Aged Care සේවකයින්ට ඓතිහාසික වැටුප් වැඩිවීමක් දෙන්න Fair work කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්

2024-03-25_12-34-04.jpg

Agecare ක්ෂේස්ත්‍රයේ ඉන්න සේවකයින් ට සුභ ආරංචියක් වාර්තා වී තිබේ. Agecare ක්ෂේස්ත්‍රයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්දයෙන් ඕස්ට්‍රේලියාවේ Fair Work කොමිසම විශේෂ නිර්දේශ නිකුත්කර තිබේ.


Fair Work කොමිසම විසින් මෙම අංශය සඳහා සුවිශේෂී තීරණයක් ලබා දීමෙන් පසු aged care කාර්ය මණ්ඩල සියයට 28 දක්වා වැටුප් වැඩිවීමක් ලබා ගැනීමට සූදානමින් සිටී.

සෞඛ්‍ය සේවා සංගමය (HSU) 2020 දී සියයට 25 ක වැඩිවීමක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු වක්‍රාකාරව වැඩිහිටි සත්කාරක සේවාවලට සම්බන්ද 100,000 කට වැඩි පිරිසකට වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති බව වාර්තා වේ.
සිකුරාදා නිකුත් කරන ලද කොමිෂන් සභාවේ තීරණයට අනුව පුද්ගලික රැකවරණ සපයන්නන්ට (Personal Carers) සියයට 18 ත් 28 ත් අතර වැඩිවීමක් ලැබෙනු ඇත. එසේම නිවෙස් තුල උපකාරක සේවා සපයන සේවකයින්ට සියයට 15 ත් 26 ත් අතර වැඩිවීමක් ලැබෙනු ඇති අතර අනෙකුත් උපකාරක සේවාවලට සම්බන්ධ වූවන් සඳහා සියයට 6.8 ක වැඩිවීමක් ලැබෙනු ඇත.

2022 අවසානයේ දී සෘජුව සත්කාර සේවකයින්ට සියයට 15 ක අන්තර්කාලීන වැටුප් වැඩිවීමක් කොමිෂන් සභාව විසින් ප්‍රදානය කරන ලද අතර, මෙය රැකියාවේ වටිනාකම් මත පදනම්ව සිදුකරනලද වැටුප් වැඩිවීමක් බව වාර්තා වේ.

එතැන් සිට, සියලුම කාර්ය මණ්ඩලය සඳහා පුළුල් වැඩිවීමක් සඳහා සෞඛය සේවක සංගමය අඛණ්ඩව කටයුතු කර තිබේ.

සෞඛය සේවා සංගමයේ සභාපති Gerard Hayes පවසා සිටියේ මෙය ක්ෂේත්‍රයේ සේවය කරන අයට ඓතිහාසික ජයග්‍රහණයක් බවයි
.

බලයට පත් වූ දා සිට, ෆෙඩරල් ආන්ඩුව අඩු වැටුප් ලබන්නන් සඳහා වැටුප් වැඩිවීම් මෙන්ම වැඩිහිටි නිවාස කාර්ය මණ්ඩල සඳහා අරමුදල් වැඩි කිරීම සඳහා සහාය ලබා දී ඇත.

මෙම කොමිසමේ නිර්දේශ ඉදිරියේදී අදාළ පාර්ශව විසින් රජයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පියවරෙන් පියවර සිදුවන වැටුප් වැඩිවීමේ කාලය සම්භන්දව ඉදිරියේදී තීරණය කිරීමට නියමිත වේ.

Agecare ක්ෂේස්ත්‍රයේ සිදුවන මෙම වැටුප් වැඩිවීම සම්බන්දයෙන් ආර්ථික විද්‍යාඥයින් ද සහාය දක්වා ඇත.

සිකුරාදා නිකුත් කිරීමට නියමිත අවසන් තීරනයෙදී බලාපොරොත්තු වන ඉහල වැටුප් වැඩිවීම සඳහා සම්පුර්ණයෙන්ම අරමුදල් සපයන ලෙස Catholic Health Australia ආයතනය රජයෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන් ජීවන වියදම් පීඩනය හමුවේ උවද කැප වූ, කාරුණික හා වෙහෙස මහන්සි වී වැඩ කරන agecare කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරීමට දැඩි ලෙස සහාය දක්වන බව Catholic Health Australia ආයතනයේ අධ්‍යක්ෂ ලෝරා හේලන් පවසා සිටී.

නිවාඩු හිමිකම් ඇතුළුව, හැකි ඉක්මනින් මෙම වැටුප් වැඩිවීම් සඳහා පූර්ණ අරමුදල් සැපයීමට ෆෙඩරල් ආන්ඩුව කටයුතු කල යුතු අතර ගුණාත්මක සත්කාර සේවයක් වෙනුවෙන් කාර්ය මණ්ඩලයට හැකි ඉක්මනින් ගෙවීම් සහතික කිරීමට රජය සමග එකමුතුව වැඩකළ හැකි බව ඇය වැඩිදුරටත් පවසා සිටී.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service