ DanaTentis

ඔස්ට්‍රේලියාව තුළ දියේ ගිලීම් වලට බහුලවම මුහුණ දෙන්නේ සංක්‍රමණික ජනතාව බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

එයින්ද වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් පැමිණි සංක්‍රමණිකයින් වීම විශේෂත්වයකි.


Highlights

  • ජලයේදී ආරක්ෂිතව විනෝදවන්නේ කෙසේදැයි නිසි දැනුමක් නොතිබීම ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් වැඩිපුරම දියේ ගිලීම් වලට ලක්වීමට ප්‍රධාන හේතුව වේ.
  • ශ්‍රී ලංකාව දූපතක් වුවද බහුතරයකට පිහිනීම යන නිපුණතාව නොමැත.
  • පිහිනීම යනු ජීවන කුසලතාවක් (life skill) බව බොහෝ ශ්‍රී ලාංකිකයින් අවබෝධ කරගෙන නොමැත.

මේ සඳහා හේතු කාරණා මොනවාදැයි SBS සිංහල ගුවන් විදුලිය Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා සමග සාකච්ඡා කළේය.

එම සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් වැඩිපුරම දියේ ගිලීම් වලට ලක්වන්නේ ඇයි?

ජලයේදී ආරක්ෂිතව විනෝදවන්නේ කෙසේදැයි නිසි දැනුමක් නොතිබීම මේ සඳහා ප්‍රධානතම හේතුව බව Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

ඊට අමතරව මේ සඳහා පහත සඳහන් හේතුද බලපා ඇති බව ඔහු පැහැදිලි කළේය.

  • ශ්‍රී ලංකාව දූපතක් වුවද බහුතරයකට පිහිනීම යන නිපුණතාව නොමැත.
  • සිත් ඇදගන්නා සුළු බොහෝ ස්ථානවල අනාරක්ෂිත අයුරින් දිය නෑමට, දියෙහි විනෝද වීමට යාම.
  • විශේෂයෙන් මුහුදේ ඇතිවන දිය වැල් (Currents) පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව රැළි අඩු ස්ථාන වලදී මුහුදේ නෑමට යාම.
  • ළමුන් ඇතුළු පවුලේ උදවිය පිහිනීම පුහුණු වීම සඳහා ප්‍රමුඛතාව නොදීම.
Kids swimming
Source: Pixabay

ශ්‍රී ලාංකිකයින් පිහිනීම ඉගෙන ගැනීමට ප්‍රමුඛතාවක් ලබා නොදෙන්නේ ඇයි?

Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා පවසන පරිදි ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිහිනීම පුහුණුවීම සඳහා ප්‍රමුඛතාවක් ලබා නොදෙන ප්‍රධාන හේතු පහත අයුරින් දැක්විය හැකිය.

  • පිහිනීම යනු ජීවන කුසලතාවක් (life skill) බව අවබෝධ කරගෙන නොසිටීම.
  • පිහිනීම ඉගෙනීමෙන් වෙනත් බොහෝ විනෝදාස්වාද ක්‍රියාකාරකම් නියමාකාරයෙන් විඳීමට පහසුකම ලැබෙන බව නොදැන සිටීම.
  • තම බාහිර ක්‍රියාකාරකම් ලැයිස්තුවේ පිහිනීම ඉගෙන ගැනීමට වඩා වෙනත් දෑ සඳහා ප්‍රමුඛතාවක් ලබා දීම.
  • පිහිනීමට නොදන්නා දෙමාපියන්ට පිහිනීම ඉගැනීමෙන් ඇති වටිනාකම් පිළිබඳ තම දරුවන්ට කියා දීමට නොහැකිවීම.
  • පිහිනීමේ මූලික කුසලතාව ලැබෙනතෙක් එය නිරතුරුවම පුහුණුවෙමින් ඉගෙන නොගැනීම.
  • පිහිනීම ඕනෑම වයස් ඛාණ්ඩයක සිටින පුද්ගලයින් සඳහා ඉගෙනගත හැකි බව නොදැන සිටීම.

Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now