අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත සැකසීමේ බලය ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු මණ්ඩලයෙන් ඉවත් කිරීමට මධ්‍යම රජය සූදානම් වෙයි.
- සරණාගතයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සිය නැවත පදිංචි කිරීමේ වැඩසටහන් පුළුල් කරන බවට ඔස්ට්‍රේලියානු අගමැති සහතික වෙයි.
- ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම සිදුකළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගෙන් ගැසට් නිවේදනයක්.
- බටහිර යුරෝපයේ වැඩිම උද්ධමන අනුපාතයක් ඇති රාජ්‍යය බවට එක්සත් රාජධානිය පත්වෙයි.
- ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සහ අළු බඳුන තරගාවලියේ පළමු තරග ද්විත්වය සඳහා ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක්.