Key Points
- ව්‍යාපාරික සාද සඳහා ආචාර විධි නීති යම් දුරකට දැඩි වන නමුත් සාමාන්‍ය සද වලදීත් සත්කාරකත්වය දරන්නන් හට සහ අමුත්තන්ට සංස්කෘතික අපේක්ෂා පවතී
- ඕස්ට්‍රේලියාවේ, යමෙකුගේ නිවසට යන විට කුඩා තෑග්ගක් ගෙන ඒම සිරිතකි, එය වියදමකට වඩා සාදයේ සත්කාරකත්වය දරන්නා පිලිබඳ සිතන බවට සිදු කරන අවධාරණයකි.
- තරුණ අමුත්තන්ට තෑගි පිරිනැමීමේ පුරුද්ද ඇතුළුව ළමා සාද සංස්කෘතික අපේක්ෂාවන් සමූහයකට අනුගත වේ.
ඔස්ට්‍රේලියානුවන්ගේ වඩාත් පොදු සැමරුම් සහ සාද සඳහා ළමා උපන් දින, නිවසේ පවත්වන උත්සව සහ රාත්‍රී භෝජන සංග්‍රහයන් ඇතුලත් වේ.
එමෙන්ම නිවසේ සාදයක් සංවිධානය කිරීම බොහෝ විට නිවැරදි දිනයක් මූලික කරගනිමින් ඕස්ට්‍රේලියානුවන් සිදු කරයි.
‘barbie’ ලෙස හැඳින්වෙන, ඕස්ට්‍රේලියානුවන් පවත්වන සාද සාමාන්‍යයෙන් රජයේ නිවාඩු දිනයක හෝ සති අන්තයේ සිදු කරයි.

Australian School of Etiquette හි අධ්‍යක්ෂ Zarife Hardy පවසන්නේ, බාබකියු දැමීම වර්තමානයේ විනෝදාස්වාදය සඳහා වන "අංක එකේ තේරීම" වන බවයි.
එය 80 සහ 90 දශකවල රට තුළ පැවති විධිමත් රාත්‍රී භෝජන සංග්‍රහයන් ප්‍රතිස්ථාපනය කර තිබේ.
එවකට පැවති විධිමත් රාත්‍රී භෝජන සංග්‍රහ වලදී බාබකියු එකක් දැමීම සිදු කරන අතර ඒ සඳහා පිරිසක් සම්බන්ධ වේ.
කෙසේ වෙතත්, Business parties හෙවත් ව්‍යාපාරික ප්‍රජාව පවත්වන සාද සඳහා මෙම තත්වය වෙනස් වේ.
එය සාමාන්‍ය සාදයක් නොවන අතර ඒ සඳහා සුදුසු ඇඳුම් ඇඳීම සහ මත්පැන් පරිභෝජනය පිළිබඳව අවධානය යොමු කිරීම සිදු කරන බව Zarife පවසයි.
මෙවැනි උත්සව පුරා වෘත්තීයභාවයට ගෞරවාන්විත වන පරිදි සංවාද සිදු වන අතර සගයන් සහ ඔබේ ප්‍රධානියා පිළිබඳව නරක දේ කතා කිරීම සිදු නොකරයි.
නිවසේ සිදු කරන සාද ගත් විට ඒවා සාමාන්‍ය සාද වුවත් ආචාර විධි සත්කාරකත්වය දරන්නාට සහ අමුත්තන්ට වැදගත් වේ.
ප්‍රධාන වශයෙන්, ඔබ ආරාධනා කරන්නේ කාටද යන්න තීරණය කළ යුතු අතර හොඳින් මිශ්‍ර වන පුද්ගලයින් කණ්ඩායමක් තෝරා ගැනීම වැදගත් වන බව Zarife පවසයි.
ආරාධනා කරන සෑම පුද්ගලයෙකුටම සුවපහසු හැඟීමක් ඇති බව සහතික කිරීම සඳහා සත්කාරකතත්වයට නිසි ලෙස සුදානම් වීම ද ප්‍රධාන වේ.
ඔබේ අමුත්තන් පැමිණෙන විට, ඔබට ඔවුන් වෙනුවෙන් කාලය කැප කළ හැකි බවට වග බලා ගන්නා ලෙසත්, එවිට ඔබ පිළියෙළ කිරීම් කටයුතු වලට සිරවී නොසිටින බවට වගබලාගන්නා ලෙසත් Zarife තවදුරටත් කියා සිටී.
අමුත්තන් වශයෙන් ඔබ වෙනත් අයකුගේ නිවසකට යාම සිදු කිරීම හේතුවෙන් හිස් අතින් යාම සිදු නොකළ යුතු වේ.
Overseas Students Australia හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Sam Sharma පවසන්නේ, සාදයේ සත්කාරකත්වය දරන්නා තමාට නිවසට ආරාධනා කරන විට වයින් බෝතලයක්, කෙටි ආහාරයක් හෝ රසකැවිලි වැනි කුඩා තෑග්ගක් ගෙන යාම ආචාරශීලී ලෙස සලකන බවයි.
ඔවුන්ගේ සාද සංවිධාන කටයුතු වලට උදව් කිරීමට අවශ්‍ය නම්, ඔවුනට අවශ්‍ය දේ සම්බන්ධයෙන් විමසීමද යහපත් වන අතර ඔවුනට අවශ්‍ය දෙයක් රැගෙන යාම ඔවුනට පහසුවක් වේ.

ප්‍රමාද නොවී සාදයට සහභාගී වීමද සාමාන්‍යයෙන් ආචාරශීලී මෙන්ම ප්‍රායෝගික කරුණකි.
ඕස්ට්‍රේලියාවේදී, නියමිත වේලාවට සාදයට පැමිණීම ඉතා වැදගත් වේ. සාදය පවත්වන්නා හට උදව් කිරීම අතිරේක දෙයක් වන අතර කෙසේ නමුත් එසේ කිරීම යහපත් වේ.
ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස Sam වසර 17 කට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි අතර ඕස්ට්‍රේලියාව තුල සාද පවත්වන ක්‍රමයට සම්බන්ධ කෙටි යෙදුම් කෙරෙහි ඔහු අවධානයක් යොමු කොට තිබේ.
මෙහිදී,
- Bubbles = sparkling wine
- BYO = ඔබ පානයකරන දේ රැගෙන එන්න
- snag = sausage
- bring a plate = අමුත්තන්ට බෙදා ගැනීමට ආහාර ගෙන එන ලෙස ආරාධනා කිරීම
වැනි කෙටි යෙදුම් භාවිත කරයි.
ඔබට ආහාර අසාත්මිකතා හෝ ආහාර අවශ්‍යතා තිබේ නම්, ඔබේ අවශ්‍යතා ආවරණය වන පරිදි කෑමක් ගෙන ඒමට කලින් උපදෙස් දීම වඩාත් හොඳ බවත් Sam පවසයි.
එමෙන්ම Sam කියා සිටින්නේ තම නිර්මාංශිකයෙකු වන අතර සාද වලට සහභාගී වීමේදී තමන් එවැනි අහාර රැගෙන යන බවයි.

ළමුන් සඳහා පවත්වන සාද
සාමාන්‍යයෙන්, ළමා සාදවල ආහාර සැකසීම් කළමනාකරණය කිරීම සඳහා, සත්කාරකත්වය දරන පුද්ගලයින් සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.
මෙල්බර්න් හි දෙදරු මවක් වන Sonja Herzberg මේ සම්බන්ධයෙන් පවසන්නේ දරුවන්ට සහ වැඩිහිටියන්ට ආහාර සැපයීම ඔබෙන් බලාපොරොත්තු වන අතර සෑම දෙයක්ම ආවරණය වන පරිදි අහාර වෙලා සැපයීමට වගබලාගන්නා ලෙසයි.
උදාහරණයක් වශයෙන්, sparkling wine සාදයකදී ලබාදුන්නත්, ගැබිනි කාන්තාවකට වයින් බීමට නොහැකි නිසා ඔවුන්ට වෙනත් බීම පිළියෙළ කිරීම සිදු කල යුතු බව Sonja පවසයි.

ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් සහතික කිරීම වැදගත් වන අතර, සත්කාරකත්වය දරන මාපියන්ට මේ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු නොවේ.
අයවැය-හිතකාමී ළමා සාදයක් සඳහා දෙමාපියන්ට කල හැකි දේ ඕස්ට්‍රේලියාවේ තිබෙන බව Sonja කියා සිටී.
මෙහිදී Fairy bread ලබාදීමේ සිට catering හෙවත් ආහාර සැපයීම කුලී පදනමට සිදු කරන වෙනත් පිරිසකට ලබා දීම දක්වා යා හැක.
Fairy bread යනු ඕස්ට්‍රේලියානු සම්ප්‍රදායකි.මෙහිදී බටර් තැවරු පාන් වලට sprinkles දමා ඒවා දියමන්ති හැඩයට කැපීම සිදු කරයි.
එසේ නොමැතිනම් Party pies ද පිළියෙළ කල හැකි බව Sonja පවසයි.
අමුත්තන් ලෙස පැමිණෙන දරුවන්ට ඔවුන් සමඟ නිවසට ගෙන යා හැකි කුඩා ත්‍යාග සහිත ‘party bags’ පිළියෙළ කිරීම සත්කාරකත්වය දරන මාපියන්ට සිදු කල හැකි සාමාන්‍ය දෙයකි.

මෙහිදී එම තෑගි වල මිල නොව, එය සිහිවටනයක් හා සමාන වීම වටිනා බවත් Sonja පවසයි.
තම 05 හැවිරිදි පුතා වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත්වීමට සුදානම් වන Sonja කියා සිටින්නේ කුඩා ප්‍රමාණයේ magnifying glasses හෙවත් විශාලන කණ්නාඩි, වර්ණවත් පැන්සල්, හිස් කාඩ්පත් සහ මුහුණේ ඇලවීමට stickers මිලදී ගත් බවයි.
මේවා කුඩා ළමුන්ට ගෙදරට රැගෙන යා ඇහැකි අතර ඔවුනට උපන්දින සාදය මතක සිටින බව Sonja පවසයි.
එමෙන්ම ඇය කියා සිටින්නේ, දරුවෙකු සමරන්නේ ඔවුන්ට ලැබෙන දේ නොව, උපන්දිනය තම මිතුරන් සමඟ කැමතිම දේ කරමින් විනෝද වීමට ලැබීම වන බවයි.





