ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- අද දිනයේ ඔස්ට්‍රේලියාවේ දකුණු කලාපයට අධික උෂ්ණත්වයක් සහ Northern Territory යට අධික වර්ෂාපතනයක් ඇති වන බවට අනතුරු ඇඟවීම්.
- දකුණු ඔස්ට්‍රේලියාවේ Renmark කලාපයේ ගංවතුර උච්චතම අවස්ථාවට ළඟා වෙයි.
- අපවිත්‍රකාරක ද්‍රව්‍යයක් නිසා ජනප්‍රිය චීස් වර්ගයක් ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් රාක්කවලින් බැහැර කිරීමට පියවර.
- නිරිතදිග සිඩ්නි ප්‍රදේශයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරුට.
- ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිත පත්කිරීම බ්‍රහස්පතින්දා සිදු කෙරේ.
- ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධානවලින් කාන්තාවන් තහනම් කිරීමේ තලේබාන් තීරණය ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනිය හෙළා දකියි.
- ලබන වසර මුලදී රුසියාව සමඟ සාම සමුළුවක් පැවැත්වීමට යුක්රේනය සූදානම් වෙයි.
- වසරේ ඔස්ට්‍රේලියානු පිරිමි ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය ෂේන් වෝන්ගේ නමින් නම් කෙරේ.
Share






