2022 වසරේ පුද්ගලයින් 11000ක් යොදාගෙන සිදුකල පර්යේෂණයක දත්ත පෙන්වාදෙන පරිදි වියදම් අධික වීම හේතුවෙන් සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක අයෙක් වෛද්‍යවරයා නිර්දේශ කල බෙහෙත් මිලදී නොගෙන සිටීමට තීරණය කර තිබේ.
බෙහෙත් ද්‍රව්‍ය වල මිල ගණන් ඉහල යාම බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට බොහෝ විට දැනෙනවා ඇති. විශේෂයෙන්ම එම බෙහෙත් සඳහා රජයේ විශේෂ වට්ටම් නොමැතිනම් හෝ Medicare නොමැති අය නම් මෙම ගැටලුව හොඳින්ම දැනෙනවා ඇති. මේසඳහා එක විසදුමක් වන්නේ පුද්ගලිකව බෙහෙත් ද්‍රව්‍ය වෙනත් රටවලින් ආනයනය කිරීමයි. ඕස්ට්‍රේලියාව තුල සොයාගත නොහැකි බෙහෙත් ද්‍රව්‍ය ලබාගැනීම සඳහා බොහෝ පිරිස් මෙම ක්‍රමය භාවිතා තිබේ.
අවුරු 45 හෝ ඊට වැඩි ඕස්ට්‍රේලියානුවන් ගෙන් 1.8% පසුගිය මාස 12 තුල බෙහෙත් ආනයනය කර තිබෙන බව 2023 වසරේ සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ
මෙයින් පෙනී යන්නේ දහස් ගණන් ඕස්ට්‍රේලියානුවන් විදෙස් රටවලින් බෙහෙත් ආනයනයට යොමුවී ඇති බවයි. මීට අමතරව මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් හරි අඩක්ම කියා සිටියේ ඉදිරියීදී බෙහෙත් ආනයනයට යොමුවීමට අදහස් කරන බවයි.
personal importation scheme එක යටතේ යම්පුද්ගලයකුට මාස 3ක් සඳහා තමන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ආනයනයට ඔස්ට්‍රෙලියානු ඖෂධ පාලන අධිකාරිය විසින් අවසර දී තිබේ.මෙහිදී ඔස්ට්‍රේලියාව වෛද්‍ය නිර්දේශ අවශ්‍ය වන බෙහෙත් ආනයනය සඳහා ඔබට වෛද්‍ය නිර්දේශය ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වනවා. කෙසේඋවත් මේ ආකාරයට පුද්ගලික පාවිච්චිය සඳහා ආනයනය කරන බෙහෙත් විකිණීම නීතියෙන් තහනම් වේ.
සමහර මිල අදික බෙහෙත් ද්‍රව්‍ය සඳහා මේ ආකාරයට ආනයනය කිරීම ලාබදායී විය හැක. විශේෂයෙන්ම Pharmaceutical Benefits Scheme හරහා වට්ටම් නොලැබෙන බෙහෙත් ද්‍රව්‍ය සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් ක්‍රමයක් වේ. Medicare කාඩ් පතක් නොමැති ය සඳහාද මෙම ක්‍රමය ඉතා ලාබදායී ක්‍රමයක් වේ.
Pharmaceutical Benefits Scheme හරහා යම් බෙහෙත් ද්‍රව්‍යයන් ආවරණය නොවන අවස්ථා පවතී. උදාහරණයක් ලෙස එක ලියුකේමියා රෝගී කණ්ඩයක් සඳහා sorafenib අඩංගු බෙහෙත් වර්ගය සඳහා වට්ටම් හිමිවීමක් සිදු නොවේ. මෙහිදී එම බෙහෙට ආනයනය කළහොත් ඕස්ට්‍රේලියාවෙන් මිලදී ගන්නවාට වඩා දස ගුණයක් අඩුවෙන් එම බෙහෙත මිලදී ගතහැකි වේ.
බෙහෙත් ආනයනයේ පවතින අවධානම කෙබඳුද?
ඕස්ට්‍රේලියානු ඖෂධ පාලක අධිකාරිය විසින් මේ ආකාරයට ආනයනය කරන බෙහෙත් ද්‍රව්‍ය අනුමත කිරීමක් සිදු කරන්නේ නැ. මේ නිසා මෙම බෙහෙත් ඕස්ට්‍රේලියානු ඖෂධ පාලන තත්වයන්ට සරිලන ආකාරයෙන් නොපවතීමේ ඉඩක් තිබේ. තවද මේ ආකාරයට විදේශයන්ගෙන් ආනයනය කිරීමේදී ඔබ ගන්න බෙහෙත් වර්ගයේ ආදේශක හෝ ව්‍යාජ බෙහෙත් ඔබවෙත ලැබීමේ අවධානමක් පවතී.
මෙහිදී සෑම බෙහෙත් ද්‍රව්‍යයක්ම ආනයනයට ඕස්ට්‍රේලියානු නීතියෙන් ඉඩ නොලැබේ. යම් යම් බෙහෙත් වර්ග ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් අතර සමහර බෙහෙත් ද්‍රව්‍ය ආනයනය සඳහා වෛද්‍ය වරයෙකු සම්බන්දවීම අත්‍යවශ්‍ය වේ. මෙසේ තහනම් බෙහෙත් ද්‍රව්‍ය ආනයනය සිදුකළහොත් ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් ඒවා රාජසන්තක කරනු ඇත. ඊට අමතරව ඔබට දඩ මුදලක් නියම වීම හෝ ඔබව සිරගත කිරීමට උවද ලක්වීමේ ඉඩකඩ පවතී.
මේ ආකාරයට බෙහෙත් ආනයනයට පෙර ඔබේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියෙක් හරහා මේ සම්බදයෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. වඩා සහනදායී මිලට බෙහෙත් ඔස්ට්‍රේලියාව තුලින් ලබාගත් ඇහැකි ආකාරය ඔවුන් ඔබට පැහැදිලි කර දෙනු ඇති. එසේ නොහැකි අවස්තාවලදී ඔබ බෙහෙත් ආනයනයට තීරණය කළහොත් වඩා විශ්වාස දායී වෙබ් අඩවි හෝ ආයතන මගින් මෙලෙස ආනයන සිදු කල යුතු වේ.
මේ ආකාරයේ වෙබ් අඩවි කිහිපයක් පහත දැක් වේ.
- Everyone.org - මෙය ලොව පුරා සිටින රෝගීන්ට තම රටේ ලබා ගත නොහැකි බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීමට උපකාර කරන වෙබ් අඩවියකි.
- Aliance for Safe Online Pharmacy යනු ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂිත ඔන්ලයින් ඔසුසැල් සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සම්පාදනය කරන ලාභ නොලබන සංවිධානයකි.
- ඕස්ට්‍රේලියානු ඖෂධ පාලන අධිකාරියේ වෙබ් අඩවිය ද බෙහෙත් ද්‍රව්‍ය ආනයනය පිළිබද තොරතුරු ලබා දීම සිදු කෙරේ.





