සරණාගතයින් 40ක් රැගත් බෝට්ටුවක් බටහිර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට: කාලීන විග්‍රහය පෙබ 19

Australia Asylum Seekers

FILE - In this May 12, 2013 file photo, Iranian asylum seekers who were caught in Indonesian waters while sailing to Australia, sit on a boat, at Benoa port in Bali, Indonesia. A Source: AP / Firdia Lisnawati/AP/AAP Image

බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට එන එක නීති විරෝධී ක්‍රියාවක්. කාලෙකට පස්සේ නැවතත් අපිට මේ ගැන ආරංචි වුණේ පසුගිය සිකුරාදා දවසේදී. මෙම පුවත සති අන්තයේ ඕස්ට්‍රේලියානු මාධ්‍යවල බෙහෙවින් කතා බහට ලක් වුණා.මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ දක්වන ප්‍රතිචාර මොනවාද යන්න පිළිබද තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබට ගෙන එන්න සුදානම්.


සරණාගතයින් යැයි සැක කෙරෙන පුද්ගලයන්, 40ක් පමණ රැගත් බෝට්ටුවක්, මේ සතියේ, බටහිර ඔස්ට්‍රේලියාවේ ප්රාදෙශීය ප්‍රදේශයට ආවා කියන පුවත මුලින්ම වාර්තා වුණේ පෙබරවාරි 16 වැනිදා. ෆෙඩරල් රජය සහ විපක්ෂය මේ නිසා උණුසුම් වචන හුවමාරුවක්ද කරගෙන තියන බව වාර්තා වුණා.

වාර්තා වෙන ආකාරයට මේ විදියට බෝට්ටුවෙන් ඇවිල්ල තියෙන්නේ පාකිස්ථානය සහ බංගලාදේශේ ඉදල. මොවුන්ව මුලින්ම සොයාගෙන තියෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ බීගල් bay දේවස්ථානය ආශ්‍රිත ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයකදී .

ඔස්ට්‍රේලියාවේ හමුදාව මුලික වුණ, දේශසීමා ආරක්ෂක මෙහෙයුමේ, Operation Sovereign Borders හි අණදෙන නිලධාරි රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් සමඟ තමා කතා බහ කළ බව අගමැති ඇන්තනි ඇල්බනීසී තහවුරු කරා. බෝට්ටු වලින් කණ්ඩායම් තුනක් පැමිණි බව වාර්තා වල සදහන් වෙනවා.

ෆෙඩරල් ආණ්ඩුවේ විපක්ෂ නායක පීටර් ඩටන් ඊයේ එනම් ඉරිදා මේ පිළිබඳව අදහස් දැක්වුවා. ඇන්තනි ඇල්බනීසී කිසි විටෙකත් Operation Sovereign Borders මෙහෙයුමට සහය පල කලේ නැති බවයි ඔහු පැවසුවේ, පහුගිය අයවැයෙන් ඩොලර් මිලියන 600ක් දේශසීමා බලකායෙන් සහ Operation Sovereign Borders වෙතින් අගමැති වරයා ලබාගෙන ඇති බවත් Dutten පෙන්වා දුන්නා. ඔවුන් බලයේ සිටි කාලයේ සිදු වූ ආකාරයටම දැන් සෝදිසි කිරීම් සිදු කරන්නේදැයි ඔහු නොදන්නවා යි පවසමින්,ඔහු දිගින් දිගටම අගමැති වරයාගේ දේශසීමා ආරක්‍ෂාව සම්බන්ධ පෞද්ගලික වාර්තාවට පහර එල්ල කළා.

එහෙත් එම මෙහෙයුමට රජය සහය නොදැක්වූ බවට, ඩටන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව, ඩටන් දේශසීමා ආරක්ෂාව දේශපාලනීකරණය කළ බවට අගමැතිවරයා චෝදනා එල්ල කළා.

Dutton ඔස්ට්‍රේලියා ජාතික අවශ්‍යතා වලට බලපාන දේ ගැන උනන්දු නොවන බවත්, සුපුරුදු පරිදි දේශපාලනය ගැන පමණක් උනන්දු වන බවත්, අගමැති වරයා අවධාරණය කළා.

රියර් අද්මිරාල් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් මේ ගැන අදහස් දක්වමින් පවසල තියෙන්නේ, මෙම සරණාගත පැමිණීම් පිළිබඳ නොයෙකුත් අර්ථකතන ඉදිරිපත් වෙන ගන්න එක නිසා, ඔවුන්ව මිනිස් ජාවාරම්කරුවන්ගේ සූරාකෑමට ලක් වෙන්නට හැකියාව ඇති බවයි.

විපක්ෂයේ ආරක්ෂක ප්‍රකාශක ඇන්ඩෲ හස්ටි සහ නැෂනල්ස් පක්ෂ නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් ඇතුළු විපක්ෂයේ සාමාජිකයින් පැවසුවේ, මේ පුවත, දේශසීමා ආරක්ෂාව සහ, දේශසීමා හමුදා අරමුදල් සම්බන්ධයෙන්, රජය ඉතා දුර්වල තැනක ඉන්නව කියන එක පැහැදිලිව පෙන්නල දෙනවා කියලයි..

ෆෙඩරල් සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් රජයේ වාර්තාවට පක්ෂව කියා සිටියේ, Operation Sovereign Borders, හි හිටපු ආණ්ඩුව යටතේ හඳුන්වා දුන් දා සිට එය ඒ ලෙසටම ක්‍රියාත්මක වන බව.

එහෙත් ෆෙඩරල් විපක්ෂ නායක ඩටන් පවසන්නේ මෙහෙයුම දැන් ක්‍රියාත්මක වෙන ආකාරය ලිබරල් පක්ෂය යටතේ සිදුවූ ආකාරයට කිසිසේත් සමාන නොවන බවයි.

ආණ්ඩුව Temperory Protection වීසා බලපත්‍ර අහෝසි කරා ඒ වගේම Operation Sovereign Borders මෙහෙයුමෙන් මුදල් ලබා ගත බව තමන් දන්නා බව විපක්ෂ නායක dutton කියා සිටිය. ඒ නිසා අගමැතිට ඕස්ට්‍රේලියානු ජනතාවගේ මුහුණ බලගන, Operation Sovereign Borders මෙහෙයුම ක්‍රියාත්මක වන බව අවංකව පවසන්නට නොහැකි බවත් ඔහු මේ විදියට ප්‍රකාශ කලා.


වාර්තා වන පරිදි බටහිර වෙරල තිරයට පැමිණි අනවසර සංක්‍රමණික බෝට්ටු ප්‍රධාන භූමියෙන් පිටතට රැගෙන යන බවට දැනට සක පල කෙරෙනවා..


අනවසර සංක්‍රමණිකයන් 40 දෙනෙක් පමණ එක්ක Nauru Island Airlines ගුවන් යානයක්, බෝට්ටු මුලින්ම පැමිණි බ්‍රුඋම් වලින් පිටත් වෙලා 16 වනදා පසුව අලුයම නාඌරූ වල රැදවුම් මද්යස්ථානයක් වෙත පැමිණි බවයි A-B-C මාධ්‍ය වාර්තා කරල තියේන්නේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂ අග්‍රාමාත්‍ය රොජර් කුක් පවසා තියෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා චකිතයක් ඇති කර ගන්නේ නැති බවයි. නමුත් ප්‍රදේශයේ ආරක්‍ෂක අවදානම ගැනත් ඔහු අවදානයෙන් ඉන්න බව පෙන්වා දුන්න.

මෙය මූලික වශයෙන් ෆෙඩරල් රජය විසින් විසඳිය යුතු කරුණක් නමුත්, බටහිර ඖෂ්ට්‍රෙලියාවේ වයඹ වෙරළ තීරය කෙතරම් අකියා සිටිය.අ නාරක්ෂිතව නිරාවරණය වෙලාද කියන දේත් කුක් පෙන්වල දුන්න, මේ නිසා එම වෙරල තිරය ආසන්නයේ පිහිටි ධීවර කර්මාන්තය, ආරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ආරක්ෂා කිරිඉමත් රජයේ වගකීමක් බව කුක් ප්‍රකාශ කර සිටිය.
 
පැමිණි සරණාගතයන් නැවත හරවා යවා ඇති බවට රජය තහවුරු කර නැත, නමුත් ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ'නීල් පවසන්නේ ස්වෛරී දේශසීමා මෙහෙයුම සඳහා රජයේ කැපවීම ඉතා ස්ථාවර ලෙස පවතින බවයි.

ඇය තවදුරටත් පවසන්නේ , අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට එන්න උත්සහ කරන සියලු දෙනාට සිද්ද වුනේ නැවතත් ඔවුන්ගේ රටට හෝ නාවුරු දුපත් වලට අපහු හැරිලා යන්නයි. එය ඔවුන්ගේ දහස් ගණන් ඩොලර් නාස්ති කරගැනීමක් සහ ජිවිත අවදානමකට ලක් කරගැනීමක් බවත් ඇය ප්‍රකාශ කර සිටිය.

අග්‍රාමාත්‍ය ඇල්බනීසසී පවසල තියෙන්නේ දේශසීමා බලධාරින්ගෙන් ළඟදීම ඒ පිළිබද නව තොරතුරු මහා ජනතාවට බලාපොරොත්තු විය හැකි බවයි.

ඒ වගේම ඔහු පවසනවා මේ වන විට ස්වෛරී දේශසීමා මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතින බව.- සහ ස්වෛරී දේශසීමා මෙහෙයුමේ අණදෙන නිලධාරියා ඉතා දැඩි ලෙස දැක්වූ අදහස් ඇල්බනිසි නැවත පෙන්වා දුන්න. ඒ දේශපාලඥයින් ජාතික ආරක්ෂාව දේශපාලනීකරණය කර නොගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව සදහන් කරමින්.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service