අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- පළුදු වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ශක්තිමත් කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු අගමැති ලබන සතියේ ප්‍රංශයේ සංචාරයක.
- නීති විරෝධී වැඩ වර්ජනවලට සහභාගී වන පුද්ගලයින්ට හැකි උපරිම දඩ මුදල් පනවන බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්.
- ශ්‍රී ලංකාවට තවදුරටත් මුල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉන්දීය විදේශ ලේකම් ජනපති ගෝඨාභය හමුවෙයි.
- යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය සඳහා අපේක්ෂක තත්ත්වය ලබා දීමට යුරෝපා සංගමය ඡන්දය ප්‍රකාශ කරයි.
- ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 5 වන හෙවත් අවසන් එක් දින ජාත්‍යනතර තරගය අදයි.