ඕස්ට්‍රේලියානු මහබැංකුව සිදුකල පොලී අනුපාත කප්පාදුව ගැන සම්පූර්ණ විස්තරය මෙන්න

RBA RATE DECISION

Reserve Bank of Australia (RBA) Governor Michele Bullock speaks to media during a press conference in Sydney, Tuesday, February 18, 2025. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් බොහෝ කාලයක් සිට බලා සිටි සුභ ආරංචියක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කළා. 2022 මයි මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව තුල පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට ඕස්ට්‍රේලියානු මහබැංකුව අද දිනයේ කටයුතු කරනු ලැබුවා.


ඕස්ට්‍රේලියානු මහබැංකුව 4.35%ක පැවති පොලී අනුපාතය 4.1%ක් දක්වා අඩු කිරීමට අද දිනයේ කටයුතු කරනු ලැබුවා. මේ අනුව 0.25%ක පොලී අනුපාත කප්පාදුවක් සිදුවී තිබෙනවා. ඩොලර් 600,000 ක නිවාස ණයක් සහිත සාමාන්‍ය ණය හිමියකුට මෙම පොලී අනුපාත කප්පාදුව හරහා තම අවම මාසික වාරිකයෙන් $92 ක පමණ මුදලක් අඩුවනු ඇති බවට වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය තවදුරටත් අවිනිශ්චිත තත්වයක පැවතුනත් දීර්ඝ කාලීන උද්දමන අනුපාතයේ සාමාන්‍යය හොඳ මට්ටමක පැවතීම මෙම පොලී අනුපාත කප්පාදුව සඳහා ඉඩ සැලසූ බව ඕස්ට්‍රේලියානු මහා බැංකුව ප්‍රකාශ කර සිටිනවා.

මෙය බොහෝ දෙනා ඉතා උනන්දුවෙන් බලාසිටි අවස්තාවක් බව ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. මේ හරහා සියලුම ආර්ථික ප්‍රශ්න නොවිසඳූනත් මෙය ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ඕස්ට්‍රේලියානු ජනතාවට විශේෂ සහනයක් ලබාදෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
Rate Cuts NOW_EDITED.jpg
මේ සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු බැංකුවල ප්‍රතිචාරය කුමක්ද?

ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන බැංකු මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය තම පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කරන බවට ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මහබැංකුව නිලවශයෙන් පොලී අනුපාත කප්පාදුව ප්‍රකාශකර කෙටි වෙලාවක් ඇතුලත තම පාරිභෝගිකයින්ට ලබාදී ඇති විචල්‍ය ණය පොලී අනුපාතයන්ද 0.25%කින් කප්පාදු කරන බවට පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු බැංකු වල මෙම තීරණය සම්බන්දයෙ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාර්මර්ස්ද තම ප්‍රසාදය පළකර සිටියා.

කෙසේ උවත් අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීම්දී ඕස්ට්‍රේලියානු මහබැංකුව පොලී අනුපාත කප්පාදු කිරීමට ප්‍රමාද වූ බවත් වර්තමාන රජය යටතේ ඔස්ට්‍රෙලියානුවන්ගේ ජීවන තත්වය ඉතා පහල වැටී ඇති බවත් භාණ්ඩාගාරික කටයුතු පිලිබඳ විපක්ෂයේ ප්‍රකාශක ඇන්ගස් ටේලර් පවසා සිටිනවා.

පොලී අනුපාත ඉහල දැමීම සිදුවූ අවස්ථාවල දින 10ත් 14ත් ඇතුලත පාරිභෝගිකයින්ගේ පොලී අනුපාත ඉහල දැමීමට බැංකු කටයුතු කල අතර පොලී අනුපාත කප්පාදුවේ වාසියද එවැනි කාලයක් තුල තම පාරිභෝගිකයින්ට ලබාදීමට බැංකු කටයුතු කරනු ඇති බව Canstar වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ අධ්‍යක්ෂ සැලී ටින්ඩල් පවසා සිටිනවා

ඕස්ට්‍රේලියානු මහබැංකුව ප්‍රකාශ කල කාරනා මොනවාද?

ඉදිරියේදී නැවත උද්දමනය ඉහළයාමේ අවදානමක් පවතින බවද මෙම පොලී අනුපාත කප්පාදුව පිලිබඳ දැනුම් දෙමින් ඕස්ට්‍රේලියානු මහබැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මහ බැංකුව ඉදිරිපත් කල වාර්තාවට අනුව එවැනි අවදානමක් පැවතුනද මේ වනවිට උද්දමනය ඉතා හොඳින් පාලනය වෙමින් යන බවද සඳහන් කර තිබෙනවා. 2022 වසරේදී උද්දමනය ඉතා සීග්‍ර ලෙස ඉහල ගිය අතර පසුගිය දෙසැම්බර් කාර්තුවේදී උද්දමනයේ සාමාන්‍යය 3.2%ක දක්වා අඩුවී තිබුනා. මෙය ඕස්ට්‍රේලියානු මහබැංකුව අපේක්ෂා කල කාලයටත් වඩා වඩා ඉක්මනින් සිදුවී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඇමරිකානු ජනපති විසින් ගන්නා ඇතැම් තීරණ වැනි ගෝලීය දේශපාලනික කාරනා හේතුවෙන් ලෝක ආර්ථිකයට වන බලපෑම හරාහ උද්දමනය ඉදිරියේදී ඉහල යා හැකි බවද ඕස්ට්‍රේලියානු මහා බැංකුව සඳහන් කර තිබෙනවා. කෙසේ උවත් ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ ඉලක්ක ගත උද්දමන අනුපාතය වන 2%ත් 3%ත් අතර අගයක් දක්වා උද්දමන අනුපාතය පහල යනතෙක් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කරනු ඇති.

********************************************************************************





ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.





********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියානු මහබැංකුව සිදුකල පොලී අනුපාත කප්පාදුව ගැන සම්පූර්ණ විස්තරය මෙන්න | SBS Sinhala