බෝහෝ ඕස්ට්‍රේලියානුවන් විස්වාසකරන්නේ තම තරුණ දරුවන් වැඩිවියට පත් වීමෙන් පසුව ස්වාදීනව ජීවත් වියයුතු බවයි. කෙසේ උවත් පසුගිය දශක දෙක තුල මෙම තත්වය යම් ප්‍රමාණයකට වෙනස් වී ඇති බව වාර්තා වේ.
The Household, Income and Labour Dynamics in Australia ආයතනය එනම් HILDA ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණ වර්තාවකින් නිවාස 9000 ක පුද්ගලයින් 17000ක් 2001 වසරේ සිට සමීක්ෂණයට ලක්කර තිබේ. මෙම අධ්‍යයනයෙදී වයස අවුරුදු 18 ත් 29 ත් අතර තරුණ තරුණියන් ගෙන් කොපමණ ප්‍රමාණයක් තම දෙමාපියන් සමග ජීවත් වනවාදැයි අධ්‍යයනය කර තිබේ.
මෙහිදී පසුගිය වසර 20 තුලදී දෙමාපියන් සමග ජීවත්වන තරුණ ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය ඉහල ගොස් ඇති බව හෙළිවී ඇත. මේ අතර 2010 වසරේදී තරුණයින් විශාල වශයෙන් දෙමාපියන් සමග සිටීමට තීරණය කර තිබෙන අතර 2015වේදී තරුණියන් මෙලෙස දෙමාපියන් සමග රැදී සිටීමේ වැඩි ප්‍රවනතාවයක් පෙන්නුම් කර තිබේ.
මේ අතර මූල්‍ය සැසඳීම් සිදුකරන වෙබ් අඩවියක් වන Canstar වෙබ් අඩවිය 2000කට අධික පිරිසක් යොදාගෙන සමීක්ෂණයක් සිදුකර තිබේ. මෙහිදී ඉන් හරි අඩක්ම ප්‍රකාශ කර තිබෙන්නේ වයස 26 ඉක්මවූ පසුව දෙමාපියන් සමග රැදී සිටීම නුසුදුසු බවයි.
වයස අවුරුදු 18ත් 21ත් අතර වයසේ තරුණියන්ගෙන් 79.5% ක් තම දෙමාපියන් සමග රැදී සිටිනවාThe Household, Income and Labour Dynamics in Australia (HILDA) survey
HILDA ආයතනයේ සමීක්ෂණය මගින් සොයාගනු ලැබුවේ වයස අවුරුදු 26 ත් 29 ත් අතර පිරිමින්ගෙන් සියයට 31.2 ක් සහ එම වයස් කාණ්ඩයේ කාන්තාවන්ගෙන් සියයට 27.5 ක් 2021 වනවිට දෙමාපියන් ගේ නිවසේ ජීවත් වන බවයි. මෙය අවුරුදු 20කට පෙර දත්ත හා සසඳන විට පිලිවෙලින් 9.9 සහ 11.6 ක ඉහල යාමක් ලෙස වාර්තා වේ. මෙහිදී විශේෂිතම නිරීක්ෂණයක් වී තිබෙන්නේ වයස අවුරුදු 18ත් 21ත් අතර වයසේ කාන්තාවන්ගේ වන අතර ඔවුන්ගෙන් 79.5% ක් තවමත් තම දෙමාපියන් සමග රැදී සිටින බව සොයාගෙන තිබේ. මෙය පෙර වසර 20 හා සසඳන කල 17.6 ක ඉහල යාමකි.
සමස්තයක් ලෙස ගත විට වයස අවුරුදු 18ත් 29ත් අතර පිරිමින්ගෙන් 56.3ක් දෙමාපියන්ගේ නිවසේමරදී සිටින අතර එම වයස් කාණ්ඩයේම කාන්තාවන්ගෙන් 46.7% ක් මෙසේ දෙමාපියන් සමග නිවසේ රැදී සිටී.

Source SBS
2018 සිට 2020 දක්වා කාලය තුළ වයස අවුරුදු 18-21 අතර පුද්ගලයින් නැවත තම දෙමාපිය වෙත පැමීනීම සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වේ. මෙසේ නැවත තම නිවෙස් බලා පැමිණි පිරිමින් ප්‍රමාණය 8.4% වන අතර කාන්තාවන්ගේ ප්‍රමාණය 8.1%ක් වේ.
NSW, ACT සහ Victoria ප්‍රාන්තවල තරුණ තරුණයින් නිවෙස් වලින් බැහැරව ස්වාදීනව ජීවත්වීමේ අඩු ප්‍රවනතාවක් දක්නට තිබෙනවා. නිවාස මිලගණන් සහ නිවාස කුලී අධික ලෙස ඉහල යාම මෙයට ප්‍රධානහේතුවක් වී තිබේ.
මෙහිදී NSW සහ Australian Capital Territory යේ තරුණ ඕස්ට්‍රේලියානුවන් තම දෙමාපියන්ගේ නිවෙස් වලින් බැහැරව යාමේ විශේෂ අඩුවක් දක්නට ඇති බව පෙනී යයි. මෙය 2001 සහ 2003 වසරවල 23.8% ක ප්‍රතිශතයක් වන අතර 2018, 2023 කාලයේ එය 13.5% බව මෙම වාර්තාවෙන් හෙළිකරයි.
මෙම ප්‍රවණතාවයට අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ සිදුවූ විශාල වෙනස්කම්, නිවාස මිල ඉහල යාම සහ COVID-19 වසංගතයේ බලපෑම වැනි සාධක හේතු විය හැකි බව වාර්තා වේ.





