SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර වාසී ඩේසි ද සිල්වා විසින් රචිත නවතම ගීයක් පිළිබඳවයි. මෙම ගීතය ශ්‍රී ලංකාවේ සිටින විනුක බණ්ඩාර අබේකෝන් පුංචි ගායකයාගේ පළමු ස්වතන්ත්‍ර ගීත නිර්මාණයද වනවා. සංගීත නිර්මාණය අමිල වික්‍රමසිංහ විසින්.
මෙම ගීතයේ පද රචිකාව වන ඩේසි ද සිල්වා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.






