නිවසක් ලබා ගැනීමට අවශ්‍ය මූලික තැන්පතුව සඳහා පළමු නිවාස ගැනුම් කරුවන්ට මේ ආකාරයට තම Superannuation අරමුදලෙන් යම් මුදලක් ලබා ගැනීමට යෝජනාවී තිබේ. මෙය පළමු නිවාස ගැනුම් කරුවන්ට යම් සහනයක් සේ පෙනුනත් සත්‍ය වශයෙන්ම ඔස්ට්‍රෙලියානුවන්ගේ නිවාස අර්බුධයට විසඳුමක් නොවන බව නවතම දත්ත පෙන්වා දේ. සැබවින්ම මේ හරහා නිවාස අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවට වාර්තා වේ.
තරුණ ඕස්ට්‍රේලියානුවන් නිවාස මිලදී ගැනීමේ දැඩි අර්බුදයක සිටී. 1994 දී වයස අවුරුදු 35ට අඩු අයගෙන් 48%ක් නිවාස හිමිකරුවන් වී තිබූ අතර 2019/2020 වසර වල එම තත්වය 33% දක්වා අඩු වී තිබේ.
මෙහිදී superannuation අරමුදලෙන් 40% දක්වා ඩොලර් 50000ක උපරිමයකට යටත්ව පළමු නිවස සඳහා මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ප්‍රධාන විපක්ෂය විසින් යෝජනා කර තිබේ.
මෙමගින් රටතුල නිවාස මිලගණන් තවදුරතත් ඉහල යාහැකියි.Mary Delahunty
කෙසේ උවත් මෙම ලබා ගන්නා මුදල නිවසක් මිලදී ගැනීමට ප්‍රමාණවත් නොවන බව the Association of Superannuation Funds of Australia (ASFA ) ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ.
බදු ගෙවන්නන් ලක්ෂ 3ක් යොදාගෙන සිදුකල මෙම පරීක්ෂණයේ ප්‍රතිපල මගින් අවුරුදු 25ත් 34ත් අතර Sydney නුවරවාසීන් කිසිවකුටවත් මෙසේ Superannuation අරමුදල හරහා නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය තැම්පතුව ලබා ගැනීමට නොහැකි බව පෙන්වා දී තිබේ.
Melbourne නුවර තත්වයද මීට බෙහෙවින් සමාන වී තිබේ. එහිදී එක තරුණ යුවලකට පමණක් නිවසක් මිලදීගැනීමට අවශ්‍ය සම්පූර්ණ මූලික තැම්පතුව Superannuation අරමුදලින් ලබා ගැනීමේ හැකියාව පවතී තිබිණි.
මෙය නිවාස අර්බුධය කෙරෙහි බලපාන්නේ කුමන ආකාරයකින්ද?
මෙහිදී අඩු ආදායම් ලබන ජනතාවට නිවාසක් ලබා ගැනීම තවත් අපහසු විය හැකි බව මෙම වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.අඩු ආදායම් ලබන්නන්ගේ Superannuation අරමුදලේ ඇති මුදල් ප්‍රමාණයද අඩු බැවින් එම මුදල නිවසක මූලික තැම්පතුව සඳහා ප්‍රමාණවත් නොවනු ඇති. ඒ වෙනුවට, මෙම යෝජනා ක්‍රමය ඉහළ ආදායම් ලබන්නන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමට වැඩි ඉඩක් ඇති බවත් ඔවුන්ට ඉහළ ණය අනුමත කර ගැනීමේ හැකියාවක් මෙමගින් ලැබෙන බවත් ASFA ආයතනය පවසා සිටී.
මේ හේතුවෙන් මෙම යෝජනාව මගින් නිවාස ප්‍රශ්නය විසඳෙනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව ASFA හි ප්‍රධාන විධායක Mary Delahunty පවසා සිටී. වයසින් වැඩි ඕස්ට්‍රේලියානුවන්ට සාපේක්ෂව බොහෝ තරුණ ඔස්ට්‍රෙලියානුවන්ගේ Superannuation අරමුදලේ විශාල මුදලක් නොමැති බව ඔහු වැඩි දුරටත් පවසා සිටී.
මෙමගින් රටතුල නිවාස මිලගණන් තවදුරතත් ඉහල යාහැකි බව ද ඔහු පවසා සිටී.
මෙහිදී රජයේ නිවාස ගැටලුව සම්බන්දයෙන් පවතින විවිද ප්‍රතිපත්ති වල ඇති පරස්පර විරෝදතා ඉවත් කර ඒ වෙනුවට සාමූහිකව මෙම ප්‍රශ්නය විසඳීමට කටයුතු කලයුතු බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.





