ඕස්ට්‍රේලියාවේ නවතම indexation යටතේ තවත් සති කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3කට අධික සංඛ්‍යාවකට ඉහළ සමාජ ආරක්ෂණ දීමනා ලැබීම සිදු වේ.
ඕස්ට්‍රේලියාවේ නවතම indexation යටතේ තවත් සති කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3කට අධික සංඛ්‍යාවකට ඉහළ සමාජ ආරක්ෂණ දීමනා ලැබීම සිදු වේ.
මෙම නව දීමනා වැඩිවීම් සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ විශ්‍රාම වැටුප්, JobSeeker, Youth Allowance, Parenting Payment, ABSTUDY සහ Rent Assistance යන දීමනාවල අගයන් ඉහළ යාම සිදු වේ.
සමස්තයක් වශයෙන් ගත කල ජීවන වියදම් සහන ලෙස අතිරේක ඩොලර් බිලියන 4ක මුදලක් ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.3කට අධික පිරිසක් වෙත ලැබීම මෙමගින් සිදු වන බව සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek පවසයි.
නිවාස කුලී ගෙවීම, හෝ එදිනෙදා බිල්පත් පියවීම වැනි කටයුතු සඳහා මේ ඔස්සේ ඕස්ට්‍රේලියානුවන්ට අතිරේක සහාය ඉවහල් වනු ඇති බවත් සමාජ සේවා අමාත්‍ය කියා සිටී.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Cassandra Goldie පැවසුවේ සෑම අමතර ඩොලරයක්ම ගණන් ගන්නා අතර ජනතාව දරිද්‍රතාවයෙන් හා අගහිඟකමින් මුදවා ගැනීමට මේවා ප්‍රමාණවත් නොවන බවයි.
වයස්ගත විශ්‍රාම වැටුප ඉහළ යාම
තනි විශ්‍රාමිකයන් සඳහා වන වයස්ගත විශ්‍රාම වැටුපේ උපරිම අනුපාතය සති දෙකකට ඩොලර් 36.80 කින් ඉහළ යන අතර එය දෙසතියකට ඩොලර් 1,237.70 ක් දක්වා වැඩි කෙරේ.
විවාහක යුවළක් සඳහා වන ඒකාබද්ධ වයස්ගත විශ්‍රාම වැටුපේ උපරිම අනුපාතය සති දෙකකට ඩොලර් 55.60 කින් ඉහළ යන අතර එය දෙසතියකට ඩොලර් 1,866.00 ක් දක්වා වැඩි කෙරේ.
රටින් බැහැරව වාසය කරන තනි විශ්‍රාමිකයන්ගේ ගෙවීම් අනුපාතය සති දෙකකට ඩොලර් 5 කින් ඉහළ යන අතර, රටින් බැහැරව වාසය කරන විවාහක විශ්‍රාමික යුවළක් සඳහා වන ගෙවීම් එක් අයෙකුට සති දෙකකට ඩොලර් 1.70 බැගින් ඉහළ යාම සිදු වේ.
JobSeeker දීමනා ලබන්නන්ට
දරුවන් නොමැති තනිකඩ පුද්ගලයින් සඳහා වන JobSeeker දීමනාවේ ඉහළම අනුපාතය සති දෙකකට වරක් ඩොලර් 16.20 කින් ඉහළ යන අතර එය දෙසතියකට ඩොලර් 833.70 ක් දක්වා වැඩි කෙරේ.
යැපෙන දරුවන් සිටින තනිකඩ පුද්ගලයින් සඳහා JobSeeker දීමනාවේ ඉහළම අනුපාතය ඩොලර් 17.30 කින් ඉහළ යන අතර එය දෙසතියකට ඩොලර් 892.80 ක් දක්වා වැඩි කෙරේ.
යුවළක් සඳහා වන දීමනා අනුපාතය එක් අයෙකුට ඩොලර් 14.80 බැගින් ඉහළ යන අතර, ඒ අනුව ඔවුන්ට හිමිවන දෙසතියක දීමනාව එක් අයෙකුට ඩොලර් 763 ක් බවට පත්වේ.
Parenting payment හෙවත් දෙමාපිය දීමනා අනුපාතවල සිදුවන වෙනස්කම්
Parenting payment හෙවත් දෙමාපිය දීමනා ලබන්නන්ට ද මෙමගින් දීමනා වැඩිවීමක් හිමිවන අතර, ඒ අනුව උපරිම දීමනා අනුපාතය තනිකඩ පුද්ගලයින් සඳහා දෙසතියකට ඩොලර් 20.90 කින් ඉහළ යන අතර එය දෙසතියකට ඩොලර් 1,087.20 ක් දක්වා වැඩි කෙරේ.
සහකරුවෙකු හෝ සහකාරියක සිටින දෙමාපිය දීමනා ලබන්නන් සඳහා ඩොලර් 14.80 කින් ඉහළ ගොස් ඩොලර් 763 ක් දක්වා ද වැඩි වනු ඇත.
Rent assistance හෙවත් කුලී ආධාර අනුපාතවල සිදුවන වෙනස්කම්
කුලී නිවැසියන් මිලියනයකට මේ ඔස්සේ නිවාස කුලී ආධාර හෙවත් Rent assistance ඉහල යාම සිදු වේ.
දරුවන් නොමැති තනිකඩ පුද්ගලයින් සඳහා උපරිම කුලී ආධාර මුදල සති දෙකකට ඩොලර් 4.40 කින් ඉහළ යන අතර, එමගින් එය දෙසතියකට ඩොලර් 223.80 ක් දක්වා වැඩි කෙරේ
දරුවන් එක් අයෙකු හෝ දෙදෙනෙකු සිටින තනිකඩ පුද්ගලයින්ට ලැබෙන ආධාර මුදල දෙසතියකට ඩොලර් 5.18 කින් ඉහළ ගොස් ඩොලර් 211 ක් දක්වා වැඩි වන අතර, දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින අයට ඩොලර් 5.88 ක වැඩිවීමක් සමඟ ඩොලර් 297.36 ක මුදලක් හිමි වනු ඇත.
දරුවන් නොමැති යුවළක් සඳහා වන උපරිම ගෙවීම ඩොලර් 4.20 කින් ඉහළ ගොස්, ඔවුන්ගේ ඒකාබද්ධ ගෙවීම් අගය ඩොලර් 211 ක් බවට පත්වනු ඇත.
එක් දරුවෙකු හෝ දරුවන් දෙදෙනෙකු සිටින යුවළක් සඳහා මෙම වැඩිවීම ඩොලර් 5.18 ක් වන අතර, එමගින් ඔවුන්ගේ ඒකාබද්ධ මුළු ගෙවීම ඩොලර් 263.06 ක් දක්වා ඉහළ යනු ඇත.
දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින අය සඳහා මෙම වැඩිවීම ඩොලර් 5.88 ක් වන අතර, එමගින් මුළු ගෙවීම ඩොලර් 297.36 ක් බවට පත්වනු ඇත.
Youth Allowance අනුපාතවල සිදුවන වෙනස්කම්
වයස අවුරුදු 18ත් 24ත් අතර පසුවන්නන් සඳහා වන Youth Allowance සැප්තැම්බර් 20 වැනිදා සිට ඩොලර් 20.90කින් ඉහළ යන අතර එය දෙසතියකට ඩොලර් 1,087.20ක් දක්වා වැඩි කෙරේ.
ABSTUDY දීමනා අනුපාතවල සිදුවන වෙනස්කම්
දරුවන් නොමැති, වයස අවුරුදු 22 හෝ ඊට වැඩි තනිකඩ ඕස්ට්‍රේලියානුවන් සඳහා වන දෙසතියකට වරක් ගෙවනු ලබන ABSTUDY දීමනාව ඩොලර් 16.20 කින් ඉහළ යන අතර, ඒ අනුව එම මුදල ඩොලර් 833.70 ක් බවට පත්වනු ඇත.
යැපෙන දරුවන් සිටින අයගේ දීමනාව ඩොලර් 17.30 කින් ඉහළ යන අතර, එමගින් ඔවුන්ගේ දෙසතියක දීමනාව ඩොලර් 892.80 ක් දක්වා වැඩි වේ.
යැපෙන දරුවන් නොමැති, වයස අවුරුදු 55 සහ ඊට වැඩි අය සඳහා වන දීමනාව ඩොලර් 17.30 කින් ඉහළ යන අතර, එම මුදල ඩොලර් 899.80 ක් බවට පත් වේ.
වයස අවුරුදු 22 හෝ ඊට වැඩි, සහකරුවෙකු හෝ සහකාරියක සිටින පුද්ගලයින් සඳහා දරුවන් සිටියත් නැතත් ABSTUDY දීමනාව ඩොලර් 14.80 කින් ඉහළ ගොස් දෙසතියකට ඩොලර් 763 ක් බවට පත්වනු ඇත.
මීට අමතරව, රජය විසින් සමාජ ආරක්ෂණ 'අනුමාන ආදායම් අනුපාත' ඉහළ නංවා තිබේ.
මූල්‍ය වත්කම්වලින් ලැබෙන ආදායම ගණනය කිරීමට සහ රජයේ දීමනා සඳහා ඇති සුදුසුකම් තක්සේරු කිරීමට මෙම අනුමාන ආදායම් අනුපාත භාවිතා කරයි.
මේ අනුව සැප්තැම්බර් 20 වැනිදා සිට, තනිකඩ පුද්ගලයින් සඳහා ඩොලර් 66,800ක් සහ යුවළක් සඳහා ඒකාබද්ධව ඩොලර් 110,600ක් දක්වා වන මූල්‍ය වත්කම් සඳහා අදාළ අනුමාන ආදායම් අනුපාතය සියයට 1.25 සිට සියයට 1.75 දක්වා ඉහළ යාම සිදු වේ.
එම සීමාව ඉක්මවා යන සියලුම මූල්‍ය වත්කම් සඳහා අදාළ අනුපාතය සියයට 0.5කින් ඉහළ ගොස් සියයට 3.75ක් බවට පත්වන බවත් වාර්තා වේ.






