මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අයදුම්පත් දැන් විවෘතයි

Teacher Reading to Daycare Children stock photo

A female Asian teacher sits on the floor with a book open on her lap. Her multi-ethnic daycare children huddle around her and lean in close to see the pictures. Some are seated on either side of her and others are standing over-top looking down. They are each dressed casually and smiling. Credit: FatCamera/Getty Images

මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රය හෙවත් 'Early childhood education and care' අංශයේ සේවා සපයන්නන් හට සිය කාර්යමණ්ඩල පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට නැවත වරක් අයදුම් කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. මෙම අයදුම් වටය පිළිබඳ තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


සුදුසුකම් ලත් කාර්ය මණ්ඩල සාමාජිකයන් හට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පුහුණුව ලබා ගැනීමට Professional Development Subsidy ප්‍රතිලාභය උපකාරී වනවා. ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු වන සේවකයන් වෙත වැටුප් සහිත නිවාඩු ලබා දීමට Paid Practicum Subsidy ප්‍රතිලාභය විසින් සේවා සපයන්නන් හට අවස්ථාව හිමි කර දෙනවා.

මෙම වැඩසටහන් ද්විත්වය 2023 සිට 2027 දක්වා ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියානු රජයේ ඩොලර් මිලියන 72.4 ක සැලැස්මට ඇතුළත් වනවා. උසස් තත්ත්වයේ රැකවරණයක් සපයන කුසලතා පූර්ණ ශ්‍රම බලකායක් මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිර්මාණය කිරීම මෙම ප්‍රතිලාභවල අරමුණයි.

Professional Development Subsidy ප්‍රතිලාභය විසින් 2023-24 කාලයේ දී මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රයේ 23500කට වඩා පිරිසකට ඩොලර් මිලියන 12.56ක ප්‍රතිපාදන ලබා දෙමින් උපකාර වී තිබෙනවා. එය 2024-25 කාලසීමාවේ දී ඩොලර් මිලියන 17.18 දක්වා ඉහළ දමා ඇති අතර ඒ මගින් 60,100කට වඩා වැඩි පිරිසකට උපකාර කර තිබෙනවා.

Paid Practicum Subsidy ප්‍රතිලාභය විසින් 2023-24 කාල සීමාවේ දී 750කට ආසන්න පිරිසකට, ඩොලර් මිලියන 3.21ක් ආයෝජනය කරමින් උපකාර කර තිබෙනවා. එය 2024–25 කාල සීමා වේ දී ඩොලර් මිලියන 12.53ක් දක්වා ඉහළ දමා ඇත්තේ 2100කට ආසන්න පිරිසකට එහි ප්‍රතිලාභ අත් කර දෙමින්.

මෙම ප්‍රතිලාභ ද්විත්වයට අමතරව, Practicum Exchange Network ජාලය හරහා ග්‍රාමීය හෝ දුරස්ථ ප්‍රදේශයක ප්‍රායෝගික පුහුණුවක් සම්පූර්ණ කළ අධ්‍යාපනඥයන් 100 දෙනෙක් දක්වා පිරිසකට නව ජීවන සහ ගමන් දීමනාවක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

Practicum Exchange Network ජාලය යනු මුල් ළමා විය අධ්‍යාපන සේවා සපයන්නන් සහ මේ වන විට පුහුණුව ලබන අධ්‍යාපනඥයන් සම්බන්ධ කරන විශේෂ වෙබ් අඩවියක් වනවා. prac.education.gov.au යන ලිපිනය ඔස්සේ එම වෙබ් අඩවියට පිවිසීමට පුළුවන්.

මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ අමාත්‍ය, සෙනෙට් සභික, ගරු ආචාර්ය ජෙස් වොල්ෂ් කියා සිටියේ ගුණාත්මකබව සහ අධ්‍යාපන සේවාවලට පහසුවෙන් ප්‍රවේශ වීම තහවුරු කිරීම වෙනුවෙන් මුල් ළමා විය ඉගෙනුම් සිදු කරන කුසලතා පූර්ණ කාර්යමණ්ඩල සේවකයන්ට සහාය දැක්වීමට ඇයට අවශ්‍ය බවයි.

මෙම ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමට ඇති අවසාන දිනය 2025 සැප්තැම්බර් 19වන දා ලෙස ඕස්ට්‍රේලියානු රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය සඳහන් කරනවා.

මෙම පොඩ්කාස්ට් විශේෂාංගය education.gov.au වෙබ් අඩවියේ පළ වූ ලිපියක් අනුසාරයෙන් නිර්මාණය කර ඇත.

Source: Department of Education

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now