ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 20 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත සැකසීමේ බලය ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු මණ්ඩලයෙන් ඉවත් කිරීමට මධ්‍යම රජය සූදානම් වෙයි.
- සරණාගතයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සිය නැවත පදිංචි කිරීමේ වැඩසටහන් පුළුල් කරන බවට ඔස්ට්‍රේලියානු අගමැති සහතික වෙයි.
- ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීම සිදුකළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගෙන් ගැසට් නිවේදනයක්.
- බටහිර යුරෝපයේ වැඩිම උද්ධමන අනුපාතයක් ඇති රාජ්‍යය බවට එක්සත් රාජධානිය පත්වෙයි.
- ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සහ අළු බඳුන තරගාවලියේ පළමු තරග ද්විත්වය සඳහා ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක්.
Share






