Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඕස්ට්‍රේලියානු ළමුන් ප්‍රමාණය ඉහල දැමීමේ යෝජනවාවක්. අරමුදල් සපයන්න රජයට නිර්දේශ.

Multi-ethnic group of Latin American college students smiling

students smiling at the university campus Credit: Hispanolistic/Getty Images

ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයින් වැඩිවශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුකිරීමේ වැඩපිළිවෙලක් යෝජනා වී තිබේ. මෙහිදී මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හරහා ඕස්ට්‍රේලියානු ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමයි.


ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයින් විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුකිරීම සඳහා මෙම නව යෝජනාක්‍රමය ඉදිරිපත් කර තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියානු සේවකයින්ගෙන් වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලබාදීම මෙහි අරමුණ වී ඇත.

වර්තමානයේ උසස් අධ්‍යාපනය ලබූ ප්‍රමාණය ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 60%ක් පමණ වේ.

මෙම නව යෝජනා ක්‍රමයෙන් මෙම ප්‍රමාණය 2050 දී 80% දක්වා ඉහල නැංවීමට සැලසුම් කර තිබේ. මෙම ඉලක්කයට යාම සඳහා වතමානයේ උසස් අධ්‍යාපනයට යොමුනොවන ප්‍රජාවන්ගේ ළමුන් මේ සඳහා යොමුකර ගැනීමට සිදු වේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල ජනතාව, ආර්ථික මට්ටම් වලින් පහලින් සිටින ජනතාව වගේම ආදිවාසික ජනතාවද මෙයට ඇතුලත් වේ.

The Australian Universities Accord යනු වසරක පමණ කාලයක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේස්ත්‍රය පිලිබඳ අධ්‍යයනය කල කමිටුවක්. මොවුන් ගේ අධ්‍යයන වාර්තාව පසුගියදා Sydney නුවරදී අධ්‍යාපන අමාත්‍ය Jason Clare විසින් එළිදක්වනු ලැබුවා

මෙහිදී ඔවුන් ප්‍රධාන වශයෙන් යෝජනා කර සිටියේ වෘත්තීය අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතර පවතින බාධා අවම කල යුතු බවයි. මේ අතර Job Broker වැනි ක්‍රම වේද හරහා තමන් අධ්‍යාපනය ලබූ ක්ෂේස්ත්‍ර වල රැකියා සොයා ගැනීමට සහය දියයුතු බවද යෝජනා වී තිබේ. මෙහිදී ප්‍රාදේශීය ප්‍රදේශ එනම් regional areas වල ශිෂ්‍යයින් සඳහා සහ ආදිවාසී සිසුන් සඳහා Commonwealth රජයේ සහයෝගය ලබා දීමට යෝජනා වී තිබේ.

සමහර ශිෂ්‍යයින්ට නිවාස කුලී ගෙවා ගත නොහැකි වීම නිසා තම මෝටර් රථයේ නිදාගැනීමට සිදුවී තිබෙනවා
Jason Clair - Education Minister

ගුරු පුහුණුව හා හෙද ක්ෂේශ්ත්‍රයේ සේවයේ නියුතු ශිෂ්‍යයින්ට අද්‍යාපනය අතරතුර වැටුප් රහිත සේවා පුහුණු ලබා ගැනීමට සිදු වේ. මෙය බොහෝ දෙනාට ආර්ථිකමය වශයෙන් දැඩි පීඩනයක් වී තිබේ. මෙහිදී ශිෂ්‍යයින් න්‍යායාත්මක දැනුම ලබා ගත්තද ප්‍රයෝගික දැනුම ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් වන බව වාර්තා වේ. මෙහිදී සමහර ශිෂ්‍යයින්ට නිවාස කුලී ගෙවා ගත නොහැකි වීම නිසා තම මෝටර් රථයේ නිදාගැනීමට සිදුවී තිබෙන බව Jason Clair පවසා සිටී.

ඕස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟය සහ රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් නිර්මාණය කිරීමට විසඳුම් ලෙස මෙම යෝජනා පමණක් ප්‍රමාණවත් නොවන බව RMIT විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරන Alec Cameron පවසා සිටී.

මෙහිදී ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් විශ්වවිද්‍යාල ක්ෂේශ්ත්‍රයෙන් සිදුකර තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. එහිදී ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීම මෙන්ම අනාගතය සඳහා අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමේ ගෞරවයද විශ්වවිද්‍යාල ක්ෂේශ්ත්‍රයට හිමිවන බව ඔහු පවසා සිටී.

මේ අතර මෙම යෝජනා 47 සම්භන්දයෙන් රජය මේවන විටත් අධ්‍යයනය කරමින් සිටී.

මෙය අනුමත උවහොත් මේ සඳහා වන යෝජිත අරමුදල සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවනු ඇති.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now