Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාව පසුගිය කාලය පුරාවටම උණුසුම් වෙමින් පවතී. ඉදිරියේ දීත් Heatwaves ඇතිවීමේ වැඩි ඉඩක්.

Silhouette of a woman drinking form a cold water bottle.

Silhouette of a woman drinking form a cold water bottle. She is exercising at sunset or sunrise. City of Sydney in the background. Copy space. Credit: courtneyk/Getty Images

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය ඕස්ට්‍රේලියානු සරත් සෘතුවේ කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී සාමාන්‍ය උෂ්ණත්වයට වඩා උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු වනබව වාර්තා වේ. සාමාන්‍යයෙන් පවතින තත්වයට වඩා උණුසුම් දිවා කාලයන් මෙන්ම රාත්‍රී කාලයන් ගතකිරීමටද සිදුවියහැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පල කරයි.


ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වලින් සාමාන්‍යයෙන් ඉහල උණුසුම් තත්ත්වයන් බලාපොරොත්තු වීම පුදුමයක් නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ දේශගුණ විද්‍යාඥ ආචාර්ය ඇන්ඩෲ කිං පවසා සිටී.

මෙහිදී මෙම අනාවැකි පල කිරීම සඳහා මෑත කාලීන කාලගුණය පිලිබඳ දත්ත යොදාගෙන තිබෙන බැවින් මෙය අපේක්ෂා කල හැකි තත්වයක් බව ඔහු වැඩි දුරටත් පවසා සිටී.

ඕස්ට්‍රේලියාව පසුගිය කාලය පුරාවටම උණුසුම් වෙමින් පවතින නිසා, ඉදිරියේ දී සාමාන්‍ය තත්වයන්ට වඩා උණුසුම් කාලගුණයක් අපේක්ෂා කලයුතුයි
Dr. Andrew King

අපි අපේ හරිතාගාර වායු විමෝචනය හරහා පෘතුවිය උණුසුම් කර තිබෙන නිසාත්, ඕස්ට්‍රේලියාව පසුගිය කාලය පුරාවටම උණුසුම් වෙමින් පවතින නිසාත්, ඉදිරියේ දී සාමාන්‍ය තත්වයන්ට වඩා උණුසුම් කාලගුණයක් අපේක්ෂා කලයුතු බව ආචාර්ය Andrew King පවසයි.

මෙහිදී අසාමාන්‍ය තත්වයක් ලෙස හඳුන්වන්නේ ඕස්ට්‍රේලියාවේ කුමන හෝ ප්‍රදේශයක වාර්තා වී ඇති උෂ්නත්වයන්ගේ ඉහලම සහ අවම සියයට 10 ට අයත්වන උෂ්නත්වයන් බව දේශගුණ විද්‍යාඥයෙක් සහ Australiya National University හි මහාචාර්ය Janette Lindesay පැහැදිලි කර දී තිබේ. මෑත කාලයේදී ඔස්ට්‍රේලියාව ග්‍රීස්ම කාලයේ අත්දකින උෂ්ණත්වයන් මාර්තු හෝ අප්‍රේල් මාසවලද ඇත දැක තිබෙන බව ඇය පවසා සිටී. මෙයට ප්‍රදාන හේතුව ලෙස ගෝලීය උෂ්ණත්වයේ ඉහල යාම හේතුවී ඇත.

මාර්තු සිට මැයි දක්වා කාලගුණ අනාවැකි පෙන්වා දෙන ආකාරයට උතුරු ක්වීන්ස්ලන්තය ඇතුළු උතුරේ පළාතේ ප්‍රදේශ සඳහා සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. මෙසේ අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන කාල වකවානුව සාමාන්‍යයෙන් අධික වැසි සහිත කාලයක් බව කාලගුණ විද්‍යා කාර්යාංශයේ senior hydrologist ලෙස කටයුතු කරන ආචාර්ය Masoud Edraki පවසා සිටී. කෙසේ උවත් අනෙකුත් ප්‍රදේශ වල සාමාන්‍ය තත්වයට වඩා වෙනස් වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බව ඇය පවසා තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාව El Niño අවස්තාවක් ප්‍රකාශයට පත් කර තිබේ. El Niño අවස්තාවක් යනු සාමාන්‍ය අපේක්ෂිත තත්වයට වඩා උණුසුම් කාලගුණ තත්වයන් අපේක්ෂා කරන කාල වකවානුවක්. මෙහිදී වසන්ත සාමය එනම් Spring season එකේදී මෙම තත්වය අපේක්ෂා කලද මෙය ග්‍රීස්ම කාලය අවසාන වනවිට පහවී යාම සිදුවේ . කෙසේ උවත් මෙම තත්වය සරත් ඍතුව වන තෙක්ම පවතිනු ඇති බවට විශ්වාස කරයි.

මෙහිදී El Nino අවස්ථාව නිසා වාතයේ සිදුවන උණුසුම් වී මේ බලපෑම සාමාන්‍යයෙන් ඊළඟ වසරේ අත්දැකීමට ලැබෙන බව ආචාර්ය Andrew King පවසා සිටිනවා. මෙනිසා 2023 වසරේ මද භාගයේදී ඇති උන වාතයේ උණුසුම් වීම මේ වසරේදීත් තවමත් අත්විඳින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අවධානම් කාලගුණය තත්වයන් ඇතිවීමේ අවස්තාවන් කෙබඳුද ?

ඉදිරියේදී අපේක්ෂා කරන වියලි සහ උෂ්ණාධික කාලගුණික තත්වයන් සලකා බලන විට අවධානම් කාලගුණික තත්වයන් ඇතිවීමේ හැකියාව අඩු බව මහාචාර්ය Lindsey පවසා සිටී. කෙසේ උවත් කුනාටු තත්වයන් ඇති උවහොත් පවතින උණුසුම් කාලගුණය නිසා එය ඉතා දරුණු තත්වයකට පත්වියහැකි බව ඇය වැඩිදුරටත් පවසනවා.

මේ අතර Andrew King පවසන්නේ තාප තරංග එනම් heatwaves ඇති වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බවයි. මේවන විට ගිම්හාන කාලයේ අවසානයේ සිටියත් තවමත් Heatwaves දකින්නට ලැබෙන බවත් මේ නිසා මින්පසු එළඹෙන Autumn එනම් සරත් කාලේදීත් මෙවැනි දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළහැකි බව ඔහු පවසා සිටී. මේ අතර මෙය නව ප්‍රවනතාවක් දක්වා වර්දනය වී ඇති බව Andrew King විශ්වාස කරයි. අනාගතයීදීත් ශීත කාලගුණයේ යම් වෙනස්කම් සිදුවී උණුසුම් කාලගුණ තත්වයන් බොහෝවිට අත්විඳීමට ලැබෙනු ඇතිබව ඔහු පවසා සිටී.

2023 අප්‍රේල්/මැයි සිට සෑම මාසයකම ගෝලීය වශයෙන් මුහුදු මතුපිට උෂ්ණත්වයේ මාසික සාමාන්‍ය 1979 සිට වාර්තාගත ඉහළම අගය වාර්තා කර තිබෙන බව මහාචාර්ය Lindsey පවසයි.මේ අතර පසුගිය වසරේ ජුනි මාසයේ සිට ගෝලීය වශයෙන් වාර්තා වන වාතයේ උෂ්ණත්වය, ඉතිහාසයේ වාර්තා වන ඉහලම අගය වාර්තා කර ඇත. 2023 ගෝලීය වශයෙන් වාර්තා වූ උණුසුම්ම වසර ලෙස වාර්තා විය. මෙහිදී උෂ්නාදික ගිම්හාන කාලය තවදුරටත් දුගුවී සරත් කාලය එනම් Autumn එකද යම් උණුසුම් කාලගුණ තත්වයක් පෙන්නුම් කරනු ඇති බවට අපේක්ෂා කරයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now