Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ව්‍යායාම් අඩුවීමට සම්බන්ද පිළිකා වර්ග 13 ක් හෙළිවේ. Cancer Council විසින් සියලු රජයන්ට නිර්දේශ ඉදිරිපත් කරයි

Hispanic female expertise giving advice to cancer patient while examining x-ray at doctor's office

Credit: Maskot/Getty Images

නවතම දත්ත වාර්තා කරන පරිදි ක්‍රියාශීලී බව අඩුකම නිසා ඕස්ට්‍රේලියානුවන්ට පිළිකා ඇතිවීමේ අවධානම 2010 වසරේ දත්ත හා සසඳන විට තුන්ගුනයකටත් වඩා ඉහල ගොස් තිබේ. 2010 වසරේදී සියලුම පිළිකා වැළඳීම් වලින් 1.6% ක ප්‍රමාණයක් පමණක් ශාරීරික ව්‍යායාම වල මදිකම නිසා ඇති වූ ඒවා වේ.


වික්ටෝරියානු රජයේ අනුග්‍රාහකත්වයෙන් Cancer Council විසින් මෙහෙයවන ලද නවතම පරීක්ෂණයකින් ව්‍යායාම් වල අඩුකම පිළිකාවලට බලපාන අකාරය පිලිබඳ ඉතා වැදගත් දත්ත ලැබී තිබේ .

මෙහිදී පිළිකා වර්ග 13ක් ව්‍යායාම් අඩුකම නිසා ඇතිවන ඒවා බවට තහවුරු වී තිබේ.

මෙහිදී ශාරීරික ක්‍රියාශීලී බව අඩුවීම නිසා ඇතිවන පිළිකා ප්‍රමාණය පෙර වාර්තා වූ ප්‍රමාණයට වඩා සියයට 350 ක ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත. මෙහිදී පිළිකා වර්ග 13ක් ව්‍යායාම් අඩුකම නිසා ඇතිවන ඒවා බවට තහවුරු වී තිබේ. 2015 වසරේදී හඳුනා ගන්නා ලද පිළිකා වලින් රෝගීන් 6361 කම ව්‍යායාම මදිකම නිසා පිළිකාවට ගොදුරු වුඋවන් ලෙස සැලකේ. මෙය එම වසරේ සියලුම පිළිකා ප්‍රමාණය හා සංසන්දනය කරන විට 4.8% ක ප්‍රමාණයක් වේ. මෙහිදී 2010 වසරේ මෙම අගය 1.6%ක් ලෙස වාර්තා වී තිබේ .

මෙම පර්යේෂණයේ තවත් විශේෂ සොයාගැනීමක් වන්නේ අලුත් පිලිකාවර්ග බොහොමයක් ව්‍යායාම අඩුකම නිසා හටගන්නා බවයි. මෙහිදී පියයුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා, වකුගඩු ආශ්‍රිත පිළිකා, බෙල්ල සහ හිසේ ඇතිවන පිළිකා ඇතුළු පිළිකා වර්ග ගණනාවක් ව්‍යායාම මදිකම කියන සාධකයට කෙලින්ම සම්බන්ද බව දැන් සොයාගෙන තිබේ.

මෙහිදී හඳුනා ගැනුණු තවත් කරුණක් වන්නේ 2015 දී මෙසේ ඇති වුනු පිළිකා වලින් 2.5% ක ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් ව්‍යායාම් කිරීම් මගින් වලක්වා ගැනීමට හැකියාව තිබූ බවයි. මෙම රෝගීන් අවුරුදු 10කට පෙර සතියකට විනාඩි 40ක් තම ව්‍යායාම් ප්‍රමාණය ඉහල දැමීමට කටයුතු කලේනම් පිළිකා තත්වයෙන් ගැලවීමට ඔවුන්ට හැකියාව පැවතී තිබේ.

ඕස්ට්‍රේලියානුවන්ව මීට වඩා ශාරීරික ක්‍රියාකාරකම් තම එදිනෙදා ජීවිතයට ඇතුලත් කර ගැනීම සඳහා උනන්දු කිරීම් කර තිබුනානම් බොහෝ පිළිකා රෝග වැලදීම් වලක්වා ගැනීමට තිබූ බව සහකාර මහාචාර්ය බ්‍රිජිඩ් ලින්ච් පවසනවා.මෙහිදී පිළිකා වැලැක්වීම සම්භන්ද ප්‍රතිපත්ති නිර්මාණයේදී මෙම සොයාගැනීම් ඉතා වැදගත් බව Cancer Council හි Ainslie Sartori පවසා සිටී.

ඔස්ට්‍රේලියාව සාඩම්බර සෞඛය සේවයකට හිමිකම් කියන රටක් වේ. කෙසේ උවත් ඔස්ට්‍රේලියාව රෝග වැලැක්වීම සහ ශාරීරික ක්‍රියාකාරකම් සම්බන්දයෙන් නම් පසුගාමී ප්‍රතිපත්තිය අනුගමනය කරන බව Ainslie Sartori පවසා සිටී. ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය ශාරීරික ක්‍රියාකාරකම් පුරුදු වර්ධනය සඳහා වටපිටාව සකසා තිබිය යුතු බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්ති වලට මේ සම්බන්ද නිර්දේශ ඇතුලත් ඇතුලත් කරනලෙස Cancer Council විසින් සියලුම රජයන් වලින් ඉල්ලා සිටී.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now