ඔස්ට්‍රේලියාවේ දේපළ ආයෝජකයන්ට ලබන වසරේ පැමිණෙන වැදගත් බදු සංශෝධන හේතුවෙන්, ඊට පෙර බොහෝ ආයෝජකයින් තම දේපළ විකිණීමට කටයුතු කරයිද යන්න පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. පසුගිය ෆෙඩරල් අයවැයෙන් negative gearing ක්‍රමවේදය සම්බන්ධ වෙනස්කම් වලට අමතරව, 2027 ජූලි 1 සිට වසරකට වැඩි කාලයක් දේපළක් තබාගන්නා ආයෝජකයන්ට Capital Gains Tax (CGT) වට්ටම් නීතිවල ප්‍රතිලාභ ලබාදෙන ආකාර වෙනස් වනවා. මෙම වෙනස්කම් ක්‍රියාත්මක වීමට තව වසරකට වැඩි කාලයක් තිබුණද, එයට පෙර ආයෝජකයින් තම දේපළ විකිණීමට ඉක්මන් වෙයිද යන්න පිළිබඳව දැන් බොහෝ දෙනා අවධානය යොමු කරමින් සිටිනවා. මේ නිසා ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් පහල යාවිද යන කාරණාව සම්බන්ධයෙන් මේ විශේෂාංගයෙන් අප කරුණු සොයා බලනවා
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






