සංක්‍රමණිකයින් වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියාව තුල පවතින රුධිර කාණ්ඩවල වෙනසක්. රුධිරය පරිත්‍යාග කිරීමට ද ඉල්ලීමක්

Sydney rare donor Joseph Ratana who is JKA negative (Supplied).jpg

Credit: Catriona Stirrat

ඔස්ට්‍රේලියාව තුල සංක්‍රමණිකයින්ගේ සීග්‍ර වැඩි වීමක් පසුගිය කාලයේ දක්නට තිබිණි. මෙහිදී විවිද රටවලින් පිරිස් ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණීම නිසා ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන රුධිර වර්ග (Blood Types) ප්‍රමාණය වැඩිවී ඇති බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිකර තිබේ. මේ නිසා ඕස්ට්‍රේලියාවේ රුධිර බැංකුවට ද විවිද රුධිර වර්ග එක්රැස්කර ගැනීමේ අවශ්‍යතාවය පවතී.


රුධිරය කියන්නේ අපේ ජීවිතයේ ප්‍රධාන කොටසක්. ප්‍රධාන රුධිර කාණ්ඩ කිහිපය පිලිබඳ අපි බොහෝ විට දැනුවත්. කෙසේ උවත් පසුගියදා පුද්ගලයින් 49000ක් යොදා ගෙන සිදුකල පර්යේෂණයකදී R1R1 රුධිර කාණ්ඩයේ වැඩිවීමක් දක්නට ලැබී තිබේ. මෙම රුධිර ඛණ්ඩය බහුල වශයෙන් ආසියාව, මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ දැකගත හැකි වේ. රුධිර වර්ගවල විවිද අනුකාණ්ඩ 360 කට වඩා ඇති අතර එය පුද්ගලයෙකුගේ වාර්ගික පසුබිම හා සම්බන්ධ කළ හැකි බව ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ආචාර්ය රෙනා හිරානි (Rena Hirani) පවසා සිටී.

ආසියාව, මැදපෙරදිග සහ ඉන්දියානු ජනකොට්ටාස වලින් අවශ්‍ය රුධිර පරිත්‍යාගශීලීන්ට අමතරව, නවසීලන්තය, සමෝවා, සිම්බාබ්වේ, ඊජිප්තුව, ඉරානය, සිරියාව සහ පිලිපීනය යන රටවල පරිත්‍යාගශීලීන් ද අවශ්‍ය වේ

මෙහිදී රටක ජනගහනය තුල මෙම රුධිරවර්ග වල ප්‍රමාණයන් වෙනස් වී සිදු උවහොත් විවිද ජනවර්ගවල පිරිස් රුධිර ප්‍රධානය සඳහා යොමුවීම ඉතා වැදගත් බව වෛද්‍ය රෙනා හිරානි (Rena Hirani) පවසා සිටී.

ආසියාව, මැදපෙරදිග සහ ඉන්දියානු ජනකොට්ටාස වලින් අවශ්‍ය රුධිර පරිත්‍යාගශීලීන්ට අමතරව, නවසීලන්තය, සමෝවා, සිම්බාබ්වේ, ඊජිප්තුව, ඉරානය, සිරියාව සහ පිලිපීනය යන රටවල පරිත්‍යාගශීලීන් ද අවශ්‍ය වේ.
නවසීලන්තයේ උපන් Joe Ratana මවුරී සහ සමෝවා සම්භවයක් ඇති අයෙක්. පොලිනීසියානු සහ දූපත් වැසියන්ගෙන් 100 දෙනෙකුගෙන් 1 දෙනෙකුගේ දක්නට ලැබෙන දුර්ලභ රුධිර වර්ගයක් ඔහුට ඇති අතර සති කිහිපයකට වරක් රුධිරය පරිත්‍යාග කරන බව ඔහු පවසා සිටී.

රුධිර පාරවිලයනය අවශ්‍ය තමාට සමාන සමාන සංස්කෘතික පසුබිමක සිටින මිනිසුන්ට හා විශේෂයෙන් කුඩා දරුවන්ට උපකාර කිරීමට තමාට දැඩි අවශ්‍යතාවයක් ඇති බව Joe Ratana පවසා සිටී.

ඔහු ඉදකිරීම් ක්ෂේස්ත්ත්‍රයේ රැකියාවක නියුතු අතර තම රැකියා ස්ථානයේ තමන්ට සමාන සංස්කෘතික පසුබිමක් ඇති සියලුදෙනාම රුධිර පරිත්‍යාග කිරීම සඳහා උනන්දු කරන බව ඔහු වැඩි දුරටත් පවසා සිටී.

සමහර පුද්ගලයින්ට රුධිර පරිත්‍යාග කිරීම සඳහා බියක් දක්වන බව ඕස්ට්‍රේලියානු රතු කුරුස ලයිෆ්බ්ලඩ් (Australian Red Cross Lifeblood) හි සේවය කරන Jemma Falkenmire පවසා සිටී. මෙහිදී රුධිර පරිත්‍යාග කිරීම සඳහා කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවද මෙහිදී රුධිරය ලබා දීමට පෙර රුධිර පීඩනය, රුධිරයේ අයන ප්‍රමාණය වැනි කාරණා පරීක්ෂා කර රුධිරය ලබාදීමට සුදුසු සෞඛ්‍ය තත්වයක සිටින බව තහවුරු කරගැනීමක් සිදුකරන බව ඇය වැඩි දුරටත් පවසා සිටී.

රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයින්ට 13 14 95 අංකය ඇමතීමට හෝ my.donateblood.com.au වෙත පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැකියි.

ඕස්ට්‍රේලියාවේ සිදුවන රසවත් සිදුවීම් කෙටි පොඩ්කාස්ට් ලෙස සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති ඕනෑම podcast මාද්‍යයක SBS සිංහල ලෙස search කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service