ජෙල් දැමූ ඉස්සන්ගේ සිට පළතුරු යුෂ සමග වතුර දැමූ වයින් දක්වා, ආහාර වංචාවන් ඔස්ට්‍රේලියාව තුල සිදුවේ. මෙය ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදකයින්ට ඩොලර් බිලියන ගණනක් වැය වන වැඩෙන ගැටලුවක් බවට පත් වී තිබේ. ලොවපුරා විහිදී තිබෙන ඉතා සංකීර්ණ සැපයුම් ජාල නිසා ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය වන භාණ්ඩ පවා මෙහි අවධානමට ලක්වේ. එය මිදි යුෂ සමග තනුක කළ වයින් බෝතලයක්, කෘතිම වර්ණක වලින් සාදන ලද 'සැෆ්රන්' සහල් හෝ ජෙලි වැනි ද්‍රව්‍ය එකතු කළ ඉස්සන් වැනි භාණ්ඩේ වේය හැකියි.
අහාර සම්බන්ද විවිද වංචා මොනවාද?
ව්‍යාජ අමුද්‍රව්‍ය එකතු කිරීම සහ ජලය හෝ පලතුරු යුෂ යොදා තනුක කිරීම ආහාර වංචා අතරින් වැඩි පුරම සිදුවන වංචා බවට හෙළිවී තිබේ.
ව්‍යාජ අමුද්‍රව්‍ය එකතු කිරීම සහ ජලය හෝ පලතුරු යුෂ යොදා තනුක කිරීම ආහාර වංචා අතරින් වැඩි පුරම සිදුවන වංචා බව මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය සේනක රණධීර පවසා සිටී. ව්‍යාජ හෝ තත්වයෙන් බාල අමුද්‍රව්‍ය නිෂ්පාදන වලට එකතුකිරීම ඉතා බහුලව සිදුවන ක්‍රියාවක් බව ඔහු පවසා සිටී. මෙහිදී මිල අධික වයින් පලතුරු යුෂ සමග මිශ්‍ර කිරීම හෝ දියර කිරි ජලය සමග මිශ්‍රකිරීම හදුන්වා දෙය හැක. මෙය ඉතා සරල දෙයක් ලෙස පෙනුනත් සමහර භාණ්ඩ මේ ආකාරයට මිශ්‍රකිරීම දැඩි ගැටලුකාරී තත්වයන් ඇති කල හැකි බව ඔහු වැඩි දුරටත් පෙන්වා දේ.
චීනයේ 2008 වසරේ ළදරු කිරිපිටි සඳහා මෙලමයින් එකතුකිරීම මෙම තත්වයේ භයානක කම පෙන්වාදෙන එක් උදාහරණයකි
තවද භාණ්ඩ ලේබල් කිරීමේදී ව්‍යාජ හෝ විකෘති කරන ලද ලේබල යොදාගැනීම පෙන්වා දිය හැක. එසේම නියමිත් වෙළඳ පොලට පිටින් භාණ්ඩ අලෙවිය මේ ආකාරයේ තවත් ආහාර සම්බන්ද වංචාවකි. මෙහිදී නොමිලයේ බෙදාදීමට ඇති අහාර අලෙවිකිරීම හැඳින්විය හැක. තවද නියමිත නිෂ්පාදන ධාරිතාව ඉක්මවා භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන්ද ආහාර වල තත්වය බාල වීම හා භාවිතයට නොසුදුසු තත්වයට පත්විය හැක.
අහාර වංචා හේතුවෙන් වැඩි වශයෙන් බලපෑමට ලක් වූ නිෂ්පාදන මොනවාද?
සුඛෝපභෝගී නිෂ්පාදනවලට මෙහිදී වැඩි බලපෑමක් එල්ල වන බව සහාය මහාචාර්ය රණධීර පවසා සිටී. උදාහරණයක් ලෙස, වයින් වැනි සමහර මධ්‍යසාර පාන වර්ග, සමහර ඉහළ වටිනාකම් ඇති කුළුබඩු සහ තෙල් වර්ග මෙන්ම මී පැණි වැනි නිෂ්පාදන මෙලෙස වැඩිවශයෙන් ආහාර වංචා සඳහා යොදා ගන්නා නිෂ්පාදන වේ.
ආහාර වංචා අවදානම අවම කර ගන්නේ කෙසේද?
මෙහිදී දේශීය නිෂ්පාදන මිලදී ගැනීම පරිබෝගිකයකු ලෙස කල හැකි වඩාත්ම සුදුසුම ක්‍රියාව බව රණධීර පෙන්වා දෙනවා. කෙසේ උවත් වර්තමාන භාණ්ඩ සැපයුම් ජාල වල පවතින සංකීර්ණත්වය හේතුවෙන් මෙසේ සිදුවන වංචා හඳුනා ගැනීම ඉතා අපහසු වී ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටී. මෙහිදී භාණ්ඩවල ලේබල් ඉතා විමසිල්ලෙන් පිරික්සා බැලීමද ඉතා වැදගත් බව ඔහු පවසා සිටී.
කෙසේ උවත් මේ ආකාරයේ සියුම්ව සිදුවන ආහාර වංචාවන් හඳුනාගැනීමට සාමාන්‍ය පාරිභෝගිකයාට ඉතා අපහසු බව ආහාර ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Julian Cox පවසා සිටී. ඔස්ට්‍රේලියාව මෙහිදී ඉතා උසස් තත්වයේ ජාන විකෘති කිරීම් හඳුනා ගැනීමේ ක්‍රමවේද භාවිතා කරන බවද Julian වැඩි දුරටත් පවසා සිටී.
කෙසේ උවත් සමහර කුළුබඩු වර්ග මෙම තාක්ෂනය ඔස්සේ හඳුනාගැනීම අපහසු විය හැකි බව ඔහු පවසා සිටී.
තම oregano නිෂ්පාදනවල ඇත්ත වශයෙන්ම oregano ඇත්තේ 50%ක් බව හෙළිවීම හේතුවෙන් 2017 දී Hoyt's Food ආයතනය $10800 දඩයකට යතත් වීමට සිදුවී තිබේ.
මේ අතර මිල අදික නිෂ්පාදන සඳහා ව්‍යාජ නිෂ්පාදන කිරීමද බහුලවශයෙන් සිදුවන අතර ඉතා අඩු මිලට උසස් වෙළඳ සන්නාම සහිත භාණ්ඩ මිලදී ගැනීමට ඇත්නම් ඒ පිලිබඳ ඉතා සැලකිලිමත් වන ලෙස සහාය මහාචාර්ය රණධීර පාරිභෝගිකයින් ගෙන් ඉල්ලා සිටී.





