Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන අලුත්ම කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ගැන තොරතුරු මෙන්න

2024-10-18_14-53-00.png

Experts signal the XEC variant is likely not one to be concerned about. Source: Getty / Md Saiful Islam Khan

ඔස්ට්‍රේලියාවෙන් නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදයක් පිළිබඳව තොරතුරැ වාර්තා වනවා. XEC COVID-19 ලෙස මෙම නව ප්‍රභේදය හඳුන්වනවා.


Published

By Madeleine Wedesweiler, Emma Brancatisano

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවෙන් නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදයක් පිළිබඳව තොරතුරැ වාර්තා වනවා. XEC COVID-19 ලෙස මෙම නව ප්‍රභේදය හඳුන්වනවා.


ඔස්ට්‍රේලියාවෙන් හමුවී තිබෙන XEC ලෙස හැඳින්වෙන නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය මින් පෙර පැවති වෛරස ප්‍රභේද දෙකක එකතුවක් ලෙස සැලකෙනවා. KS.1.1 and KP.3.3. ලෙස හැඳින්වෙන ප්‍රභේද දෙක එකතුවීමෙන් මෙම නව ප්‍රභේදය නිර්මාණය වී තිබෙනවා. මෙම වෛරස ප්‍රභේදය රටවල් කිහිපයක් පුරා වේගයෙන් පැතිරෙමින් යන බව වාර්තා වනවා.

XEC වෛරස ප්‍රභේදය නුදුරේදීම බහුලවම පැතිරෙන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය වනු ඇති බව දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒඩ්‍රියන් එස්ටර්මන් පවසා සිටී

වර්තමානය වන විට ජර්මනියේ වාර්තාවන කොවිඩ් 19 රෝගීන් ගේ ප්‍රමාණයෙන් 20%කට පමණ මෙම නව වෛරස හේතුවී ඇති බව වාර්තා වී තිබෙනවා. මීට අමතරව මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 රෝගීන් ගේ ප්‍රමාණයෙන් 12%කට පමණද ඇමරිකා එක්සත් ජනපදයේ රෝගීන්ගෙන් 6%ක් සඳහාද මෙම ප්‍රභේදය බලපෑ ඇතිබව හෙළිවී තිබෙනවා.

ජානමය දත්ත වාර්තාවලට අනුව XEC වෛරස ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ පැවතී ඇති අතර මෙය මේ වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් යන කාල වකවානුව තුල සොයාගෙන තිබෙනවා.

මෙම වෛරස ප්‍රභේදය නුදුරේදීම බහුලවම පැතිරෙන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය වනු ඇති බව දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ ජෛව තොරතුරු හා වසංගත රෝග විද්‍යාව පිළිබඳ අංශයේ සභාපති මහාචාර්ය ඒඩ්‍රියන් එස්ටර්මන් පවසා සිටිනවා. කෙසේ උවත් XEC ප්‍රභේදයට අමතරව MV.1. ලෙස හැඳින්වෙන තවත්වෛරස ප්‍රභේදයක් ව්‍යාප්තවෙමින් පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම නව වෛරස ප්‍රභ්දය හේතුවෙන් දැඩි අවදානම් තත්වයක් නොමැති උවත් මේ හේතුවෙන් අධික උණ තත්වයන් සහ රෝහල් ගතකිරීම් ඉහල යාමේ හැකියාවක් පවතිනවා. කෙසේ උවත් වර්තමානයේ පවතින එන්නත් හරහා මෙම XEC වෛරස ප්‍රභේදය හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ සඳහා ආරක්ෂාව සැපයෙන බව විශේෂඥයන් පවසා සිටිනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now